February 11, 2026
Exterminators AI බලයෙන් ක්‍රියාත්මක Report Factory පද්ධතියක් හඳුන්වාදෙයි
පුවත්

Exterminators AI බලයෙන් ක්‍රියාත්මක Report Factory පද්ධතියක් හඳුන්වාදෙයි

Feb 11, 2026

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පළිබෝධ පාලන හා පරිසර සංවර්ධන තාක්ෂණ සමාගමක් වන Exterminators PLC AI බලයෙන් ක්‍රියාත්මක Report Factory පද්ධතියක් සාර්ථකව හඳුන්වා දෙයි . මෙම නව්‍ය ව්‍යාපෘතිය මඟින් සමාගමේ මෙහෙයුම් ක්‍රියාවලිය වෙනස් කරමින් අත්‍යවශ්‍ය සේවා වාර්තා ස්වයංක්‍රීයව සකස් කිරීම තුළින් කාර්යක්ෂමතාව වැඩි කිරීම හා තත්ත්ව සහතික කිරීම ශක්තිමත් කිරීම අරමුණු කර ඇත. ආසියාවේ පළමු පොදු ලැයිස්තුගත පළිබෝධ පාලන සමාගම ලෙස Exterminators PLC ඩිජිටල් පරිවර්තනය තුළින් කර්මාන්තයට නායකත්වය දෙමින් ඉදිරියට ගමන් කරයි.

මෙම නව පද්ධතිය මඟින් පහත සඳහන් මූලික ලේඛණ ස්වයංක්‍රීයව සැකැසීම පහසු කරයි: ස්වයංක්‍රීය සේවා වාර්තා, ලකුණු පදනම් කර ගත් ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණ (IPM) විගණන වාර්තා, ආහාර ආරක්ෂණ හා සනීපාරක්ෂක විගණන වාර්තා, පළිබෝධ අවදානම් ඇගැයීම් වාර්තා, සවිස්තරාත්මක පළිබෝධ ලොග් වාර්තා. උසස් දත්ත විශ්ලේෂණ තාක්ෂණය භාවිතා කරමින් මෙම AI පද්ධතිය විශේෂිත පළිබෝධ කළමනාකරණ අවශ්‍යතා විශ්ලේෂණය කර විසඳුම් සපයයි. මෙම ඩිජිටල් පරිවර්තනය මඟින් අතින් සිදු කළ වැඩ කටයුතු හා මානව දෝෂ අවම කරමින් ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ව්‍යාපාර හා වෙළඳ නාම ආරක්ෂා කර ගැනීමට උපකාර වන නිරවද්‍ය දත්ත පදනම් කර ගත් තොරතුරු සපයයි. “AI බලයෙන් ක්‍රියාත්මක Report Factory පද්ධතිය අපගේ මෙහෙයුම් කළමනාකරණයේ විශාල ඉදිරි පියවරක්.” Exterminators PLC කළමනාකරණ අධ්‍යක්ෂ මාලන් ෆෙරේරා මහතා පැවසීය. “මෙම ක්‍රියාවලිය ස්වයංක්‍රීය කිරීම මඟින් අපගේ කණ්ඩායමට විශේෂයෙන්ම ආහාර නිෂ්පාදන හා සැකැසුම් කර්මාන්ත, හෝටල්, ආපන ශාලා, කැෆේ, කෝපි ශාලා සහ ආහාර සිල්ලර වෙළඳසැල් වැනි ක්ෂේත්‍ර සඳහා අත්‍යවශ්‍ය පළිබෝධ අවදානම් අවම කිරීමේ නිර්දේශ සැපැයීමට වැඩි අවධානය යොමු කළ හැකියි.” තම සමාගමට පමණක් සීමා නොවී කර්මාන්ත මට්ටමේ ප්‍රමිති ඉහළ නැංවීමේ අරමුණෙන් මෙම හිමිකම් සහිත තාක්ෂණය ආසියාව සහ අනෙකුත් කළාපවල පළිබෝධ පාලන සමාගම් සමඟ බෙදා ගැනීමට Exterminators PLC සැළැසුම් කර ඇත. එසේම ශ්‍රී ලංකාව තුළ පිරිසිදු කිරීම්, ජල නල හා අනෙකුත් ක්ෂේත්‍රවල සේවා සපයන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහාද මෙම තාක්ෂණය සැපැයීමට සමාගම අපේක්ෂා කරයි. මෙම නව පද්ධතිය හඳුන්වා දීම නව්‍යකරණය හා පරිසර හිතකාමීත්වය පිළිබඳ Exterminators PLC හි අඛණ්ඩ කැපවීම තවත් ශක්තිමත් කරයි.

ජාතික හා ජාත්‍යන්තර සම්මාන 71ක් සහ ISO 9001, 14001, 45001 සහ 22000 වැනි සහතික රැසක් හිමි මෙම සමාගම කළාපීය පළිබෝධ කළමනාකරණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටී. Exterminators PLC ආසියාවේ පළමු පොදු ලැයිස්තුගත පළිබෝධ පාලන සමාගම වන අතර පරිසර හිතකාමී පළිබෝධ කළමනාකරණයේ ප්‍රමුඛයා වේ. NPMA (USA), SPMA (Singapore), FAOPMA සහ British Pest Control Association යන සංවිධානවල සාමාජිකත්වය දරන මෙම සමාගම නිවාස හා ව්‍යාපාර සඳහා ආරක්ෂිත පරිසර නිර්මාණය කිරීම සඳහා නවීන තාක්ෂණය භාවිත කිරීමට කැප වී සිටී. වැඩි තොරතුරු www.exterminators.lk වෙතින් ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close