දකුණු ආසියාවේ ප්‍රථම “Quit Like Sweden” දුම්කොළ විරෝධී සංවාදය කොළඹදී සාර්ථකව නිමාව දකියි
එක්සත් රාජධානිය පදනම් කරගත් ලාභ නොලබන ජාත්‍යන්තර ආයතනයක් වන විසින් සංවිධානය කරන ලද දුම්කොළ නිසා ඇති වන හානි අවම කිරීම සඳහා වන සංවාදය පසුගියදා කොළඹදී සාර්ථකව නිමාව දැකීය. ලොව පුරා විශේෂඥයින් රැසක් එක්ව සිටි මෙම අවස්ථාවෙහි අරමුණ වූයේ දුම්කොළ හානි අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇතුලු දකුණු ආසියාතික රටවල් තම සංස්කෘතීන් අනුව කටයුතු කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමයි.
ස්වීඩනය වර්තමානයේ අවම දුම්පාන අනුපාතයකට හිමිකම් කියන රටකි. දුම් පානය කරන වැඩිහිටියන්ගෙන් 5.3%ක් පමණක් සිටින අතර එය යුරෝපයේ දුම්පානයෙන් තොර ජාතියක් බවට පත් කිරීමේ ආරම්භය සනිටුහන් කිරීමකි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව දුම්පානයේ ව්‍යාප්තිය 5% හෝ ඊට අඩු වූ විට රටක් දුම් පානයෙන් තොර රටක් ලෙස සලකනු ලබන බවයි.
ස්වීඩනය මෙහිදී ලබා ගෙන ඇති ජයග්‍රහණය වන්නේ දුම්පානය නැවැත්වීමට උනන්දු වන පුද්ගලයින් ඉහළ යාම හේතුවෙන් දුම්වැටි මිල පහත බැසීමට හේතු වී ඇත. ඊට දශක ගණනාවක් තිස්සේ දුම්කොළවලට එරෙහිව ගනු ලැබූ පියවර ඉතා වැදගත් විය. දුම්පානය ආශ්‍රිත රෝගයන්හි ප්‍රමාණය අඩුකර ගැනීම සඳහා මෙම අත්දැකීම් ගෝලීය වශයෙන් බෙදා ගැනීමට Quit Like Sweden කැපවී කටයුතු කරයි.
මෙහිදී අදහස් දැක්වූ Quit Like Sweden හි අධ්‍යක්ෂ Suely Castro සඳහන් කර සිටියේ‘ලෝකයේ දුම්පානය කරන්නන්ගෙන් 80%ක් පමණ ජීවත් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල බවයි.
ශ්‍රී ලාංකේය පිරිමින්ගෙන් 17.7%ක් දුම්පානය කරනු ලබන අතර වාර්ෂිකව 12,000කට ආසන්න ප්‍රමාණයක් ඒ හේතුව නිසා මරණයට පත්වන බවත් දුම් පානය කිරීම අවම කිරීම හා පෙනහලු පිළිකා ප්‍රතිකාහ තුලින් 2016 වන විට ජීවිත 85,000ක ප්‍රමාණයක් බේරා ගැනීමට හැකි වන බවත් මෙහිදී අදහස් දැක්වූ හෘද වාහිනී වෛද්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය රොහාන් සෙකුයිරා මහතා සඳහන් කරන ලදී.
මෙහිදී අදහස් දැක්වූ නවසීලන්ත මහාචාර්ය Marewa Glover සඳහන් කර සිටියේ නවසීලන්තයේ දුම්පානයේ ව්‍යාප්තිය 6.9%ක් දක්වා අවම කිරීමට හැකි වී තිබෙන බවයි. ඊට ඉලක්කගත දැනුවත් කිරීමේ ව්‍යාපාර, හැසිරීම් සඳහා මැදිහත්වීම සහ තාක්ෂණික සහාය ඇතුලු විවිධ උපාය මාර්ගයන් රටවල් අනුගමනය කරන බවත් ජනතාවට අනුගමනය කිරීම සඳහා මාර්ග ලබා දීම ඉතා වැදගත් වන බවද මෙහිදී ඇය පෙන්වා දෙන ලදී.
ඒ අනුව ස්වීඩනය හා නවසීලන්තය වැනි දුම්බීමේ හැකිය අවම කරගෙන ඇති රටවල් අඩු අවදානම් විකල්පයන් ව්‍යාප්ත කරමින් දුම්පානය කරන්නන්ගේ අනුපාතය භාගයකින් පමණ අඩු කිරීමට කටයුතු කර ඇත. පොදු ස්ථානයන්හි දුම්පානය කිරීම තහනම් රටවලට වඩා මෙය බොහෝ වෙනස් වේ. ඉන්දියාවේ සමස්ත දුම්කොළ භාවිතය 30%කට ආසන්න වේ. මේ තුලින් පැහැදිලි වන්නේ ඉහත සඳහන් කළ ආකාරයේ තහනම් කිරීම් දුම්පානය අවම කිරීමට ප්‍රබල හේතුවක් නොවන බවයි.
මෙහිදී අදහස් එක් කළ Linköping විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Fredrik Nystrom දුම්පානය කරන්නන් අපරාධකරුවන් නොවන බවත් ඔවුන් කොන් කිරීම නොකළ යුතු බවත්ය. දුම්පානය තහනම් කිරීම එය තව දුරටත් ඉහළ යාමට හේතුවක් විය හැකි අතර දුම්පානය කරනනන්න සමඟ සම්බන්ධව කටයුතු කිරීම වඩා ඵලදායී බවද ඔහු පෙන්වා දෙන ලදී.
අවසාන වශයෙන් ශ්‍රී ලංකාව පිළිබඳව සැලකීමේදී දුම්පානය නැවැත්වීම සඳහා අවශ්‍ය සහාය ලබා දීම, අඩු අවදානම් විකල්ප සහ ප්‍රවේශය සහතික කිරීම මෙන්ම දේශීය අවශ්‍යතා සමඟ හානි අවම කිරීමේ පියවර අනුමනය කළ යුතු බවටද ඔවුන් සාකච්ඡා කරන ලදී.

