November 19, 2025
ව්‍යවසාය ක්ෂේත්‍රයේ බහුකාර්යතාවය වැඩි දියුණු කරමින්, 99x විසින් Agentri AI නිල වශයෙන් හඳුන්වාදෙයි
පුවත්

ව්‍යවසාය ක්ෂේත්‍රයේ බහුකාර්යතාවය වැඩි දියුණු කරමින්, 99x විසින් Agentri AI නිල වශයෙන් හඳුන්වාදෙයි

Nov 18, 2025

ගෝලීය නිෂ්පාදන ඉංජිනේරු සමාගමක් වන 99x ආයතනය, Agentic AI හි අනාගතය ඉදිරියට ගෙන යාමේ සිය නවෝත්පාදන නිෂ්පාදනය වන Agentri AI එළිදැක්වීම සඳහා පසුගියදා කොළඹ Cinnamon Grand හිදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය. එම අවස්ථාවේ දී සමාගමේ දැක්ම, නව වෙළඳපොළ ඔස්සේ උපායමාර්ගික ව්‍යාප්තිය සහ ශ්‍රී ලංකාව නවෝත්පාදන සඳහා AI තාක්ෂණය ක්‍රියාත්මක කරන කේන්ද්‍රස්ථානයක් වශයෙන් ස්ථානගත කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය සමඟ කතිකා කිරීමට 99x හි ගෝලීය නායකයින්ට හැකි වූහ.

මෙම එළිදැක්වීමේ අවස්ථාව සඳහා 99x Asia හි නිර්මාතෘ මනෝ සේකරම්, 99x නෝර්වේ හි  සමූහ ප්‍රධාන විධායක නිලධාරී Odd-Sverre Østlie, 99x නෝර්වේ සමූහයේ ප්‍රධාන මුල්‍ය නිලධාරී Trygve Moe, ප්‍රධාන විධායක නිලධාරී හසිත් යග්ගහවිට, ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනි ෂෙහානි සෙනෙවිරත්න සහ 99x නිෂ්පාදන ඉංජිනේරු, ප්‍රධාන AI නිලධාරී චතුර ද සිල්වා ඇතුළු 99x නායකත්ව කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයින් රැසක් එක්ව සිටියහ.

උත්සවය ආරම්භ කරමින්, 99x නිෂ්පාදන ඉංජිනේරු අංශයේ ප්‍රධාන විධායක නිලධාරී හසිත් යග්ගහවිට මහතා, ගෝලීය AI ක්ෂේත්‍රය තුළ 99x හි දැක්ම සහ අපේක්ෂාවන් ඉදිරිපත් කළේ ය. 99x ඉංජිනේරු කණ්ඩායම් AI මෙවලම් භාවිත කර ඇති ආකාරය සහ AI විශේෂාංග සක්‍රීය කරමින් ඔවුන්ගේ නිෂ්පාදන වැඩි දියුණු කිරීම සඳහා බොහෝ ගනුදෙනුකරුවන් සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳව ඔහු කරුණු දැක්වීය. ඉන් අනතුරුව මෙම උත්සවයේ කැපී පෙනෙන අංගය වූයේ 99x හි ස්වයංක්‍රීය බහු විශේෂිත AI පද්ධතිය (Agentic Orchestrator Platform) නිල වශයෙන් එළිදැක්වීමයි. මෙම Agentri පද්ධතිය තුළින් ගනුදෙනුකරුවන්ට කර්මාන්ත හරහා ඔවුන්ගේ ව්‍යාපාර ක්‍රියාවලීන් පරිවර්තනය කිරීමට හැකියාව ලැබෙන අයුරු ද හසිත් යග්ගහවිට පෙන්වා දුන්නේ ය.  

Generative AI ක්‍රියාවලිය මේ වනවිට දැවැන්ත ඉදිරි පියරවක් සනිටුහන් කර තිබෙන නමුත්, සැබැවින්ම පරිවර්තනයක් සිදු වන්නේ සම්මිශ්‍රණය වූ ව්‍යාපාරික අභියෝගයන්ට මුහුණ දීම සඳහා AI නියෝජිතයින් ඒකාබද්ධ කිරීමෙන් බව හසිත් යග්ගහවිට මෙහිදී පැහැදිලි කළේ ය. ඉංජිනේරු විශේෂඥතාව, නවෝත්පාදනය සහ මානව තීක්ෂ්ණ බුද්ධිය ඒකාබද්ධ කරන බහුපියවර පද්ධතියක් වන Agentri AI පිටුපස තිබෙන මූලික අදහස මෙය බව ඔහු පැවසීය. වඩාත් ප්‍රබල හා ඵලදායී විසඳුමක් වශයෙන් 99x විසින්ම නිර්මාණය කරනු ලැබූ ස්වයංක්‍රීය බහු විශේෂිත AI පද්ධතිය, මේ වනවිට ලොව පුරා සිටින ගනුදෙනුකරුවන්ට සැබෑ ප්‍රතිඵල අත්පත් කර දෙමින් තිබෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

පසුගිය වසර පුරාවට, 99x හි Agentic AI රාමුව මූල්‍ය සේවා, නීතිමය, රක්ෂණ, ප්‍රවාහන සහ ගිණුම්කරණය වැනි අංශ හරහා ව්‍යාපෘතීන් සාර්ථකව මෙහෙයවා තිබේ. එම ව්‍යාපෘතිවල වටිනාකම් ප්‍රමාණාත්මක වශයෙන් ලබා දී තිබෙන අතර ව්‍යාපාර සඳහා වේගවත් ප්‍රතිඵල අත්පත් කර ගැනීමට ද උපකාරී වී ඇත. මෙම සාර්ථකත්වය නිෂ්පාදන ඉංජිනේරු තාක්ෂණය සහ ඩිජිටල් පරිවර්තතනයේ විශ්වාසවන්ත ගෝලීය හවුල්කරුවෙකු ලෙස 99x හි ස්ථාවරත්වය මනාව පිළිබිඹු කරනු ලබයි.

