Flemingo Duty Free අපේක්ෂා රෝහලට රු. මිලියනයක් පරිත්‍යාග කරමින් KickCancerThon සමග එක් වේ
Flemingo Duty Free සමාගම මහරගම ජාතික පිළිකා විද්‍යාතනයට (අපේක්ෂා රෝහලට) රුපියල් මිලියනයක පරිත්‍යාගයක් කරමින් The Moodie Davitt Report හඳුන්වා දුන් KickCancerThon ව්‍යාපෘතිය සමග එක් වී තිබේ. 2025 දෙසැම්බර් 14 ගාලුමුවදොර පිටියේදී පැවැත්වුණු ICA ජාත්‍යන්තර ධාවන තරගාවලිය අතරතුර මේ පිළිබඳව නිල වශයෙන් නිවේදනය කරන ලදී. ඊට ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, සහ සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ අතර පිළිකාවට එරෙහි සටනේදී සාමූහිකව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කිරීම එහි ප්‍රමුඛ අරමුණක් විය.
The Moodie Davitt Report හඳුන්වා දුන් KickCancerThon පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සහ ලොව පුරා පිළිකා රෝගීන් වෙනුවෙන් අරමුදල් එක් රැස් කිරීම ඉලක්ක කර ගත් ව්‍යාපෘතියකි. ඒ සමග එක් වීමෙන් Flemingo Duty Free ආයතනය සිය පාරිභෝගික ප්‍රජාවද ඇතළත් සමස්ත ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය උසස් කිරීම සඳහා දායක වීමේ ඇති වැදගත්කම පෙන්වා දී තිබේ. වසර හයකට වැඩි අත්දැකීම් සහිත ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධානයක් වන Indian Cultural Association (ICA) සංවිධානය කළ ධාවන තරගාවලිය සඳහා ලොව පුරා රටවල් රැසක් නියෝජනය කරන ධාවකයෝ රැසක් සහභාගී වූහ. උසස් අරමුණක් මුල් කර ගත් එය අති සාර්ථක ලෙස පැවැත්විණි. මෙරට නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යන්ජල් පාණ්ඩේ පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය රන්දිම නානායක්කාර වෙත අදාළ පරිත්‍යාගය කළේය. බරපතල රෝගී සත්කාර සේවා සහ අත්‍යවශ්‍ය වෛද්‍ය අවශ්‍යතා ඇතුළු රෝහලේ ශල්‍ය ඒකකයේ කටයුතු වෙනුවෙන් එම මුදල් යෙදවීමට නියමිතය. මූල්‍ය ප්‍රදානයක් කිරීමෙන් ඔබ්බට යමින් Flemingo Duty Free සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු පිරිස ධාවන තරගාවලියටද සහභාගී වූහ. “පිළිකා පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අරමුණු කර ගත් ගෝලීය වැඩසටහනක් වන KickCancerThon ව්‍යාපෘතිය සමග එක් වීම අපට විශාල සතුටක්. ඒ තුළින් ජනතාව දැනුවත් කිරීමත්, පාර්ශ්වකරුවන් රැසක් සමග කටයුතු කිරීමත්, යහපත් අරමුණක් සාක්ෂාත් කර ගැනීමත් වෙනුවෙන් කැපී පෙනෙන දායකත්වයක් දක්වන්නට අපට හැකි වුණා.” Flemingo Duty Free සමාගමේ අධ්‍යක්ෂ පී. කේ. තිම්මhshd සඳහන් කළේය. මෙම ව්‍යාපෘතිය සමග එක් වීම තුළින් Flemingo Duty Free ලාභ ඉපැයීමෙන් ඔබ්බට යමින් දිවයින පුරා සිටින පිළිකා රෝගීන්ට සහාය වීමටත්, එම රෝගීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ජීවිත තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීමටත් ඔවුන් සතු කැපවීම යළි තහවුරු කර තිබේ.

