Samsung SmartThings ස්වයංක්‍රීය නිවසක අසමසම අත්දැකීමක් උරුම කරදෙයි
සැම්සුන්හි SmartThings මඟින් බලගන්වනු ලබන නව්‍ය තාක්ෂණික විශිෂ්ටත්වය සමඟින් නිවසේ සැබෑ සුවපහසුව අත්විඳීමේ අවස්ථාව දැන් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයාට උදා වී තිබේ. ඒ දිනෙන් දින වර්ධනය වන SmartThings මඟින් බලගන්වන AI Home සමඟිනි. මෙම සුවිශේෂී නව්‍යකරණ තාක්ෂණය නිසාම ශ්‍රී ලංකාව පුරා නිවාස රැසක පදිංචිකරුවන් හට සැබෑ සුවපහසු ජීවිතයක් අත්විඳීමට හැකි වී ඇති අතරම සැම්සුන්හි තාක්ෂණික හැකියාව ලොවට ප්‍රදර්ශනය කිරීමටද හැකි වී තිබේ.
මෙම සැබෑ තාක්ෂණික පරිවර්තනයේ ප්‍රමුඛතම සාධකය බවට පත්ව ඇති SmartThings අද වන විට ගෝලීය හවුල්කරුවන් 380කට වැඩි ප්‍රමාණයක උපාංග ආකෘති රැසක් සම්බන්ධ කරන අතරම වඩාත් බහුකාර්ය ස්මාර්ට් නිවාස අවකාශයක් නිර්මාණය කරනු ලබයි. සියලු නිෂ්පාදන හා උපාංගයන් බාධාවකින් තොරව සම්බන්ධ කරමින් පරිශීකයන්ට පහසු හා කාර්යක්ෂම ජීවන පරිසරයක් උදා කර දීමට මෙය ඉවහල් වේ.
එකිනෙකට සම්බන්ධ උපාංග සහිත නිවසක්
දශක ගණනාවක් තිස්සේ තාක්ෂණයෙහි අරමුණ බවට පත් වූයේ මානව දැතින් සිදු කරන දේතාක්ෂණික යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් සිදු කිරීමයි. එහෙත් කාලයත් සමඟ බොහෝ දේ වෙනස් කිරීමට SmartThings සමත්ව ඇත්තේ මානව සම්බන්ධතාවකින් තොරව ස්වයංක්‍රීයව ක්‍රියාකරන උපකරණ පද්ධතියකින් නිවස නව්‍යකරණයට ලක් කරමිනි.
ඒ අනුව නිවසේ සැම්සුන් ශීතකරණ, රූපවාහිනී, රෙදි සෝදන යන්ත්‍ර, වායු සමීකරණ යන්ත්‍ර සහ අනෙකුත් හවුල්කාර වෙළෙඳ සන්නාම නිෂ්පාදන එකිනෙකට සම්බන්ධ කිරීම තුලින් කාර්ය බහලු ජීවිත සැබෑ සුවපහසු ජීවිතයක් බවට පත් කිරීමට SmartThings සමත්ව සිටියි.
එහිදී රෙදි සෝදන යන්ත්‍රය රෙදි සේදීමේ කාර්ය ස්වයංක්‍රීයව අවසන් කිරීමෙන් පසු එය කිසිවකුට පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවක් සිදු නොවන අතර ඒ පිළිබඳ ආලිනදයේ රූපවාහිනිය තුලින් එය පරීක්ෂා කිරීමට හැකි වේ. මුලුතැන්ගේ සිට ආහාර පිළියෙ කරමින් සිටින ගෘහණියට ශීතකරණ තිරය භාවිත කරමින් කාමරටක වායු සමීකරණ ක්‍රියාත්මක කිරීමටද මෙම තාක්ෂණය තුලින් හැකි වන අතර නිවසේ සෑම අවකාශයක්ම එක් තැනක සිට 3D තාක්ෂණය සහිතව නිරීක්ෂණය කිරීමේ හැකියාවද මෙහි ඇති තවත් සුවිශේෂී හැකියාවකි. එමෙන්ම නිවසින් බැහැරට යන ඕනෑම විටකදී ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ‘’Away Mode” හරහා විදුලි බල්බ හා ක්‍රියාත්මකව පවතින උපකරණ අක්‍රිය කිරීමද මෙහිදී සිදු වේ.
මේ නිසා ඕනෑම අයෙකුට කිසිඳු බාධාවකින් හා ගැටලුවකින් තොරව සියලු කාර්යයන් පහසුවෙන් සිදු කර ගැනීමට හැකි වීම අරුමයක් නොවේ.
මහන්සියක් නැතිව ගොඩක් වැඩ කරන්න
සැම්සුන්හි තවත් සුවිශේෂී නව්‍යකරණ හඳුන්වාදීමක් ලෙස AI Energy Mode සඳහන් කළ හැකිය. ඒ යටතේ අවම විදුලිය පරිභෝජනයක් තුලින් පරිශීකයින්ට විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවීමද විශේෂත්වයකි.
එහිදී AI Energy Mode සක්‍රිය කළ පසු ශීතකරණය සඳහා වන බලශක්ති භාවිතය 10%ක් දක්වාද, රෙදි සෝදන යන්ත්‍රය සඳහා 70%ක් දක්වාද වායු සමීකරණ යන්ත්‍ර සඳහා 30% දක්වාද අවම කර ගැනීමට හැකි වනු ඇත.