99x සමූහයේ ගෝලීය ගමනෙහි වත්මන් තත්ත්වය පිළිබඳ පැහැදිලි කරමින්, 99x නෝර්වේ හි  සමූහ ප්‍රධාන විධායක නිලධාරී Odd-Sverre Østlie විසින් සමාගම යුරෝපය, ඇමරිකාව සහ ආසියාව පුරා ස්ථාවරව ව්‍යාප්ත වූ අයුරු මෙසේ පෙන්වා දුන්නේ ය. ‘‘පසුගිය වසර පුරාවට අපගේ වර්ධනය නවෝත්පාදන අරමුණුවලින් සමන්විත වූ අතර, අපගේ ගනුදෙනුකරුවන්ට තාක්ෂණය තුළින් සාර්ථක වීම සඳහා උපකාර වීමට ගැඹුරින් අවධානය යොමු කළේ ය. ඒ සඳහා අපි යුරෝපයේ ඉහළ කාර්යසාධනයක් සහිත සමාගම් කිහිපයක් අත්පත් කරගෙන තිබෙන අතරම තවත් ඉල්ලුම්කරුවන් දෙපළක් සමග ක්‍රියාකාරී සාකච්ඡාවල යෙදී සිටින්නෙමු. අපගේ මෑත කාලීන අත්පත් කර ගැනීම් අතරට Solvr සහ Clave සහ Fabres (පෝලන්තය) හි ප්‍රධාන කොටසක් ඇතුළත් වේ. අපගේ ඉලක්කය වන්නේ අපගේ සමාගම ක්‍රියාත්මක වන සියලුම කලාපවලින් ඉහළම තාක්ෂණ කුසලතා එක්රැස් කර ගැනීමට හැකි, දිගුකාලීන වටිනාකමක් සහිත ඉංජිනේරු හවුල්කරුවෙකු වීමයි’’

ශ්‍රී ලංකාවේ වර්ධනය වන තාක්ෂණික කුසලතා සංචිතය සහ ගෝලීය AI පරිසර පද්ධතියට දායක විය හැකි දේශීය වෘත්තිකයින්ට ඇති අවස්ථා පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. AI සහ නිෂ්පාදන ඉංජිනේරු කුසලතා සඳහා ඇති ඉල්ලුම වේගයෙන් ඉහළ යන බව ප්‍රධාන මෙහෙයුම් නිලධාරීනි, 99x නිෂ්පාදන ඉංජිනේරු – ෂෙහානි සෙනෙවිරත්න මහත්මිය එහිදී පැවසුවාය. ඒ සමගම AI මෙවලම් භාවිතා කිරීමට දක්ෂ ඉංජිනේරුවන්ගේ අවශ්‍යතාවයද වේගයෙන් ඉහළ යමින් තිබෙන බව ද ඇය පෙන්වා දුන්නාය. AI මෙවලම් ඵලදායී ලෙස භාවිතා කිරීමෙන් සපුරාලිය හැකි ඉල්ලුමක් වන සංකල්ප සනාථ කිරීමේ වේගවත් බෙදාහැරීමක් මේ වනවිට ගනුදෙනුකරුවන් අපේක්ෂා කරන බව ඇය පැවසුවාය. කර්මාන්ත සැසි, මාර්ගෝපදේශන වැඩසටහන් සහ hackathon තුළින් 99x සමාගම, විශ්ව විද්‍යාල සමඟ සමීපව කටයුතු කරන බව සඳහන් කළ ඇය එමගින් සිසුන්ට සැබෑ ලෝකයේ නවෝත්පාදනයන් අත්විඳීමට අවස්ථාව උදා වන බව ද වැඩිදුරටත් පෙන්වා දුන්නා ය.

Agentic AI හි අනාගතය, 99x හි නවෝත්පාදන සැලසුම් සහ ශ්‍රී ලංකාවේ ඊළඟ පරම්පරාවේ AI කුසලතා වර්ධනය කිරීම සඳහා වන අඛණ්ඩ උත්සාහයන් පිළිබඳව මාධ්‍යවේදීන් සමග කතිකා කළ විද්වත් මණ්ඩල සාකච්ඡාවකින් පසුව මෙම එළිදැක්වීමේ උත්සවය නිමාවට පත් විය. මේ අනුව යුරෝපීය මෘදුකාංග සංවර්ධන සමාගම් සහ ව්‍යවසායන් සඳහා ඩිජිටල් නිෂ්පාදන සහ පද්ධති සකස් කරන ගෝලීය තාක්‍ෂණ ප්‍රමුඛයෙකු ලෙස 99x හි ස්ථානය නැවත වරක් තහවුරු කරනු නිසැකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close