December 31, 2025
Ceybank – ඒකකභාර අරමුදල්  කළමනාකරණ ආයතනය, ශ්‍රී ලාංකිකයන් සඳහා විශ්වාසනීය හා ශක්තිමත් ආයෝජන අවස්ථාවන් පිරිනමයි
පුවත්

Ceybank – ඒකකභාර අරමුදල්  කළමනාකරණ ආයතනය, ශ්‍රී ලාංකිකයන් සඳහා විශ්වාසනීය හා ශක්තිමත් ආයෝජන අවස්ථාවන් පිරිනමයි

Dec 31, 2025

ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපල තුළ දිගු කාලයක් මුළුල්ලේ අඛණ්ඩව  අරමුදල් කළමනාකරණයෙහි නියුතු, Ceybank ඒකකභාර අරමුදල් කළමනාකරණ ආයතනය (Ceybank Asset Management Ltd), මෙරට සියලුම පුරවැසියන් හට පහසුවෙන් ප්‍රවේශය විය හැකි, විශ්වාසනීය මෙන්ම වෘත්තීය වශයෙන් ප්‍රවීණත්වය ලැබූ විශිෂ්ඨ කළමනාකරණ මණ්ඩලයක මඟපෙන්වීම යටතේ ආයෝජන අවස්ථා සහ විසඳුම් ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපල තුළ ප්‍රමුඛතම මූල්‍ය කළමනාකරණ ආයතනයක් බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකා ඒකකභාර සංගමය (UTASL) විසින් පසුගිය ඔක්තෝම්බර් මස 27 වැනිදා සිට 31 දක්වා කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ දී පවත්වන ලද ඒකකභාර අරමුදල් ආයෝජනය පිළිබඳ මහජන දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා UTASL හි ප්‍රමුඛතම සාමාජික සමාගමක් වන Ceybank ඒකකභාර අරමුදල් කළමනාකරණ ආයතනය විසින් සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරන ලදී. එහි දී වෘත්තීය ආයෝජන කළමනාකරණය තුළින් ලැබෙන ප්‍රතිලාභ මෙන්ම ආකර්ෂණීය ආයෝජන අවස්ථා සහ ආයෝජන තීරණ ගැනීම පිළිබඳ දැනුවත්භාවය ලබා දීමත්, ඒකකභාර අරමුදල් පිළිබඳ මහජන උනන්දුව වර්ධනය කිරීමත් මූලික අරමුණු කරගෙන, ඒකකභාර ක්ෂේත්‍රයේ අනෙකුත් ප්‍රවීනයන් සමඟ එක්ව සාමුහික ප්‍රයත්නයක් ලෙස එම වැඩසටහන සාර්ථකව දියත් කෙරිණි.

Ceybank ඒකකභාර අරමුදල් කළමනාකරණ සමාගමෙහි ශක්තිමත් පදනම වනුයේ එහි සිය කොටස් හිමිකාරිත්වය දරණ ව්‍යුහය වන ලංකා බැංකුව (BOC), ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව (SLIC), Carson Cumberbatch PLC, සමාගම වැනි මෙරට ඉතා ඉහළ පිළිගැනීමක් ඇති ආයතන ත්‍රිත්වය සහ කලාපීය වශයෙන් දැවැන්තයෙකු වන ඉන්දීය ඒකකභාර අරමුදල (SUUTI) යන ආයතන වල එකතුවයි.

මෙම ශක්තිමත් වූ කොටස් හිමිකාර සමාගම් පදනම හරහා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන අරමුදල් කළමනාකරණ සමාගමක් ලෙස Ceybank ඒකකභාර අරමුදල් සමාගම ඉස්මතු වේ. එමෙන්ම ජාතික ඉතිරි කිරීමේ බැංකුව (NSB) විසින් Ceybank හි සියලුම අරමුදල් සඳහා භාරකරු ලෙස ක්‍රියා කරන අතර, එමගින් ද අයෝජකයින්ගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරමින් ඉහළ නියාමන අධීක්ෂණයක් සහ සුරක්ෂිතභාවයක් ලබා දී තිබේ.

මේ වන විට Ceybank ඒකකභාර අරමුදල් කළමනාකරණ සමාගම විසින් සමාගමෙහි වර්ධනය හා ව්‍යාප්තිය වේගවත් කිරීමේ ඉදිරිගාමී පියවරක් ලෙස නව පරිගණක පාදක තොරතුරු පද්ධතියක් ස්ථාපනය කර ඇති අතර, ඒ මගින්  අයෝජකයින්ට තම සේවාවන් වඩ වඩාත් කාර්යක්ෂමව ඉටු කර ගැනීමට සහ  නව්‍ය අයෝජන අත්දැකීමක් ලබා ගැනීම සඳහා අවකාශය ලබා දී තිබේ.

Ceybank ඒකකභාර කළමනාකරණ ආයතනය, ක්‍රමක්‍රමයෙන් තම සේවාවන් ප්‍රවර්ධනය කරමින්, “ඔබ කවරෙකු වුව ද , ඔබ කුමක් කළ ද , Ceybank ඒකකභාර අරමුදල තුළ ඔබ වෙනුවෙන් ආයෝජන විසඳුමක් පිරිනමා ඇත” යන පදනම ගම්‍ය කරයි. මූල්‍ය ස්ථාවරත්වය සහ ජනතා විශ්වාසය සමඟ සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට විශ්වාසයෙන් තම අයෝජන සිදු කිරීමට අවශ්‍ය වපසරිය සකසමින්, Ceybank වර්තමානයේ දී පෙරටත් වඩා එම වගකීම ශක්තිමත්ව ඉටු කිරීමට කැපවී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close