Wedagedara පාරිභෝගිකයන්ට නොමිලයේ වෛද්‍ය උපදෙස්
Wedagedara Producers පෞද්ගලික සමාගම සිය නිෂ්පාදන මිල දී ගන්නා පාරිභෝගිකයන්ට නොමිලයේ වෛද්‍ය උපදෙස් දීමේ වැඩසටහනක් දියත් කර තිබේ. ආයුර්වේද හා ශාක සාර නිෂ්පාදන භාවිතය පිළිබඳව පාරිභෝගිකයන්ට නිසි මාර්ගෝපදේශනයක් සැපැයීම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. පාරිභෝගිකයන්ට මෙම සේවාව යටතේ සමාගමේ ඇමතුම් මධ්‍යස්ථානය සම්බන්ධ කර ගැනීමට අවස්ථාව ලැබේ. ඔවුන්ගේ අවශ්‍යතාව නිසි ලෙස හඳුනා ගන්නා රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරු කණ්ඩායමක් දුරකතනයෙන් අදාළ උපදෙස් පාරිභෝගිකයන්ට සපයති. භෞතිකව වෛද්‍යවරයෙකු හමු වීමට අවශ්‍ය පාරිභෝගිකයන්ට ආයතනයට පැමිණ සාධාරණ ගාස්තුවක් යටතේ සේවා ලැබිය හැකිය. අලව්ව ප්‍රදේශයේ පිහිටා ඇති Wedagedara Producers සමාගම සාම්ප්‍රදායික ආයුර්වේද වෛද්‍ය උරුමය සහ නවීන තාක්ෂණය යොදා ගනිමින් නිෂ්පාදනය කරන ඖෂධ රැසක් වෙළෙඳපොළට නිකුත් කරයි. ඖෂධවල සුරක්ෂිතභාවය සහ ගුණාත්මකභාවය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන එම සමාගම ISO 22000, HACCP, GMP ඇතුළු දේශීය සහ අන්තර්ජාතික වශයෙන් පිළිගත් තත්ත්ව සහතික රැසක් ලබා තිබේ.
නිෂ්පාදන කටයුතුවලට අවශ්‍ය ශාක කොටස් පරිසරයට හානියක් නොවන සේ සපයා ගන්නා අතර නිෂ්පාදන ක්‍රියාවලියද පරිසර හිතකාමී ලෙස සිදු කරයි. මේද දහනය කරන ස්වාභාවික අතිරේකයක් වන Garsy Herbal Candy, අක්මාවේ නිරෝගීභාවය ඇති කරන LivosBee, මුඛය නැවුම්ව තබන OSUVITA Herbal Fresh, දියවැඩියා රෝගීන්ට නිපදවන Bliss Tea (සීනි රහිත), පුරුෂ ශක්තිය වැඩි කරන Pulse Max, සීනි රහිත ක්ෂණික පස්පංගුව වට්ටෝරුවක් වන Suwatha, ආයුර්වේද වෛද්‍යවරු සියයකට වැඩි පිරිසක් කළ පර්යේෂණ තුළින් දියවැඩියා රෝගීන්ට නිපදවූ DiabeCare ආදී ඔසු Wedagedara Producers සමාගමේ නිෂ්පාදන අතර ප්‍රධාන වේ. Cargills සහ Arpico සුපිරි වෙළෙඳසල්, බටහිර සහ ආයුර්වේද ඔසුසල්, සමාගමේ වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය ජාල හරහා Wedagedara නිෂ්පාදන මිල දී ගත හැකිය. සමාගමේ අධ්‍යක්ෂ චමින්ද රූපසේන සඳහන් කළේ පාරිභෝගිකයන්ට වඩාත් පහසු සහ ආරක්‍ෂිත ලෙස ආයුර්වේද ඖෂධ භාවිත කිරීමට ඉඩ සැළැසීමේ අරමුණෙන් මෙම වැඩසටහන සැළැසුම් කළ බවයි. “බොහෝ දෙනෙක් ශාක සාර සහ ස්වාභාවික ඖෂධ භාවිතා කරන්න උනන්දුවක් දක්වනවා. නමුත් අනෙකුත් ඖෂධ සමග ඒවා භාවිත කළ යුතු ආකාරය පිළිබඳව ඔවුන්ට ප්‍රමාණවත් දැනුමක් නැහැ. මෙම වැඩසටහන තුළින් ඕනෑම අයෙකුට අපගේ නිෂ්පාදන මිල දී ගැනීමට පෙර වෘත්තීය මට්ටමේ වෛද්‍ය උපදෙස් ගත හැකියි.”Wedagedara පාරිභෝගිකයන්ට නොමිලයේ වෛද්‍ය උපදෙස්
