February 14, 2026
DBL වෙතින් මාතර මහ රෝහලට වාට්ටුවක්
පුවත්

DBL වෙතින් මාතර මහ රෝහලට වාට්ටුවක්

Nov 28, 2025

DBL සමාගම විසින් එහි ප්‍රධාන විධායක නිලධාරී දේශමාන්‍ය ආචාර්ය නජීබ් ඩීන් මහතාගේ ව්‍යාපාරික දිවියට වසර පනහක් පිරීම නිමිත්තෙන් මාතර මහ රෝහලේ ඉල්ලීම මත ඉඩ කඩ සීමිතව තිබූ කාන්තා වාට්ටුවට නව කොටසක් එක් කර රෝගීන් පහළොස් දෙනෙකු සදහා නව වාට්ටුවක් ඉදි කර පරිත්‍යාග කරන ලදී. ලක්ෂ 60ක වියදමක් දරා ඉදි කළ එම නව වාට්ටුව නජීබ් ඩීන් මහතාගේ ජන්ම දිනය යෙදී තිබුණු සැප්තැම්බර් 30 විවෘත කරන ලදී.

එම වාට්ටුවේ රෝගීන්ගේ භාවිතයට කබඩ්, කොට්ට, මෙට්ට, ඇද ඇතිරිලි සහ තොරතුරු ඇතුළත් කිරිමේ ලිපි ගොනු පිරිනැමීමටද DBL සමාගම කටයුතු කළේය. මින් පෙරද DBL සමාගම මාතර මහ රෝහලට ගුවන් පාලම් දෙකක්, සීසීටීවී කැමරා පද්ධතියක්, කොවිඩ් රෝගීන් වෙන් කර තැබීමට කාමර, හෙද විවේකාගාර, වාට්ටු අංක පුවරු, සායනවලට අවශ්‍ය ආලෝක පුවරු සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාග කර ඇත. නව වාට්ටුව විවෘත කිරීමේ අවස්ථාවට රෝහලේ හිටපු අධ්‍යක්ෂවරයා, නව අධ්‍යක්ෂවරිය, නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය, විශේෂඥ වෛද්‍යවරු, රෝහල් කාර්ය මණ්ඩලය, DBL සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා, සාමාන්‍යධිකාරිවරයා ඇතුළු කළමනාකාරිත්වය සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close