February 12, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්මාර්ට් බස් ටිකට් පද්ධතිය එළි දක්වයි
පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්මාර්ට් බස් ටිකට් පද්ධතිය එළි දක්වයි

Jan 28, 2026

Ceylon Business Appliances සහ Nimbus Ventures එක්ව මෙරට පොදු ප්‍රවාහන සේවා ඩිජිටල්කරණයේ ජාතික ඉදිරි ගමනක් සනිටුහන් කරයි

ශ්‍රී ලංකාව තවත් ඓතිහාසික ඉදිරි පියවරක් තබමින් සිය පළමු බස් ටිකට් පද්ධතිය දියත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. මෙම දියත් කිරීම හේතුවෙන් කාඩ්පත්, ඩිජිටල් ගෙවීම් සහ QR පදනම් කරගත් ගෙවීම් තුලින් බස් ගාස්තු ගෙවීමේ හැකියාව ශ්‍රී ලාංකිකයින් වෙත උදා වේ. තවද එම හඳුන්වා දීමත් සමඟ ස්මාර්ට් ප්‍රවාහන විසඳුම් ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර රටවල් අතරට එක් වීමටද ශ්‍රී ලංකාවට අවස්ථාව උදා විය.

ශ්‍රී ලංකා රජය, ප්‍රමුඛ බැංකු හවුල්කරුවන් මෙන්ම මෙහි තාක්ෂණිය, මෘදුකාංග, දෘඩාංග හා මෙහෙයුම් හවුල්කරුවන් ලෙස කටයුතු කරන Ceylon Business Appliances (CBA) සහ Nimbus Ventures හි සහයෝගීතාවයෙන් නිර්මාණය කරනු ලැබූ මෙම සුවිශේෂී බස් ටිකට්පත් පද්ධතිය මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයට සුවිසල් ශක්තියක් මෙන්ම පහසුවක් සලසනු නිසැකය.

මෙම හඳුන්වාදීම සඳහා සුවිසල් කාර්ය භාරයක් ඉටු කළ CBA මෙරට ඩිජිටල් යටිතල පහසුකම් ඉහළ නැංවීම උදෙසා ජාත්‍යන්තරව පිළිගත් නවීන තාක්ෂණය මෙරටට හඳුන්වා දීමට කැපවී කටයුතු කරයි. ඔවුන්ගේ එම කැපවීමෙහි සුවිශේෂී පියවරක් ලෙස මෙම හඳුන්වා දීම පෙන්වා දිය හැකිය.

මෙම සුවිශේෂී එළි දැක්වීමේ අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වූ CBA  කළමනාකාර අධ්‍යක්ෂ සර්ධා ප්‍රනාන්දු මහතා “මෙය ටිකට්පත් වැඩි දියුණු කිරීමක් පමණක් නොව ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනයේ පරිපූර්ණ ඩිජිටල් පරිවර්තනයක් ලෙස සඳහන් කළ හැකියි. ශ්‍රී ලාංකිකයින් වෙත ජාත්‍යන්තර තාක්ෂණය නිරන්තරයෙන් හඳුන්වා දීමට කැපවී කටයුතු කරන CBA මේ ආකාරයේ ගෝලීය වශයෙන් පිළිගත් ආරක්ෂිත හා සුවපහසු ස්මාර්ට් විසඳුමක් හඳුන්වදීමට ලැබීම පිළිබඳව ඉතා සතුටට පත් වෙනවා. අපගේ සෑම කටයුත්තක් තුලින්ම සියලු ශ්‍රී ලාංකිකයින්ගේ පහසුව, විශ්වාසය සහ සියලු දෙනා මනාව සම්බන්ධ කරන අනාගතයක් උදා කර දීමට අපි කටයුතු කරනවා.” යනුවෙන් පැවසීය.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කර සිටියේ ලෝකයේ බොහෝ රටවල් භාවිත කරන තාක්ෂණයන් භාවිත කිරීම සඳහා ඩිජිටල් හැකියාවක් සහිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට උපකාර කිරීම වෙනුවෙන් CBA හි අඛණ්ඩ මෙහෙවර මෙම සංධිස්ථානය තුලින් මනාව පිළිබිඹු කරන බවයි.

මෙම අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වූ CBA හි ප්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්ෂ රුවත් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ “ ශ්‍රී ලංකාය ජාත්‍යන්තර තත්වයේ ස්මාර්ට් ප්‍රවාහන තාක්ෂණයන් අනුගමනය කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බව මෙම දියත් කිරීම තුලින් මනාව ප්‍රදර්ශනය වනවා. සෑම විටම ලෝකයේ හොඳම මෘදුකාංග පද්ධති සහ ආරක්ෂිත, සරල සහ ජාත්‍යන්තරව පිළිගත් නව්‍යකරණ විසඳුම් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට අපි කැපවී කටයුතු කරනවා.” යනුවෙනි.

තව දුරටත් අදහස් දැක්වූ රුවත් මහතා “ අති නවීන open-loop ගෙවීම් විසඳුම් පද්ධතියක් හඳුන්වා දීම තුලින් ශ්‍රී ලංකාවට දියුණු ඩිජිටල් විසඳුම් පද්ධති නිර්මාණය කිරීමට පමණක් නොව ඒවා ක්‍රියාත්මක කිරීමටද හැකි බව පෙන්වා දී තිබෙනවා. මෙය ගෝලීය වශයෙන් පිළිගත් දියුණු ඩිජිටල් තාක්ෂණය අත්හදා බැලීමට මෙන්ම භාවිත කිරීමට හැකි තාක්ෂණ දැනුමෙන් යුත් රටක් ලෙස ස්ථාන ගත කිරීමේ තීරණාත්මක මොහොතක් ලෙසද සඳහන් කළ හැකියි. ” යනුවෙන් පවසා සිටින ලදී.

මෙම තාක්ෂණික ව්‍යාපෘතිය පිළිබඳ විශ්වාසය තබමින් ඔවුන්ගේ නව ටිකට්පත් යෙදුම සාර්ථකව දියත් කිරීම වෙනුවෙන්   එක් වූ බැංකු හවුල්කරුවන් වන සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව සහ DFCC බැංකුව වෙත හෘදයාංගම ස්තුතිය පල කිරීමටද CBA මෙහිදී කටයුතු කරන ලදී.

PAX A910S ටිකට්පත් උපාංගය යොදා ගනිමින් පහසුවෙන් භාවිත කළ හැකි මෙම යෙදුම පරිමාණය, විශ්වසනීයත්වය සහ ජාතික මෙහෙවර වෙනුවෙන් නිර්මාණය කර ඇති CBA සහ Nimbus ventures හි මෘදුකාංග විසඳුමක් මඟින් ක්‍රියාත්මක වේ. මෙය සාර්ථක කර ගැනීම වෙනුවෙන් කටයුතු කළ ඉංජිනේරු, මෘදුකාංග සංවර්ධන,UX, මෙහෙයුම් සහ ක්ෂේත්‍ර කණ්ඩායම්වල කැපවීමද මෙහිදී අගය කළ යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close