Wedagedara Producers පෞද්ගලික සමාගම සිය නිෂ්පාදන මිල දී ගන්නා පාරිභෝගිකයන්ට නොමිලයේ වෛද්‍ය උපදෙස් දීමේ වැඩසටහනක් දියත් කර තිබේ. ආයුර්වේද හා ශාක සාර නිෂ්පාදන භාවිතය පිළිබඳව පාරිභෝගිකයන්ට නිසි මාර්ගෝපදේශනයක් සැපැයීම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. පාරිභෝගිකයන්ට මෙම සේවාව යටතේ සමාගමේ ඇමතුම් මධ්‍යස්ථානය සම්බන්ධ කර ගැනීමට අවස්ථාව ලැබේ. ඔවුන්ගේ අවශ්‍යතාව නිසි ලෙස හඳුනා ගන්නා රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරු කණ්ඩායමක් දුරකතනයෙන් අදාළ උපදෙස් පාරිභෝගිකයන්ට සපයති. භෞතිකව වෛද්‍යවරයෙකු හමු වීමට අවශ්‍ය පාරිභෝගිකයන්ට ආයතනයට පැමිණ සාධාරණ ගාස්තුවක් යටතේ සේවා ලැබිය හැකිය. අලව්ව ප්‍රදේශයේ පිහිටා ඇති Wedagedara Producers සමාගම සාම්ප්‍රදායික ආයුර්වේද වෛද්‍ය උරුමය සහ නවීන තාක්ෂණය යොදා ගනිමින් නිෂ්පාදනය කරන ඖෂධ රැසක් වෙළෙඳපොළට නිකුත් කරයි. ඖෂධවල සුරක්ෂිතභාවය සහ ගුණාත්මකභාවය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන එම සමාගම ISO 22000, HACCP, GMP ඇතුළු දේශීය සහ අන්තර්ජාතික වශයෙන් පිළිගත් තත්ත්ව සහතික රැසක් ලබා තිබේ.
නිෂ්පාදන කටයුතුවලට අවශ්‍ය ශාක කොටස් පරිසරයට හානියක් නොවන සේ සපයා ගන්නා අතර නිෂ්පාදන ක්‍රියාවලියද පරිසර හිතකාමී ලෙස සිදු කරයි. මේද දහනය කරන ස්වාභාවික අතිරේකයක් වන Garsy Herbal Candy, අක්මාවේ නිරෝගීභාවය ඇති කරන LivosBee, මුඛය නැවුම්ව තබන OSUVITA Herbal Fresh, දියවැඩියා රෝගීන්ට නිපදවන Bliss Tea (සීනි රහිත), පුරුෂ ශක්තිය වැඩි කරන Pulse Max, සීනි රහිත ක්ෂණික පස්පංගුව වට්ටෝරුවක් වන Suwatha, ආයුර්වේද වෛද්‍යවරු සියයකට වැඩි පිරිසක් කළ පර්යේෂණ තුළින් දියවැඩියා රෝගීන්ට නිපදවූ DiabeCare ආදී ඔසු Wedagedara Producers සමාගමේ නිෂ්පාදන අතර ප්‍රධාන වේ. Cargills සහ Arpico සුපිරි වෙළෙඳසල්, බටහිර සහ ආයුර්වේද ඔසුසල්, සමාගමේ වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය ජාල හරහා Wedagedara නිෂ්පාදන මිල දී ගත හැකිය. සමාගමේ අධ්‍යක්ෂ චමින්ද රූපසේන සඳහන් කළේ පාරිභෝගිකයන්ට වඩාත් පහසු සහ ආරක්‍ෂිත ලෙස ආයුර්වේද ඖෂධ භාවිත කිරීමට ඉඩ සැළැසීමේ අරමුණෙන් මෙම වැඩසටහන සැළැසුම් කළ බවයි. “බොහෝ දෙනෙක් ශාක සාර සහ ස්වාභාවික ඖෂධ භාවිතා කරන්න උනන්දුවක් දක්වනවා. නමුත් අනෙකුත් ඖෂධ සමග ඒවා භාවිත කළ යුතු ආකාරය පිළිබඳව ඔවුන්ට ප්‍රමාණවත් දැනුමක් නැහැ. මෙම වැඩසටහන තුළින් ඕනෑම අයෙකුට අපගේ නිෂ්පාදන මිල දී ගැනීමට පෙර වෘත්තීය මට්ටමේ වෛද්‍ය උපදෙස් ගත හැකියි.”