February 15, 2026
රග්බි ක්‍රීඩාවට නව ජීවයක් එක් කිරීම සඳහා Vantage සහ CR & FC අත්වැල් බැඳගනී
පුවත්

රග්බි ක්‍රීඩාවට නව ජීවයක් එක් කිරීම සඳහා Vantage සහ CR & FC අත්වැල් බැඳගනී

Nov 15, 2025

ක්‍රීඩාව සහ විලාසිතාව අතර නව සම්බන්ධතාවයක් ගොඩනංවමින්, Ebony Holdings (Pvt) Ltd හි ප්‍රමුඛතම සන්නාමය වන Vantage, 2025/26 රග්බි තරග වාරය සඳහා ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එක් වෙමින් සිලෝන් රග්බි සහ පාපන්දු සමාජය (CR & FC) සමඟ අත්වැල් බැඳ ගනී. කොළඹ 07, CR & FC ක්‍රීඩාංගණයේදී පැවති නිල ජර්සි එළි දැක්වීමේ උත්සවයේ දී මෙම නව සහයෝගීතාවය තහවුරු කළ අතර, එය ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව තවදුරටත් ශක්තිමත් කිරීමේ නව පියවරක් ලෙස සැලකිය හැකිය.


එමෙන්ම මෙම අවස්ථාවේ දී CR & FC සාමාජිකයින් සඳහාම විශේෂ වූ උසස්ම තත්ත්වයේ නිෂ්පාදනයකින් යුතු, උසස්ම තත්ත්වයේ සීමිත කමිස 250 ක් එළිදක්වන ලද අතරම, මෙමඟින් සන්නාමයේ කීර්තිය හා ශිල්පීය හැකියාව මෙයින් මනාව විදහා දැක්වේ. තවදුරටත් මෙම සහයෝගීතාවයෙන් ලැබෙන  ආදායම CR & FC සමාජයේ රග්බි සංවර්ධන ව්‍යාපෘති සඳහා යොමු කරන අතරම, මෙය සම්ප්‍රදායික වටිනාකම් සහ දෙපාර්ශවයේ සහයෝගීතාවය විදහා දක්වන හවුල්කාරිත්වයකි.

CR & FC හි ක්‍රීඩා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සිදුවූ මෙම සුවිශේෂි අවස්ථාවේ, නිල කණ්ඩායම් ජර්සිය හඳුන්වාදීම, අනුග්‍රාහකයන් ඇගයීම මෙන්ම විශේෂ දේශන කීපයක් ද පැවැත්වීය. මෙමඅවස්‍ථාව සඳහා CR & FC හි සභාපති ටිකිරි ඇල්ලෙපොළ මහතා, ශ්‍රී ලංකා රග්බි සංගමයේ නියෝජිතයින්, අනුග්‍රාහකයින් සහ මාධ්‍යවේදීන් ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගි වූහ.

මෙම අවස්ථාව සම්බන්ධයෙන් Ebony Holdings හි නියෝජ්‍ය අධ්‍යක්ෂ උමාර් රස්මි මහතා මෙසේ පැවසීය. “රග්බි යනු නිර්භීතකම, එකමුතුකම සහ අධිෂ්ඨානය මත ගොඩනැගුණු ක්‍රීඩාවකි. මෙම විශේෂිත කරුණු අපගේ වෙළඳ නාමය සමඟද බැඳී ඇති අතර, CR & FC සමඟ එක්වීම තුළින් අපි, රග්බි ක්‍රීඩාව බලගන්වමින්, ක්‍රීඩකයින්ට රටේ යහපත සඳහා ආඩම්බරයෙන් ක්‍රියා කිරීමට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන්නෙමු”

එමෙන්ම මෙම සහයෝගීතාවයට Asia Security Group, TVS Lanka (Pvt) Ltd, Sport Nutrition Hub (Pvt) Ltd, සහ Fintrex Finance PLC යන ආයතනයන් හි සම අනුග්‍රාහක දායකත්වයද ලැබී ඇති අතර, මේ සෑම ආයතනයක් ම ශ්‍රී ලාංකික රග්බි ක්‍රීඩාව ඉහළ නැංවීමේ ප්‍රධාන ඉලක්කයට දායක වෙති.

දශක දෙකකට පෙර ආරම්භ වූ Ebony Holdings, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රෙදිපිළි නිෂ්පාදකයෙකු සහ බෙදාහරින්නෙකු ලෙස කීර්තියක් දිනා ඇති අතර, වැන්ටේජ් සන්නාමය නූතන පිරිමි විලාසිතාවේ සංකේතයක් බවට පත්ව ඇති වෙළඳ නාමයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close