October 27, 2025
Three Sinha Industries ශ්‍රී ලාංකික ව්‍යවසායකයා සම්මාන උළෙලේ දී රන් සම්මාන දිනයි
පුවත්

Three Sinha Industries ශ්‍රී ලාංකික ව්‍යවසායකයා සම්මාන උළෙලේ දී රන් සම්මාන දිනයි

Sep 17, 2025

Three Sinha Industries පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ එම්. ඒ. මංජුල ආරියකුමාර මහතා වසරේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයා 2025 සම්මාන උළෙලේදී ජාතික මට්ටමේ මහා පරිමාණ අංශයේ රන් සම්මානයෙන් සහ බස්නාහිර පළාතේ මහා පරිමාණ අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්විණි. කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ Three Sinha Industries වර්තමානයේදී මෙරට ඉදි කිරීම් ක්ෂේත්‍රයේ දැවැන්ත සන්නාමයක් වී තිබේ. ආරියකුමාර මහතාගේ නායකත්වය යටතේ ගුණාත්මකභාවය, නව්‍යකරණය සහ විශ්වාසනීයභාවය ඉහළින් සළකන එම සමාගම දේශීය සහ විදේශීය වශයෙන් අවස්ථා රැසකදී ඇගැයීමට ලක් වී ඇත. ගෝලීය වශයෙන් පිළිගත් ප්‍රමිතිවලට අනුගතව මෙරට ඉදි කිරීම් ක්ෂේත්‍රයේ උන්නතියට දායක වන එම සමාගම තත්ත්ව සහතික රැසක්ද ලබා තිබේ.

නේවාසික, වාණිජ, කාර්මික යන අංශවල බහුවිධ අවශ්‍යතාවලට ගැළපෙන සේවා රැසක් Three Sinha Industries වෙතින් ගත හැකිය. Roller Doors, Shutters, Fire Resistance Doors, Aluminum Fabrication, Sensitive Doors, Automatic Locks ඒ අතර ප්‍රධාන වේ. ඔවුන් මේ වන විට PVC High Speed Doors, Clean Room Doors, Ventillation Doors, Cold Room Doors වැනි නව්‍ය නිෂ්පාදන වෙතද යොමු වී තිබේ. ආරක්ෂාව, කල් පැවැත්ම, භාවිතයේ පහසුව කෙරෙහි සුවිශේෂ අවධානය යොමු කර ඒවා නිපදවා ඇත. තිරසාර බල ශක්තිය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කර ඇති එම සමාගම ඔන්-ග්‍රිඩ්, ඕෆ්-ග්‍රිඩ්, හයිබ්‍රිඩ් යන වර්ග තුනට අයත් සූර්ය බල ශක්ති පද්ධති සේවාද සපයයි. Three Sinha Industries සමාගමට අනුබද්ධ IKLO Industries Pre-fabricated සහ Pre-engineered වානේ ඉදි කිරීම් සේවා සපයයි. කාර්යක්ෂමතාව සහ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට උසස් තාක්ෂණය යොදා ගන්නා එම සමාගම මහා පරිමාණ ඉදි කිරීම් ව්‍යාපෘති සඳහා අවශ්‍ය නවීන ඉංජිනේරු විසඳුම් සේවා සපයයි. එම සමාගම කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා ගැළපෙන ට්‍රැක්ටර් ට්‍රේලර් මාදිලි කිහිපයක්ද හඳුන්වා දී ඇත. Three Sinha Industries ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) සහ ලංකා ඉන්දීය ඛණිජ තෙල් සංස්ථාවට (IOC) අවශ්‍ය ඩීසල් ගබඩා ටැංකි සැපයුම්කරුවෙකු ලෙසද කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close