October 26, 2025
AYERS අධ්‍යාපන ආයතනය 18 වැනි සංවත්සරය අභිමානවත්ව සමරයි
පුවත්

AYERS අධ්‍යාපන ආයතනය 18 වැනි සංවත්සරය අභිමානවත්ව සමරයි

Sep 22, 2025

කොළඹ 05, ද ෆෝන්සේකා පාර,10/1 හි පිහිටි AYERS අධ්‍යාපන ආයතනය 2007 වසරේ ආරම්භයෙන් පසු සාර්ථක අධ්‍යාපන ගමනක් සනිටුහන් කරමින් සිය 18 වන සංවත්සරය අභිමානවත්ව සමරයි. වසර 18ක් පුරා AYERS ආයතනය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශ්වාසනීය නාමයක් දිනා ඇත. AYERS ආයතනය සිසුන්ට සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සියලු විෂය උගන්වන අතර කොළඹ ප්‍රමුඛ පාසල් ආශ්‍රිත ප්‍රවීණ සහ දක්ෂ ගුරු මඩුල්ලක් අධ්‍යාපන කටයුතු මෙහෙයවති. සෑම වසරකම උසස් විභාග ප්‍රතිඵල වාර්තා කිරීම, දුර්වල සිසුන් උසස් මට්ටමකට ගෙන ඒමේ හැකියාව, දරුවන්ගේ මානසික හා සමාජ වර්ධනය වෙනුවෙන් කටයුතු කිරීම ආයතනයේ සුවිශේෂතා වේ.

AYERS ආයතනය සිසුන්ගේ පෞරුෂය ගොඩ නැගීමේ, සංස්කෘතික හා සමාජ වගකීම් වර්ධනය කිරීමේ අරමුණෙන් අධ්‍යාපන හා විනෝද චාරිකා, අලුත් අවුරුදු උත්සව, නත්තල් උත්සව, වෙසක් උත්සව සංවිධානය කරයි. ළමුන්ගේ සහ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් අපේක්ෂා රෝහලට බෙහෙත් පරිත්‍යාග කිරීම, අඩු පහසුකම් ඇති පාසල්වලට පහසුකම් සැපයීම (හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් සඳහා උළු සවි කිරීම සහ වැසිකිළි ඉදි කිරීම.) AYERS ආයතනයේ සමාජ සත්කාර වැඩසටහන් අතර වේ. AYERS අධ්‍යාපන ආයතනයේ පරිපාලන මණ්ඩලය මෙම සංවත්සරය සම්බන්ධව ප්‍රකාශ කළේ, “අපගේ සාර්ථකත්වයේ මූලික පදනම වන්නේ ගුරු මණ්ඩලයේ කැපවීමයි. සමාජයට වැඩදායක සාරධර්ම සපිරි උගත් ගුණවත් දරු පරපුරක් බිහි කිරීම අපගේ මූලික අරමුණයි” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close