February 14, 2026
ලංකා බැංකුව 2025 ලෝක අලෙවිකරණ සමුළුවේ නිල බැංකු සහකරු ලෙස අත්වැල් බැඳගනී
පුවත්

ලංකා බැංකුව 2025 ලෝක අලෙවිකරණ සමුළුවේ නිල බැංකු සහකරු ලෙස අත්වැල් බැඳගනී

Nov 13, 2025

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පවත්වන ලද ‘2025 ලෝක අලෙවිකරණ සමුළුව’ පසුගිය දා ගල්කිස්ස මවුන්ට් ලැවීනියා හෝටලයේ දී අති සාර්ථකව පැවැත්විණි. ආසියානු අලෙවිකරණ සම්මේලනයේ (AMF), ආසියානු සුළු පරිමාණ ව්‍යාපාර සම්මේලනයේ (ASBF) සහ ලෝක අලෙවිකරණ සංසදයේ (WMF)  නියෝජිතයින් ඇතුළු ව රටවල් 40ක නියෝජිතයින් 150 කට අධික සංඛ්‍යාවක් සහභාගි වූ මෙම කීර්තිමත් වැඩසටහනේ නිල බැංකු සහකරු ලෙස ලංකා බැංකුව අත්වැල් බැඳ ගැනීම  විශේෂත්වයකි.

නොවැම්බර් 13 වන දින පැවති මෙම සමුළුවේ දෙවන දිනයේ දී ප්‍රධාන දේශනය පැවැත්වූ ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා, ‘ජාතික නිපුණතා සහ වර්ධනය මෙහෙයවන ප්‍රධාන බලවේගය වන්නේ අලෙවිකරණය යි’ යන තේමාව යටතේ සිය දේශනය සිදු කළ අතර, ඔහුගේ දේශනයේ දී, ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම, නවෝත්පාදන අලෙවිකරණය සහ තරගකාරිත්වය ජය ගැනීම සඳහා අලෙවිකරණ ක්ෂේත්‍රය ඉටු කරන අතිශය වැදගත් කාර්යභාරය පිළිබඳ ව අවධාරණය කෙරිණි.

ගෝලීය වශයෙන් ප්‍රශස්ත ම උපායමාර්ග පිළිබඳ ව දැනුවත් කිරීම, සබඳතා ශක්තිමත් කර ගැනීම  සහ ආයෝජකයින් හා වෘත්තිකයන් සඳහා නව අවස්ථා විවෘත කිරීම සඳහා මෙම සමුළුව වටිනා වේදිකාවක් නිර්මාණය කළ අතර, එහි දී සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වර්ධනයට අවශ්‍ය අධ්‍යන ක්ෂේත්‍ර රැසක් පිළිබඳ ව අවධානය යොමු කිරීම විශේෂත්වයක් විය. එමෙන් ම  අලෙවිකරණ විශිෂ්ටත්වය සහ ගෝලීය සහයෝගිතා සඳහා නැගී එන කේන්ද්‍රස්ථ්නයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම වෙනුවෙන් මෙවර ලෝක අලෙවිකරණ සමුළුව සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ බව ද සඳහන් කළ යුතු ම කරුණකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close