වායු සමීකරණ යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය, පාරිසරික තත්වයන් සහ ඒ මොහොතේ පවතින බලශක්ති අවශ්‍යතාවන් අනුව ස්වයංක්‍රීයව සිදුවන AI Energy Mode ක්‍රියාකාරීත්වය හේතුවෙන් උෂ්ණත්ව ප්‍රමාණයන් නැවත නැවත සකස් කිරීමට හෝ නිරීක්ෂණය කිරීමට අවශ්‍ය නොවේ. මෙයද නිවසේ බලශක්තිය පිරියැය අවම කරමින් සුවපහසුව ඉහළ නැංවීමට සුවිසල් හේතුවක් වනු ඇත.
කොහේ සිටියත් ආදරණීයන් සහ සුරතල් සතුන්ට ආරක්ෂාවක්
නිවසක සුරතල් සතකු යනු ඒ නිවසේ විශේෂ කොටසකි. ඒ නිසාම නිවැසියන් තමන්ගේ සුරතල් සතුන් පිළිබඳව වෙනදාට වඩා අවධානය යොමු කිරීම පුරුද්දක් කොට ගෙන ඇති අතර එය පහසුවෙන් සිදු කර ගැනීම සඳහා SmartThings සහයෝගය ලබා දෙයි.
රැකියාව, විදේශ සංචාර, ව්‍යාපාර හෝ වෙනත් එදිනෙදා වැඩකටයුතු හේතුවෙන් තමන්ගේ ආදරණීයයන් සමඟ මෙන්ම සුරතලුන් සමඟ සම්බන්ධ වීමේ හැකියාවක් නොලැබී යා හැකි වීම දුර්ලභ තත්වයක් නොවේ. එවන් අවස්ථාවකදී සුරතලාගේ අසාමාන්‍ය හැසිරීමක්, දිගුකාලයක් යම් උපකරණය භාවිත නොකිරීමක් වැනි දේ පිළිබඳ පණිවිඩයක් පරිශීලකයා වෙත යැවීමට කටයුතු කරන SmartThings ඖෂධ ගන්නා වේලාවන් මතක් කිරීම, ජලය පානය කිරීමට දිරි ගැන්වීම මෙන්ම සෞඛ්‍යය යහපැවැත්ම සඳහා වන උපාංග භාවිත කිරීම වැනි අවස්ථාවන්ලදීද පරිශීලකයාට සුවිසල් පහසුවක් අත්කර දෙයි.
සතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නන් හට තමන් ඔවුන් ළඟ නොමැති වුවද උණුසුම් කාලගුණයක් සහිත දිනයකදී ඕනෑම තැනක සිට සුරතලාගේ කාමරය සිසිල් කිරීමට හැකි අතරම ඒ හා සම්බන්ධ ගෘහ කැමරා පරීක්ෂා කිරීමද හැකියාව ඇත. සුරතලා බුරන ශබ්දයක් පිළිබඳ නිරීක්ෂණය වුවහොත් රූපවාහිනියේ මිහිරි සංගීතයක් වාදනය කිරීමටත් දිගුකාලයක් නිවසින් බැහැරව සිටියද ඒ පිළිබඳ සුරතලාට නොදැනෙන ආකාරයෙන් කටයුතු කිරීමට මෙම සුවිශේෂී උපාංගයන් ඉවහල් වනු ඇත.
සැම්සුන් විසින් IFA 2025 හිදී Smart Modular Home සංකල්පය හඳුන්වා දුන් අතර මේ වන විටත් පරිපූර්ණ ජීවිතයක් සඳහා වන AI පාදක කොටගත් සංකල්පයක් බවට එය පත්ව තිබේ. එහෙයින් AI Home සංකල්පය සැම්සුන් පාරිභෝගිකයින්ට අදම අත්විඳීමට හැකි වනු ඇත.
මෙම සුවිසල් පරිවර්තනයේ ප්‍රමුඛතම සාධකය වන්නේ Ambient intelligence ය. ඒ ඒ උපාංගයන්හි හැකියාවන් අවබෝධ කර ගැනීම, අවශ්‍යතා පුරෝතකනය කිරීම සහ ස්වයංක්‍රීයව ක්‍රියා කිරීමට අවස්ථාව උදා කිරීම ඒ තුලින් සිදු වේ. ඒ නිසාම කිසිඳු මානව ක්‍රියාකාරකමකින් තොර ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කාර්යක්ෂම නිවසක් සියලු දෙනාට උරුම කර ගත හැකිය.
SmartThings සහ AI Home තාක්ෂණයන් තුලින් නව්‍යකරණයේ විශිෂ්ටත්වය පාරිභෝගිකයා වෙත ගෙන ඒමට සමත්ව ඇති සැම්සුන් කාර්ය බහුල ජීවිතය සුවපහසු හා කාර්යක්ෂම ජීවිතයක් මෙන්ම සියලු පහසුකම්වලින් සපිරි නිවසක් ඔවුන් වෙත උරුම කර දීමට කටයුතු කර ඇත. ඔබ ගමේ හෝ නගරයේ ජීවත් වුවද ඔබේ එදිනෙදා ජීවිතයේ සුවපහසුව, විවේකය හා විනෝදාස්වාදය පමණක් නොව ආරක්ෂාව වෙනුවෙන් මෙම නව්‍යකරණයන් සුවිසල් ප්‍රතිලාභයක් අත්කරදෙනු නිසැකය.
මෙවන් අසමසම අත්දැකීමක් සමඟින් ජීවිතයේ සතුට අත්විඳින්න අදම සිංගර්, සිංහගිරි, දම්රෝ සහ සොෆ්ට්ලොජික් ප්‍රදර්ශනාගාරයන් වෙත පැමිණෙන්න.

