October 27, 2025
දැනුම සහ කණ්ඩායම් හැඟීම එකට මුසු කරමින් NDB බැංකුව   “ Battle of the Brains” 2025 සඳහා සත්කාරකත්වය දරයි
පුවත්

දැනුම සහ කණ්ඩායම් හැඟීම එකට මුසු කරමින් NDB බැංකුව   “ Battle of the Brains” 2025 සඳහා සත්කාරකත්වය දරයි

Sep 18, 2025

NDB බැංකුව බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටි “Battle of the Brains” ප‍්‍රශ්ණ විචාරාත්මක වැඩසටහනේ 2025 වසරේ තරඟාවලිය සාර්ථකව අවසන් කළේය. එම වැඩසටහන බැංකුවේ  සේවය කරන සේවක සාමාජික සාමාජිකාවන් අතර සුහදතාවය, සහයෝගීතාවය සහ අඛණ්ඩ ඉගෙනීම වර්ධනය කිරීම සඳහා නිර්මාණය කරන ලද උද්යෝගිමත් වැඩසටහනකි.

මෙම වසරේ තරඟයට අතිමහත් ප‍්‍රතිචාරයක් ලැබුණු අතර, බැංකුව පුරා කණ්ඩායම් 69 ක් ලියාපදිංචි විය. මෙයින් කණ්ඩායම් 66 ක් මූලික වටයේ තරඟ කළ අතර, සාමාන්‍ය දැනුම, කාලීන තොරතුරු, ව්‍යාපාර, විද්‍යාව හා තාක්ෂණය, ඉතිහාසය, කලා, ක‍්‍රීඩා සහ විනෝදාස්වාදය ඇතුළු විවිධ ක්ෂේත‍්‍ර යටතේ ඔවුන්ගේ දැනුම සහ ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව ප‍්‍රදර්ශනය කළහ. තීරණාත්මක පළමු වටයෙන් පසුව, ඉහළම දක්ෂතා දැක්වූ කණ්ඩායම් 20 අවසන් මහා තරඟයට පිවිසි අතර එය ඉතා විචිත‍්‍රවත් හා අතිශය තරඟකාරී අවසන් තරඟයක් බවට පත් විණි.

ඉතා උද්වේගකර සටනකින් පසු, පාරිභෝගික අත්පත් කර ගැනීමේ ඒකකය (Customer Acquisition Unit) 2025 තරඟයේ සමස්ත ශූරතාවය දිනා ගන්නා ලදී. අවදානම් දෙපාර්තමේන්තුව (Risk Department) දෙවන ස්ථානය දිනා ගත් අතර කාඞ්පත් දෙපාර්තමේන්තුව (Cards Department) තෙවන ස්ථානයට පත්විය. සම තත්වයේ පසු වූ තරඟකරුවන් ලෙස උපාය මාර්ග සහ ව්‍යාපාර බුද්ධි කණ්ඩායම (Strategy & Business Intelligence) සිව්වන ස්ථානයටත්, දකුණු කලාපීය කාර්යාල කණ්ඩායම (Regional Office Southern) පස්වන ස්ථානයටත් පත් වූ අතර, අවසන් තරඟය මෙතෙක් පැවති තරඟ වට වලින් වඩාත්ම ආකර්ශනීය අවස්ථාවක් බවට පත් විය.

NDB බැංකුව සංවිධානය කළ “Battle of the Brains” දැනුම උරගා බැලූ තරඟයකින් ඔබ්බට ගිය වැඩසටහනක් වූ අතර, එය ඉගෙනීම, කණ්ඩායම් හැඟීම සහ සේවක සහභාගීත්වයේ සංස්කෘතියක් නිර්මාණය කිරීමට බැංකුවේ ඇති කැපවීමට කදිම සාක්ෂියකි. මෙම උත්සවය NDB බැංකුව තුළ දැනුම සහ බුද්ධිය සම්බන්ධ වූ ප‍්‍රශ්නෝත්තර වැඩසටහනක් පමණක් නොව, වර්තමානයේ ඇති දිනෙන් දින වෙනස් වන පරිසරය තුළ සහයෝගීතාවයේ සහ හැඩගැසීමේ වැදගත්කම ද තහවුරු කළේය.

එහි අඛණ්ඩ සාර්ථකත්වය මත ගොඩනැගුණු මෙම “Battle of the Brains”  වැඩසටහන, NDB හි අනෙකුත් දෙපාර්තමේන්තු සහ කාලාපයන් හි සේවය කරන සේවකයින්ගේ මිත‍්‍රශීලි තරඟකාරිත්වය සහ හවුල් ජයග‍්‍රහණයන්හි ජවය එක්සේසත් කරමින් බැංකුවේ වඩාත් ප‍්‍රියකරන සම්ප‍්‍රදායක් බවට පත්ව ඇත.

NDB බැංකුව ශ්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asian Banking and Finance Magazine (සිංගප්පූරුව) 2024 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ්‍රී ලංකාවේ  වසරේ දේශීය ව්‍යාපෘති මූල්‍යකරණ බැංකුව  ලෙස ද NDB සම්මානයට පාත්‍ර විය. NDB බැංකුව යනු ප්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close