මෙල්වා සමාගම යාපනයේ මේසන් හා වෙල්ඩින් ශිල්පීන්ට විශේෂ වැඩමුළුවක් පවත්වයි
ශ්‍රී ලංකාවේ වානේ කම්බි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන මෙල්වා සමාගම විසින් යාපනය දිස්ත්‍රික්කයේ මේසන් හා වෙල්ඩින් ශිල්පීන්ට ඉදි කිරීම් කර්මාන්තය හා වෙල්ඩින් ශිල්පය පිළිබඳ විශේෂ වැඩමුළුවක් යාපනය වාලම්පූරි හෝටලයේදී සාර්ථක ලෙස පවත්වන ලදී. මේ සඳහා මේසන් හා වෙල්ඩින් ශිල්පීහු 100කට අධික පිරිසක් සහභාගී වූහ. ඉදි කිරීම් කර්මාන්තයේ නියැළී සිටින මේසන් හා වෙල්ඩින් ශිල්පීන්ගේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ අරමුණෙන් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේදී ඉදි කිරීම් කටයුතුවලදී නිවැරැදි තාක්ෂණය යොදා ගනිමින් වානේ කම්බි හා GI බට භාවිත කරන ආකාරය පිළිබඳව එම ශිල්පීන්ව දැනුවත් කරන ලදී. එසේම වැඩමුළුව සඳහා සහභාගී වුණු සියලු දෙනාටම මෙල්වා සමාගම විසින් වටිනා සහතිකයක් පිරිනමන ලදී.
වැඩසටහන සඳහා සහභාගී වූ පිරිසෙන් තෝරා ගත් කණ්ඩායමකට ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය පිරිනමන NVQ තෙවැනි මට්ටමේ ජාතික සහතිකය හිමි කර ගැනීමට අවශ්‍ය පුහුණු සහ මූල්‍ය දායකත්වය මෙල්වා සමාගම විසින් සපයන ලදී. මෙම වැඩසටහන සඳහා සහභාගී වූ සියලුම මේසන් හා වෙල්ඩින් ශිල්පීන්ට වටිනා උපකරණ කට්ටලයක් පිරිනැමීමටද මෙල්වා සමාගම කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් කර්මාන්තයේ නියැලී සිටින ශ්‍රමිකයන්ට නිසි වෘත්තීය පුහුණුවක් සහ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ලිඛිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට අවස්ථාව උදා කර දීමේ අරමුණෙන් මෙල්වා සමාගම මෙම වැඩසටහන් මාලාව දිවයින පුරා ක්‍රියාත්මක කරයි. පළපුරුද්දට අමතරව NVQ වැනි පිළිගත් වෘත්තීය සුදුසුකමක් තිබීම දෙස් විදෙස් රැකියා අවස්ථා උදා කර ගැනීමට විශේෂ සුදුසුකමක් වේ. මීට සමගාමීව යාපනයේ පැවැති ඉංජිනේරු හා තාක්ෂණ නිලධාරීන්ගේ උත්සවයකට අනුග්‍රාහක දායකත්වය සැපැයීමටද මෙල්වා සමාගම කටයුතු කළේය.

