සියැට් කැලණි විශිෂ්ට අලෙවි නියෝජිතයින් ඇගයීම සඳහා සිංගප්පූරුව සහ තායිලන්තයට සංචාර
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම 2025 වර්ෂය තුළ ඉහළම කාර්යසාධනයක් වාර්තා කළ අලෙවි නියෝජිතයින් සඳහා සියලු වියදම් සහිත ව සිංගප්පූරුව සහ තායිලන්තය වෙත සංචාර පිරිනමා ඇත.
ට්‍රක් රථ, සැහැල්ලු ට්‍රක් රථ සහ රේඩියල් ටයර් කාණ්ඩවල අලෙවිය වර්ධනය කිරීම සඳහා මාස අටක කාලයක් සඳහා ලබා දුන් ඉලක්ක සාර්ථකව ජයගත් අලෙවිකරුවන් හට ලබා දෙන ඇගයීමක් ලෙස මෙම සංචාරයන් ක්‍රියාත්මක කරන ලදී.
දින පහක් වූ සිංගප්පූරු සංචාරය ආසියාවේ වඩාත්ම සුඛෝපභෝගී නෞකාවක් වන ජෙන්ටින් ඩ්්‍රම් නෞකාවේ දින හතරක ගමනකින් සහ නගරය ගවේෂණය කිරීම සඳහා දිනයකින් ද සමන්විත විය. මහල් 18 කින් සහ අවන්හල් 35 කට අධික සංඛ්‍යාවකින් සමන්විත නෞකාව තුළ මෙම පිරිස සජීවී විනෝදාස්වාද වැඩසටහන්, පිහිනුම් තටාක, ජල ක්‍රීඩා සහ සාද අත්දැකීම අත්විඳින ලදී. තායිලන්තයේ පුකෙට් දූපතේ නෞකාව නතර කිරීම කැපී පෙනෙන සිදුවීමක් වූ අතර දූපතේ වෙරළ, වෙළඳපොළවල් සහ ප්‍රණීත තායි ආහාර රසවිදීමට සහභාගිවූවන්ට අවස්ථාව හිමි විය.
තායිලන්ත සංචාරයට සහභාගී වූ කණ්ඩායමට පතායා සහ බැංකොක් හි දින හතරක් රැඳී සිටීමට අවස්ථාව මෙන් ම චාඕ ෆ්‍රායා නදියෙහි සුන්දරත්වය අත් විඳිමින් චාඕ ෆ්‍රායා ප්‍රින්සස් බෝට්ටුවේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද හිමි විය. බැංකොක්හි, ග්‍රෑන්ඩ් පැලස් සහ වට් අරුන් වැනි ස්ථාන, සජීවී සංගීතය සහ සංස්කෘතික සංදර්ශන මෙන් ම තායි සහ ජාත්‍යන්තර ආහාර රසවිඳීමේ අවස්ථාවද අමුත්තන්ට හිමි විය. පිහිනීම, ජල ක්‍රීඩා සහ විවේකය සඳහා තෝතැන්නක් වන කොරල් දූපත (කෝ ලාර්න්) වෙත එක් දින චාරිකාවක් ද සංචාරයට ඇතුළත් විය. සහභාගී වූවන් සුඛෝපභෝගී ප්‍රතුනම් හි බර්ක්ලි හෝටලයේ නවාතැන් ගත් අතර බැංකොක්හි සාප්පු සවාරි අත්දැකීමද ලබා ගත්හ.
“Travel with CEAT” වැඩසටහන ප්‍රතිලාභ යාන්ත්‍රණයකට වඩා වැඩි දෙයක් වන බවත් එය සියැට් කැලණි සමාගමේ සාර්ථකත්වය මෙන්ම පාරිභෝගික විශ්වාසය ගොඩනැගීමට අලෙවි නියෝජිතයින්ගේ දායකත්වය හඳුනාගැනීමක් වන බව සමාගම පවසයි. “රටේ සෑම තැනකම සිටින අපගේ අලෙවිකරුවන් සියැට් හි මුහුණුවර වනවා,” යැයි සියැට් කැලණි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ෂමල් ගුණවර්ධන මහතා සඳහන් කළේය. “ඔවුන්ගේ කැපවීම සහ පාරිභෝගික සේවය තුලින් සියැට් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් සන්නාමය බවට පත් ව ඇති අතර, මෙම සංචාරයන් ඒ සඳහා ලබා දෙන ලද ස්තූති කිරීමක් වනවා,” යැයි ද ඔහු ප්‍රකාශ කර සිටියේය.
2025 දී බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ වටිනාම ටයර් සන්නාමය ලෙසත්, LMD විසින් ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ජනාදරයට පත් ටයර් සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කරන ලද සියැට්, ශ්‍රී ලංකාවේ වැඩිම අලෙවියක් ඇති ටයර් සන්නාමය වන අතර වාර්ෂිකව ටයර් මිලියන 1.2 කට වඩා අලෙවි කරයි. සියැට් කැලණි වෙළඳපොළ නායකත්වයට පත්වීම තාක්‍ෂණය, නවෝත්පාදනය සහ ධාරිතාවය යන අංශවල තිරසාර ආයෝජන මගින් තහවුරු වේ. සමාගමේ නිෂ්පාදන මාලාව රේඩියල් (මගී මෝටර් රථ, වෑන් සහ SUV), වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්), යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ කෘෂිකාර්මික වාහන යන අංශ සඳහා වන ටයර ආවරණය කරයි.
සියැට් සමාගම ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කරන අතර එහි නිෂ්පාදනයෙන් සියයට 20 ක් පමණ රටවල් 16 කට අපනයනය කරයි. සියැට් කැලණි හවුල් ව්‍යාපාරය පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති සමස්ත ආයෝජනය රුපියල් බිලියන 8.5 ඉක්මවන අතර ඉදිරි මාස 18 තුළ සිදුකරනු ලබන තවත් රුපියල් බිලියන 4.5 ක ආයෝජනය සමඟින් දේශීය ආර්ථිකයට අත්‍යවශ්‍ය දායකත්වයක් සපයන සහ ජාතියේ ප්‍රවාහන අංශයේ විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස එහි ස්ථානය ශක්තිමත් කර ඇත.

