February 11, 2026
විශ්‍රාමික රාජ්‍ය සේවකයන් විසින් වාර්ෂිකව ලබාදිය යුතු ජීවදත්ත සහතිකය ඇඟිලි සලකුණ භාවිතයෙන් ලබාදීමට DFCC බැංකුව හරහා අවස්ථාව
පුවත්

විශ්‍රාමික රාජ්‍ය සේවකයන් විසින් වාර්ෂිකව ලබාදිය යුතු ජීවදත්ත සහතිකය ඇඟිලි සලකුණ භාවිතයෙන් ලබාදීමට DFCC බැංකුව හරහා අවස්ථාව

Feb 11, 2026

DFCC බැංකුව, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ‘ගරුසරු’ බැංකු සේවාව යටතේ, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හා එක්ව විශ්‍රාමික රාජ්‍ය සේවකයින් සඳහා සුවිශේෂී පහසුකමක් හඳුන්වා දී ඇත. ඒ අනුව, සුදුසුකම් ලත් රජයේ විශ්‍රාමිකයින්ට තමන්ගේ වාර්ෂිකව ලබාදිය යුතු ජීවදත්ත සහතිකය දිවයින පුරා පිහිටි තෝරාගත් DFCC බැංකු ශාඛා 50ක් හරහා තම ඇඟිලි සලකුණ භාවිතයෙන් පහසුවෙන් ලබා දිය හැකිය.

මෙම සේවාව, 2016 වසරෙන් පසුව විශ්‍රාම ගත් සහ දැනටමත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ඇඟිලි සලකුණු මඟින් ලියාපදිංචි වී ඇති විශ්‍රාමිකයින් සඳහා වලංගු වේ. මේ හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෝ ග්‍රාම නිලධාරී කාර්යාල වෙත යාම වෙනුවට, සෘජුවම DFCC බැංකු ශාඛාව වෙත පැමිණ මෙම අත්‍යවශ්‍ය කටයුත්ත ඉටු කර ගැනීමට විශ්‍රාමිකයින්ට අවස්ථාව හිමි වේ.

බැංකු ශාඛා මට්ටමින් මෙම පහසුකම ලබා දීම හරහා විශ්‍රාමිකයින්ට නැවත නැවතත් ලිපි ලේඛන පිරවීමේ සහ අමතර ගමන් බිමන් යාමට සිදුවීමේ අපහසුතා මඟහැරී යන අතර, අනන්‍යතාවය තහවුරු කිරීමේ ක්‍රියාවලිය වඩාත් නිවැරදිව හා විනිවිදභාවයෙන් සිදු වේ. එසේම, මෙමඟින් ජාතික විශ්‍රාම වැටුප් පද්ධතියේ දත්ත වඩාත් නිවැරදිව සහ කඩිනමින් යාවත්කාලීන කිරීමටද විශාල සහායක් ලැබේ.

මෙම සේවාව ලබාගත හැකි බැංකු ශාඛා සහ සුදුසුකම් පිළිබඳ වැඩිදුර තොරතුරු www.dfcc.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close