NDB බැංකුව 2025 ජාතික විකුණුම් සම්මාන උළෙලේදී, බැංකු කාණ්ඩයේ පෙරමුණ ගනී
ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද 2025 කීර්තිමත් ජාතික විකුණුම් සම්මාන උළෙල (National Sales Awards) හිදී විකුණුම් කාර්යය සාධනය සහ සේවා සැපයීමේ නායකත්වය පිළිබඳ විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කරමින් NDB බැංකුව, බැංකු අංශයේ ඉහළම ගෞරවය දිනා ගැනීමට සමත් විය. මෙම සම්මාන උළෙල ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ක‍්‍රියාශීලි විකුණුම් වෘත්තිකයන්ගේ කැපී පෙනෙන ජයග‍්‍රහණ සමරනු ලැබූ අතර, NDB බැංකුවේ සාර්ථකත්වය බැංකුවේ කාර්යය සාධන විශිෂ්ටත්වය කරා ගමන් කරන අඛණ්ඩ ගමන් මෙඟ් තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.
සිය දක්ෂ විකුණුම් බලකායේ ශක්තිය හා කැපවීම විදහා දක්වමින්, NDB බැංකුව, රන්, රිදී, ලෝකඩ සහ කුසලතා සම්මාන රැසක් දිනා ගනිමින් බැංකු අංශය පුරා ජයග‍්‍රහණය රැසක් හිමිකර ගත්තේය. සඳුනි මහේෂිකා, අලෙවි විධායක – බැංකු කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබූ අතර, රාජන්ත චන්දුල එම කාණ්ඩයේම රිදී සම්මානය දිනා ගැනීමට සමත් විය. සුවිශේෂී සේවාවක් සහ පාරිභෝගිකයින් සමඟ සම්බන්ධ වීමේ ක‍්‍රියාශීලී හැකියාව පෙන්නුම් කරමින්, සෂිනි හංසිකා ඉදිරි පෙළ – බැංකු කාණ්ඩයේ රිදී සම්මානය ලබා ගත්තාය.
නායකත්වය සහ ප‍්‍රාදේශීය කළමනාකරණය අගයමින් නිරෝෂන් ගමගේ සහ ගේ‍්‍රෂන් පෙරේරා පිළිවෙලින් ප‍්‍රාදේශීය කළමනාකරු – බැංකුකරණය සහ විකුණුම් අධීක්ෂක – බැංකුකරණ කාණ්ඩය යටතේ ලෝකඩ සම්මාන දිනා ගත්හ. බැංකුවේ ආකර්ෂණීය ජයග‍්‍රාහකයින් පෙළ සම්පූර්ණ කරමින්, ලක්නි රාජපක්ෂ ඉදිරි පෙළ – බැංකුකරණයේ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබූ අතර, කවීෂා වීරසිංහ බැංකුකරණ කාණ්ඩයේ විකුණුම් අධීක්ෂක සඳහා කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය.
මෙම ජයග‍්‍රහණ මඟින් සේවා විශිෂ්ටත්වය, වෘත්තීයභාවය සහ පාරිභෝගික කේන්ද‍්‍රීය නවෝත්පාදනයන් හි කාර්යය සාධනය මත පදනම් වූ සංස්කෘතියක් වර්ධනය කිරීම සඳහා NDB බැංකුවේ අඛණ්ඩ කැපවීම ඉස්මතු කරයි. සියලූම සම්මාන කාණ්ඩයන් තුළින් බැංකුවේ ශක්තිමත් පැවැත්ම, සෑම පාරිභෝගික සම්බන්ධතාවයකදීම NDB බැංකුවේ වටිනාකම අඛණ්ඩව ආරක්ෂා කරන එහි සේවක කණ්ඩායම් වල සාමූහික කැපවීම, විනය සහ උද්යෝගය පිළිබිඹු කරයි.
මෙම ජයග‍්‍රහණ පිළිබඳව අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ උප සභාපති, පුද්ගලික බැංකුකරණය සහ පාරිභෝගික අත්දැකීම් – සංජය පෙරේරා මහතා පවසා සිටියේ ”මෙවර ජාතික විකුණුම් සම්මාන උළෙලේදී අපගේ සේවක කණ්ඩායමේ සුවිශේෂී කැපවීම පිළිබඳව අපි අතිශයින් ආඩම්බර වෙමු. මෙම ඇගයීම් පුද්ගල විශිෂ්ටත්වය පිළිබඳ සාක්ෂියක් පමණක් නොව, අපගේ ජනතාව සවිබල ගැන්වීම, පාරිභෝගික සබඳතා ශක්තිමත් කිරීම සහ බැංකු ක්ෂේත‍්‍රය තුළ විකුණුම් සහ සේවා විශිෂ්ටත්වය සඳහා නව මිණුම් සලකුණු තැබීමට NDB බැංකුවේ සාමූහික අපගේ ඇති කැපවීම පිළිබඳවද සාක්ෂි දරයි” යනුවෙනි.
SLIM ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික විකුණුම් සම්මාන උළෙලේදී, ශ‍්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත‍්‍රයන් තුළ ඉහළම ක‍්‍රියාකාරිත්වයක නියැලෙන අලෙවි වෘත්තිකයන් ඇගයීමට ලක් කිරීම සිදු කෙරේ. මෙම කීර්තිමත් වේදිකාවේ NDB බැංකුවේ අඛණ්ඩ සාර්ථකත්වය, කුසලතා අගය කිරීම, වෘත්තීමය නඟා සිටුවීම සහ මූල්‍ය සේවාන්හි විශිෂ්ටත්වය දිනා ගන්නා ලද ප‍්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස එහි ස්ථානය අවධාරණය කරයි.
NDB බැංකුව සිය වර්ධන ගමන වේගවත් කරන අතරතුර, මෙම ජයග‍්‍රහණ මඟින් ඉහළ කාර්යසාධනයක් සහිත ශ‍්‍රම බලකායක් ගොඩනැගීම, අසමසම පාරිභෝගික අත්දැකීම් ලබා දීම සහ නවෝත්පාදනය, විශිෂ්ඨ සේවාව සහ අඛණ්ඩතාව තුළින් ශ‍්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ සංවර්ධනයට දායක වීම සඳහා බැංකුවේ කැපවීම නැවත තහවුරු කරයි.
NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම පෞද්ගලික වාණිජ බැංකුවයි. 2025 Euromoney විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම ඩිජිටල් බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලද අතර 2024 Asian Banking and Finance සඟරාව (සිංගප්පූරුව) සම්මාන උළෙලේදී වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම පෞද්ගලික බැංකුකරණය සහ වසරේ ශ‍්‍රී ලංකා දේශීය ව්‍යාපෘති මූල්‍ය බැංකුව ලෙස සම්මානයට පාත‍්‍ර විය. ප‍්‍රාග්ධන වෙළඳපොළ අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම NDB බැංකුව වන අතර, එම සමාගම් එක්ව අද්විතීය බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් සාදයි. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට බැංකුව කැපවී සිටී.

