March 6, 2026
අතිවිශිෂ්ට ජීවන රටාවක සැමරුමක් සමඟින් LANKATILES ආයතනය ‘Architect 2026’ ප්‍රදර්ශනය වර්ණවත් කරයි
පුවත්

අතිවිශිෂ්ට ජීවන රටාවක සැමරුමක් සමඟින් LANKATILES ආයතනය ‘Architect 2026’ ප්‍රදර්ශනය වර්ණවත් කරයි

Mar 5, 2026

අභිමානවත් ‘Architect 2026’ ප්‍රදර්ශනයේදී, සමකාලීන නිර්මාණකරණයේ නව්‍ය අත්දැකීමක් එක්කරන ‘Concept Studio’ (සංකල්පීය මැදිරියක්) ඉදිරිපත් කිරීමට LANKATILES කටයුතු කළේය. මෙහි සෑම අංගයක්ම විශිෂ්ට ශිල්පීය හැකියාව සහ වාස්තු විද්‍යාත්මක දැක්ම මනාව විදහා දක්වයි.

ප්‍රදර්ශනයට සහභාගී වූ සුවිශේෂී ආයතන රැසක් අතරින්, LANKATILES Concept Studio කුටිය, Architect 2026 ප්‍රදර්ශනයේ ප්‍රධානතම සම්මාන දෙකකින් පිදුම් ලැබීය. එනම් ‘සමස්ත හොඳම වෙළඳ කුටිය’ (Overall Best Stall) සහ ‘දේශීය නිෂ්පාදන ප්‍රදර්ශනය කළ හොඳම වෙළඳ කුටිය’ (Best Trade Stall Displaying Local Products) ලෙසයි. මෙය දශක පහක කාලයක් පුරා LANKATILES දිනාගත් විශ්වාසය, ගුණාත්මකභාවය සහ නවෝත්පාදනයේ විශිෂ්ටත්වය සනාථ කරන්නකි.

පාරිභෝගිකයින්ට නවතම නිර්මාණ අත්විඳිය හැකි පරිදි මෙම Concept Studio පරිශ්‍රය ඉතා සැලසුම් සහගතව කලාප කිහිපයකට බෙදා තිබුණි:

  • ජීවන පරිශ්‍රය (Living Zone) – කල්පැවැත්ම සහ විශිෂ්ට සැලසුම්කරණය මුසු වූ පුළුල් ටයිල් මතුපිට, එදිනෙදා ජීවිතයට සුඛෝපභෝගී බවක් එක් කරයි.
  • මුළුතැන්ගෙය ආශ්‍රිත පරිශ්‍රය (Kitchen Ambience Zone) – නවීන මුළුතැන්ගෙයක තිබිය යුතු කාර්යක්ෂමතාව සහ උසස් නිමාව මෙහිදී මනාව දැකගත හැකිය.
  • නිදන කාමර පරිශ්‍රය (Bedroom Zone) – නිදහස සහ සුවපහසුව අගය කරන අයට ගැලපෙන ලෙස, මෘදු වර්ණ හා සන්සුන් නිමාවන්ගෙන් යුතුව මෙය නිර්මාණය කර ඇත.
  • නානකාමර පරිශ්‍රය (Bathware Zone) – පිරිසිදු බව සහ උසස් ක්‍රියාකාරීත්වය විදහා දක්වන, ඉතා සියුම් ලෙස නිම කළ පෝසිලේන් මතුපිටින් සමන්විත ප්‍රදේශයකි.
  • පිහිනුම් තටාකය ආශ්‍රිත පරිශ්‍රය (Poolside Zone) – ඕනෑම කාලගුණයකට ඔරොත්තු දෙන ශක්තිමත් සහ ආකර්ෂණීය ටයිල් යොදාගනිමින් නිම කළ නවීන එළිමහන් පරිශ්‍රයකි.

නවතම Mosaic නිර්මාණ සහ විශාල ප්‍රමාණයේ ටයිල් මාලාවක් වන Majestica හරහා, අමුද්‍රව්‍ය වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් බවට පත් කරන්නේ කෙසේදැයි මෙම සෑම කලාපයකින්ම නිරූපණය විය.

මෙම Concept Studio හි තවත් සුවිශේෂී අංගයක් වූයේ AI (කෘතිම බුද්ධිය) තාක්ෂණයෙන් ක්‍රියා කරන ‘Tile Visualizer’ ඩිජිටල් අතුරුමුහුණතයි. වාස්තු විද්‍යාඥයින්ට සහ නිවාස හිමියන්ට තම අභ්‍යන්තර සැකසුම් (interiors) තෝරා ගැනීමට මෙය නව්‍ය අත්දැකීමක් ලබා දෙයි. මිනිත්තු කිහිපයක් ඇතුළත, පරිශීලකයින්ට තමන් කැමති ස්ථානයක ඡායාරූපයක් උඩුගත කර, එයට වඩාත් ගැලපෙන ටයිල් රටා සහ වර්ණ පරීක්ෂා කර බැලිය හැකිය. යම් හෙයකින් ඡායාරූපයක් නොමැති නම්, එහි ඇති විචිත්‍රවත් අභ්‍යන්තර සැලසුම් තෝරාගෙන තමන්ට අවශ්‍ය පරිදි ඒවා වෙනස් කර ගැනීමට ද අවස්ථාව ලැබේ.

LANKATILES විසින් ඉදිරිපත් කළ මෙම ප්‍රදර්ශන කුටිය, එහි ඇති උසස් නිමාව සහ සැලසුම් සහගත බව හේතුවෙන් බොහෝ දෙනාගේ පැසසුමට ලක්විය. දේශීය සන්නාමයකට ලෝක මට්ටමේ ප්‍රමිතීන් සහ නවීන අලංකාරය ඉතා විශ්වසනීය ලෙස ලබා දිය හැකි බව මෙහිදී මනාව සනාථ විය.

වසර පනහක විශිෂ්ට ඉතිහාසයක් ඇති LANKATILES, සෙරමික් සහ පෝසිලේන් කර්මාන්තයේ නව මංසලකුණු සනිටුහන් කරයි. LANKATILES සමූහය යටතේ ක්‍රියාත්මක වන මෙම සන්නාමය, දේශීය ආර්ථිකයට සවියක් වෙමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන ලොවට දායාද කිරීමට නිරන්තරයෙන් කැපවී සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close