December 31, 2025
අලියාන්ස වෙතින් අග්නිදිග ආසියාව සඳහා යුරෝ 600,000 ක කලාපීය සහන වැඩසටහනක් – ශ්‍රී ලංකාවට යුරෝ 200,000 ක ප්‍රදානයක්
පුවත්

අලියාන්ස වෙතින් අග්නිදිග ආසියාව සඳහා යුරෝ 600,000 ක කලාපීය සහන වැඩසටහනක් – ශ්‍රී ලංකාවට යුරෝ 200,000 ක ප්‍රදානයක්

Dec 24, 2025

අලියාන්ස් SE සමාගම (ජර්මනියේ මියුනික් නුවර මූලස්ථානය කරගත්) විසින් ශ්‍රී ලංකාවේ ආපදා සහන කටයුතු සඳහා යුරෝ 200,000 ක මුදලක් පරිත්‍යාග කරන බව නිවේදනය කළේය. මෙයට අමතරව, අග්නිදිග ආසියානු කලාපයේ සහන කටයුතු වෙනුවෙන් තායිලන්තය සහ ඉන්දුනීසියාව වෙත යුරෝ 400,000 ක මුදලක් ලබා දෙමින් අලියාන්ස් SE සිය සහයෝගය පුළුල් කර ඇත. අග්නිදිග ආසියාව පුරා ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් හටගත් දරුණු ගංවතුර සහ නායයෑම් වලින් සතියක කාලයක් තුළ පුද්ගලයන් 1,100කට අධික පිරිසක් මිය ගොස් ඇති අතර, අතුරුදහන් වූ සිය ගණනක් සෙවීමේ සහන මෙහෙයුම් ද මේ වන විට දැඩි දුෂ්කරතාවට පත්ව තිබේ. ආසියාව පුරා මිලියන සංඛ්‍යාත පාරිභෝගිකයන්ට සේවය කරන අලියාන්ස්, මෙම රටවල් තුනෙහිම සිය දේශීය ශාඛා හරහා ප්‍රජාවන් සමඟ සමීපව කටයුතු කරයි. මෙලෙස විපතට පත් ජනතාවට සහ ප්‍රජාවන්ට සහය වීම මඟින්, දුෂ්කර අවස්ථාවලදී සිය පාර්ශ්වකරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන බවට වන සිය පොරොන්දුව අලියාන්ස් ආයතනය ක්‍රියාවෙන් තහවුරු කර ඇත.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන් කරන ලද යුරෝ 200,000 ක ප්‍රදානය අදියර දෙකක් යටතේ ලබා දීමට නියමිතය. මෙයින්  යුරෝ 100,000 ක මුදලක් විපතට පත් වූවන්ට අවශ්‍ය ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම සඳහා ශ්‍රී ලංකා රතු  කුරුස සංගමය (SLRCS) වෙත ලබා දීමට නියමිතය. අනෙක් යුරෝ 100,000 ක මුදල අලියාන්ස් ඉන්සුරන්ස් ලංකා ලිමිටඩ් සහ තෝරාගත් දේශීය හවුල්කරුවන් හරහා ප්‍රජාවන් නැවත නගා සිටුවීමට සහ අනාගත ආපදාවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමට යොදා ගැනේ.

මෙම අවස්ථාව සම්බන්ධව අදහස් දක්වමින් අලියාන්ස් SE හි කළමනාකාර මණ්ඩල සාමාජිකා රෙනාටේ වැග්නර් මහත්මිය  මෙසේ සඳහන් කළාය.

“ අලියාන්ස් සමාගම ලෙස අපි අග්නිදිග ආසියානු කලාපය පුරා දරුණු ගංවතුරින් විපතට පත් ජනතාවට ශක්තියක් වෙමින් ඔවුන් සමඟ සිටින්නෙමු. ඔවුන් සදහා අපි කඩිනම් සහන සහ දිගුකාලීන ප්‍රතිසාධන කටයුතු මඟින් පවුල් නගාසිටුවීමටත්, ප්‍රජාවන් ශක්තිමත් කිරීමටත්, අනාගතයේදී ඇති විය හැකි දේශගුණික අවදානම්වලට වඩාත් හොඳින් මුහුණ දීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමටත් කැපවී සිටින්නෙමු.

අලියාන්ස් ආසියා පැසිෆික් කලාපීය ප්‍රධාන විධායක නිලධාරිනි අනුෂා තවරාජා මහත්මිය අදහස් දක්වමින් පවසා සිටියේ, “ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවල බොහෝ පවුල් සහ ප්‍රජාවන්, ඔවුන්ගේ ජීවිතයේ බොහෝ දෑ අහිමි වී ජීවිතයේ අසීරුතම අවස්ථාවට මුහුණ දෙමින් සිටිති.  අලියාන්ස් සමාගම ලෙසින් අප, ඔවුන්ට ශක්තියක් වෙමින් සිටින්නෙමු. ආසියා පැසිෆික් කලාපය යනු අපේ සේවකයින්, පාරිභෝගිකයින් සහ අප සේවය කරන ප්‍රජාවන් බහුතරයක් වෙසෙන කලාපයක් වන අතර, එම කලාපය අපගේ අවධානයට ලක්ව ඇත. අපගේ ක්ෂණික අවබෝදය යොමු වී ඇත්තේ වඩාත් අවශ්‍ය ස්ථානවලට සහන සැලසීමට වන අතර, පීඩාවට පත් වූවන්ට විශ්වාසයෙන් යුතුව ඉදිරියට යා හැකි වන පරිදි ප්‍රජාවන් නැවත ගොඩනැගීමට සහ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට ද අප සහයෝගය ලබා දෙන්නෙමු” යනුවෙනි.

අලියාන්ස් සමාගම ආසියානු වෙළෙඳපොළ තුළ දැනටමත් ප්‍රබල ස්ථානයක් හිමිකර ගැනීමට හැකි වී ඇත. ඉන්දුනීසියාව, තායිලන්තය සහ ශ්‍රී ලංකාව පමණක් නොව චීනය, ඉන්දියාව, මැලේසියාව සහ සිංගප්පූරුව වැනි රටවල ද විවිධ ව්‍යාපාරික අංශ ඔස්සේ සිය සේවාවන් සැපයීමටඅලියාන්ස් කටයුතු කර ඇත.

එමෙන්ම, අලියාන්ස් ඉන්සුරන්ස් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී හා  ශ්‍රී ලංකා ප්‍රධානී ප්‍රශාන්ත් ග්‍රෝවර් මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“ මෑතකදී ඇති වූ ගංවතුර ශ්‍රී ලංකාව පුරා ප්‍රජාවන්ට දැඩි බලපෑමක් එල්ල කළ අතර, එමඟින් නැවත ගොඩනැගීමේ සහ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමේ හදිසි අවශ්‍යතාවය මනාව පැහැදිලි විය. මෙවැනි අවස්ථාවක අලියාන්ස්  ලංකා ලෙස අපගේ ප්‍රමුඛතාවය වන්නේ සමාජය වේගයෙන් යථා තත්ත්වයට පත්වීමට ඉඩ සැලසීම සහ අනාගතය වෙනුවෙන් ජීවිත මෙන්ම ජීවනෝපායන් සුරක්ෂිත කිරීමයි. අලියාන්ස් සමූහයේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක වන සහන මෙහෙයුම් හරහා අප ප්‍රජාවන්ට ස්ථාවරත්වය ලබා ගැනීමටත්, දිගුකාලීන ශක්තිය ගොඩනගා ගැනීමටත් සහයෝගය ලබා දෙන්නෙමු.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close