November 28, 2025
ශ්‍රී ලංකාවට ආවේණික ඕකිඩ් මල් අනාගත පරම්පරාව සඳහා සංරක්ෂණය කිරීමට Spa Ceylon කැපවෙයි
පුවත්

ශ්‍රී ලංකාවට ආවේණික ඕකිඩ් මල් අනාගත පරම්පරාව සඳහා සංරක්ෂණය කිරීමට Spa Ceylon කැපවෙයි

Nov 13, 2025

ලොව විශාලතම Luxury ආයුර්වේද ජාලය වන Spa Ceylon, දින 3ක බහු-සංවේදක අත්දැකීමක් (Immersive Experience එකක්) වන ‘Orchid Paradise’ එළිදැක්වීමේ උත්සවයේදී ශ්‍රී ලංකාවේ දේශීය සහ ආවේණික ඕකිඩ් සංරක්ෂණය සඳහා සිය කැපවීම නිවේදනය කළේය. නොවැම්බර් 7 වනදා සිට 9 වනදා දක්වා දින 3ක් පුරාවට මෙය Colombo City Centre හිදී (CCC) මහජනතාව සඳහා නොමිලයේ විවෘතව පවතී.

මෙම අද්විතීය බහු-සංවේදක චාරිකාව, දිවයිනේ නිවර්තන වැසි වනාන්තරවල පිපෙන ආකර්ශනීය ඕකිඩ් මල්වලින් Inspire වුණු, Spa Ceylon හි Limited Edition Festive Collection එකේම දිගුවක් වන අතර එය රටේ දුර්ලභ උද්භිද විද්‍යාත්මක උරුමයට කරන උපහාරයක් ලෙස සඳහන් කළ හැකියි.

මේ ගැන සිය අදහස් දැක්වූ Spa Ceylon හි සම-නිර්මාතෘ සහ සමූහ අධ්‍යක්ෂ ශලින් බාලසූරිය කියා සිටියේ “තිරසාරභාවය සහ සවිඥානික යහපැවැත්ම සඳහා කැප වූ සන්නාමයක් විදියට, Spa Ceylon අපේ පුංචි දූපත තුළ අත්‍යවශ්‍ය පාරිසරික අරමුණු සඳහා අඛණ්ඩව සහය දක්වනවා. මේ වසරේදී, විවිධ පාරිසරික අභියෝගවලින් තර්ජනවලට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවට ආවේණික ඕකිඩ් ජෛව විවිධත්වය සංරක්ෂණය කරන්නට අපි දායක වෙනවා. ‘Orchid Paradise’ කියන මේ මුලපිරීම හරහා, විද්‍යාත්මක පර්යේෂණ, සංරක්ෂණ කළමනාකරණය සහ තිරසාර ජෛව විවිධත්ව භාවිතවල ජාතික ධාරිතාවය ශක්තිමත් කිරීම අපේ අරමුණ වනවා. ඊට අමතරව, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ජෛව විවිධත්ව සංරක්ෂණ කැපවීම්වලට සහාය වෙන්නටත්, දේශීය ශාක සංරක්ෂණයේ වැදගත්කම ගැන මහජනතාව දැනුවත් කරන්නටත් අපි මෙයින් බලාපොරොත්තු වෙනවා.” යනුවෙනුයි.

Spa Ceylon හි සම-නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ, ශිවන්ත ඩයස් මේ ගැන පවසා සිටියේ “Spa Ceylon හිදී, අපි සැමවිටම ශ්‍රී ලංකාවේ පොහොසත් ජෛව විවිධත්වයෙන් සහ සංස්කෘතික උරුමයෙන් අපේ ඇසුරුම්කරණය සහ සුවඳ විලවුන්වල සිට අපේ සූත්‍රගත කිරීම් තුළ ඇති අමුද්‍රව්‍ය දක්වා නිර්මාණාත්මක ආශ්වාදයක් ලබාගෙන තිබෙනවා. අපේ දිවයිනේ ශාකවල සුන්දරත්වය සැමරීමෙන් සහ මේ නිර්මාණ ලොවට ගෙන යාමෙන්, අපි අරමුණ සහ වගකීම පිළිබඳ පණිවිඩයක් බෙදා ගන්නවා. ‘Orchid Paradise’ හරහා, අනාගත පරම්පරා වෙනුවෙන් අපේ ස්වභාවික වස්තු ආරක්ෂා කිරීම, අපේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම මෙන්ම සොබාදහම ආරක්ෂා කිරීම, ප්‍රජාවට මතක් කර දීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනුයි.

Spa Ceylon හි ‘Orchid Paradise’ – Limited-Edition Festive Collection එකෙන් කරන සෑම මිලදී ගැනීමකින්ම ලැබෙන ආදායමෙන් ප්‍රතිශතයක් ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර කලාපවල දේශීය හා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ඕකිඩ් සංරක්ෂණය හා දිගුකාලීන ආරක්ෂාව සඳහා සහාය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close