March 3, 2026
Exterminators PLC නවතම මැසි මදුරු නාශක උපකරණයක් හඳුන්වාදෙයි
පුවත්

Exterminators PLC නවතම මැසි මදුරු නාශක උපකරණයක් හඳුන්වාදෙයි

Mar 3, 2026

ආසියාවේ ප්‍රථම වරට කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කළ පලිබෝධ පාලන හා පරිසර සංවර්ධන සමාගම වන Exterminators PLC, Sentario UK Limited සමඟ එක් වී Insect-O-Cutor Nomad නමැති නැවත ආරෝපණය කළ හැකි, UV LED, මැස්සන්, මදුරුවන් හා පියාඹන කීටයන් නාශක උපකරණයක් ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දී ඇත. මෙම උපකරණය නිර්මාණය කර ඇත්තේ බාහිර මෙන්ම ගෘහස්ථ භාවිතය සඳහාද සුදුසු ලෙසය. මෙය සංචාරකයන්ට හා කඳවුරු සඳහාද ඉතා යෝග්‍ය වේ. එමෙන්ම මෙය ලූමෙන් 200 දක්වා වෙනස් කළ හැකි දීප්තිමත් එල්ලෙන ලාම්පුවක් ලෙසද භාවිත කළ හැකිය. USB ආරෝපණ හැකියාව සහ ආරෝපණ කේබලය සමඟ පැමිණෙන මෙය එක් වරක් ආරෝපණය කළ පසු පැය 18ක් අඛණ්ඩව ක්‍රියා කරයි. ද්විත්ව හරිත හා නිල් UV LED තාක්ෂණය මැස්සන්, මදුරුවන් හා අනෙකුත් පියාඹන කීටයන් කාර්යක්ෂමව ආකර්ෂණය කරයි.

පරීක්ෂණ අනුව අනෙකුත් තරගකාරී නිෂ්පාදන සමඟ සසඳන විට වැඩි ප්‍රමාණයක මැස්සන් හා මදුරුවන් අල්ලා ගැනීමේ හැකියාව මෙයට ඇති අතර වැඩි ප්‍රයෝජනවත් UV නිමාවකින්ද සමන්විතය. IPX4 ජල ප්‍රතිරෝධී ශ්‍රේණියක් සහිත මෙය වැසි තත්ත්වවලට හා බාහිර පරිසරයට ඔරොත්තු දෙන ලෙස නිර්මාණය කර ඇත. වර්ග මීටර් 30ක පමණ ප්‍රදේශයක් ආවරණය කරමින් කඳවුරු, BBQ සාද, බාහිර ප්‍රිය සම්භාෂණ ආදියට මෙන්ම ගෘහස්ථ පරිසරවලටද විශ්වාසනීය ආරක්ෂාව සපයයි. “මෙම Insect-O-Cutor Nomad හඳුන්වා දීමත් සමඟ නවීන නිර්මාණශීලිත්වය හා ක්‍රියාකාරීත්වය එක් කරමින් ප්‍රායෝගික මැසි මදුරු පාලන විසඳුමක් ඉදිරිපත් කරන්නට අපට හැකි වීම ගැන ආඩම්බර වෙනවා. ඩෙංගු හා චිකන්ගුන්යා වැනි රෝගවලින් තම ආදරණීයයන් ආරක්ෂා කරමින් ගෘහස්ථ හා බාහිර පරිසර සුව පහසු කර ගැනීමට අපගේ ගනුදෙනුකරුවන්ට හොඳම විසඳුම් සැපැයීම අපගේ අරමුණයි.” Exterminators PLC හි ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාරිණී ශෙහානි වාස් මහත්මිය පැවසුවාය. Exterminators PLC සමාගම ISO 9001, ISO 14001, ISO 45001 සහ ISO 22000 සහතික හිමි කර ගෙන සිටින අතර National Pest Management Association (NPMA-USA), Singapore Pest Management Association (SPMA), Federation of Asia and Oceania Pest Managers Associations සහ British Pest Control Association වැනි ජාත්‍යන්තර සංවිධාන සමඟ සම්බන්ධ වී කටයුතු කරයි. Insect-O-Cutor Nomad දැන් වෙළඳපොළෙන් මිල දී ගැනීමට හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close