INSEE සංස්ථා සිමෙන්ති 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම සම්මානලාභී සිමෙන්ති සන්නාමය ලෙසින් කිරුළු පැළඳූ වගයි
ශ්‍රී ලංකාවේ එකම දේශීය සිමෙන්ති සන්නාමය ලෙස, INSEE සංස්ථා සිමෙන්ති 2025 වසරේ විවිධ සම්මාන උළෙලවලදී වැඩිම සම්මාන ගණනක් දිනාගනිමින් කැපී පෙනෙන සන්නාමය බවට පත් විය. ගුණාත්මකභාවය, තිරසරභාවය සහ නවෝත්පාදනය යන අංශවලින් ඉහළම ගෞරව සම්මානවලට හිමිකම් කියමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ හොඳම ක්‍රියාකාරී සිමෙන්ති සන්නාමය ලෙස සන්නාමයේ කීර්තිය තව තවත් තහවුරු කරන්නට සමත්ව ඇත.
SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී, INSEE සංස්ථා නැවත වරක් ‘ජනතාවගේ නිවාස සහ ඉදිකිරීම් සන්නාමය’ ලෙස නම් කළ අතර මෙම ජයග්‍රහණය අඛණ්ඩව දිනාගත් 14වන අවස්ථාව මෙයයි. මෙම ගෞරවණීය පිළිගැනීම, සන්නාමය ලාංකික ජන හදවත් තුළ දිනා ඇති අසමසම විශ්වාසය හා පිළිගැනීම පෙන්නුම් කිරීමකි. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අංක එකේ ප්‍රමුඛයා ලෙස INSEE සංස්ථා නාමය නැවතත් ඔසවා තබන්නට මෙම ඇගයුම හේතු විය. ශ්‍රී ලංකාව පුරා ඉදිකිරීම්කරුවන්, කොන්ත්‍රාත්කරුවන්, ඉංජිනේරුවන්, පෙදරේරුවන් සහ නිවාස හිමියන් අතරේ ජනප්‍රිය සන්නාමයක් ලෙස එහි කල් පවතින විශ්වාසය මෙමඟින් තහවුරු විය.
මේ ඓතිහාසික ජයග්‍රහණයට අමතරව, INSEE සංස්ථා සමාගම, ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය (CIOB) විසින් ‘වසරේ තිරසාර සිමෙන්ති සන්නාමය’ ලෙසින් ද පිළිගැනීමට ලක් වූ අතර, පාරිසරික වශයෙන් වගකිවයුතු ඉදිකිරීම් විසඳුම් සමඟ තාක්ෂණික විශිෂ්ටත්වය සමබරව පවත්වා ගැනීමට ඇති හැකියාව පිළිබඳ සන්නාමය සතු ප්‍රවීණත්වය මෙමඟින් තහවුරු විය. කාර්යසාධනය සහ නවෝත්පාදනය සඳහා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ආදර්ශය ලෙස එහි කීර්තිය තවදුරටත් තහවුරු කරමින්, People’s Pinnacle 2025 සම්මාන උළෙලේ ‘වසරේ හොඳම සිමෙන්ති සන්නාමය’ යන සම්මානයෙන් ද INSEE පිදුම් ලැබීම මෙම අභිමානය තවත් තීව්‍ර කරන්නකි.
පිට පිටම දිනාගත් මෙම සම්මාන රැස තුළින් ඉදිරි දැක්මක් ඇති සහ අනාගතයට සූදානම් සමාගමක් ලෙස මෙන්ම, රටේ වඩාත් විශ්වසනීයතම සිමෙන්ති සන්නාමය ලෙස සංස්ථා සන්නාමයේ කීර්තිය, ප්‍රතිරූපය තවත් ශක්තිමත් කරන්නට මෙම ඇගයුම් රැස හේතු වූ බව නොඅනුමානය. පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති කම්හලක් සහිත මෙරට එකම සිමෙන්ති නිෂ්පාදකයා ලෙස, INSEE එහි සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය පුරාම දැඩි තත්ත්ව පාලනයක් සහතික කරයි.
