February 12, 2026
Russel’s සමාගම දෙසැම්බර් මස විශිෂ්ටයන් අගයයි
පුවත්

Russel’s සමාගම දෙසැම්බර් මස විශිෂ්ටයන් අගයයි

Jan 16, 2026

Russel’s පෞද්ගලික සමාගම විසින් 2025 දෙසැම්බර් මාසය තුළ සුවිශේෂ කර්යසාධනයක් පෙන්නුම් කළ කාර්ය මණ්ඩල සාමාජිකයන් අගයන ලදී. සමාගමේ විවිධ අංශ නියෝජනය කරන කාර්ය මණ්ඩල සාමාජිකයන් සතු කැපවීම, වෘත්තීමයභාවය සහ අඛණ්ඩ විශිෂ්ටත්වය කෙරෙහි මෙහිදී සුවිශේෂ අවධානයක් යොමු විය.

එම අවස්ථාවේදී කට්ලරි භාරකරු ලෙස සේවය කරන වසන්ති පෙරේරා ඇගැයීමට ලක් වූයේ උසස් සේවා ප්‍රමිති පවත්වා ගෙන යාමට ඇය දක්වන අඛණ්ඩ දායකත්වය වෙනුවෙනි. මුළුතැන්ගෙයි කටයුතු සාර්ථකව පවත්වා ගෙන යාමට කැපවීමෙන් කටයුතු කරන මයිකල්ද (පොට් වොෂර්) ඇගැයීමට ලක් විය. පේස්ට්‍රි අංශයේ Chef de Partie වශයෙන් සේවය කරන මහේෂ්වරන් මනෝජ් ඇගැයීමට ලක් වූයේ තාක්ෂණික විශේෂඥතාව සහ මුළුතැන්ගෙයි ප්‍රමිති උසස් මට්ටමක පවත්වා ගෙන යාම වෙනුවෙනි. සමීර මදුශාන් (Tea Service Steward), සිතාරා කුමාරි සහ කැරොල් ශ්‍රී ලාල් (Tea Service Stewardesses) ආචාරශීලී සහ කාර්යක්ෂම සේවාවක් සැපැයීමෙන් පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම වෙනුවෙන් ඇගැයීමට ලක් විය. කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සුබ පැතුම් එක් කරමින් Russel’s සමාගමේ කළමණාකාරිත්වය සඳහන් කළේ විශිෂ්ටත්වය වෙනුවෙන් කැප වූ සියලු දෙනා අඛණ්ඩව ඇගැයීමට ලක් කරන බවයි. එවැනි වැඩසටහන් තුළින් කාර්ය මණ්ඩල සාමාජිකයන් දිරි ගැන්වීමට හැකි වීම, කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීම සහ කාර්යසාධනය පදනම් කර ගත් ආයතනික සංස්කෘතියක් ඇති කිරීමට හැකි වීම වැනි වාසි රැසක් ලැබෙන බවද කළමනාකාරිත්වය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close