“මෙම ගෞරව සම්මාන සියල්ල INSEE සංස්ථා නිෂ්පාදනවල ගුණාත්මකභාවය, තිරසරභාවය සහ නවෝත්පාදනය ගැන දක්වන නොමද කැපවීමට දිය හැකි අගනා සහතිකයක්. 2025 දී වැඩිම සම්මානලාභී සිමෙන්ති සන්නාමය වීම ගැන අපි හදවතින්ම ආඩම්බර වනවා. ඒ වගේම, ශ්‍රී ලාංකික ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසයට අපි බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. අපගේ පාරිභෝගිකයන්ට සහ ප්‍රජාවන්ට අසමසම වටිනාකමක් ලබා දීම සඳහා නිෂ්පාදනවල ගුණාත්මක බව වැඩි දියුණු කිරීමට, තිරසර ඉදිකිරීම් පිළිවෙත් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට සහ පුරෝගාමී මුලපිරීම් දිගටම කරගෙන යාමට මේ ඇගයුම් සම්මාන අපව තවත් උනන්දු කරනවා.” යනුවෙන් INSEE සිමෙන්ති ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු තුසිත් ගුණවර්ණසූරිය මහතා පැවසීය..
වසර 55කට වැඩි ඉතිහාසයක් ඇති INSEE සංස්ථා, අඛණ්ඩවම ක්ෂේත්‍රයේ නව ප්‍රමිතීන් සකසන්නට දායක වී ඇත. ලොව ප්‍රකට බ්ලෙන්ඩඩ් සිමෙන්ති ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් පළමු සමාගම වන INSEE, දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ දියුණුවට අඛණ්ඩව නව තාක්ෂණයන් සහ නවෝත්පාදන හඳුන්වා දෙන්නට කටයුතු කරමින් සිටියි. 2021 දී, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) සමඟ සහයෝගයෙන්, INSEE සංස්ථා, විවිධ ඉදිකිරීම් නිෂ්පාදන සඳහා වැඩිදියුණු කළ ශක්තිය සහ තිරසර බවක් එක් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පෝට්ලන්ඩ් සංයුක්ත සිමෙන්ති (PCC) නිෂ්පාදනයක් දියත් කළේය. මෙම නවෝත්පාදනය, ශ්‍රී ලංකාව හරිත ඉදිකිරීම් පිළිවෙත් කරා යන ගමනේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නට ද සමත් විය.
ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය (NCPC) විසින් නිකුත් කරන ‘EcoLabel’ සහතිකය ලබා ගත් ශ්‍රී ලංකාවේ පළමු සිමෙන්ති සමාගම වීම, එහි සම්පූර්ණ නිෂ්පාදන පෙළ සඳහා පාරිසරික නිෂ්පාදන ප්‍රකාශන (EPD) ලබා ගත් පළමු සිමෙන්ති නිෂ්පාදකයා වීම සහ 2024 දී ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලයෙන් කීර්තිමත් තරු 5 හරිත ලේබල් සහතිකය ලබා ගැනීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකම ප්‍රථමයා වීමත් සමඟ සමාගම තිරසර බව පිළිබඳ දිවයිනේ අංක 1 සිමෙන්ති සන්නාමය ලෙස පෙරමුණ ගෙන ඇත.
මෙම ඇගයුම් සම්මාන සියල්ලේ අභිමානය ද සමඟින්, ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අවිවාදිත තේරීමක් ලෙස තාක්ෂණික විශිෂ්ටත්වය, පාරිසරික කළමනාකරණය සහ පාරිභෝගික විශ්වාසය එක්තැන් කරන්නට INSEE සංස්ථා සිමෙන්ති සමත්ව ඇත. මේ සියල්ල තහවුරු කරන්නේ සන්නාමය සතු අසමසම නායකත්වයයි. දේශීයව නිපදවන එකම සිමෙන්ති සන්නාමය ලෙස පරම්පරා ගණනක් පුරා ශ්‍රී ලාංකිකයින්ගේ විශ්වාසය නොඅඩුව දිනා ගනිමින්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වඩාත් පරිසර හිතකාමී නිපැයුම් සිදු කරන්නටත්, අනාගතයට සූදානම් පරිසරයක් කරා ජාතිය රැගෙන යන මෙහෙවරට නායකත්වය දෙන්නටත් INSEE මෙහෙවර නිරතුරුවම සවිය සලසනු ඇත.

