October 10, 2025
NDB බැංකුව සෞඛ්‍යය හා සමබරතාවය පිළිබඳ ගනුදෙනුකරුවන් සඳහා සුවිශේෂී ජීවන රටාව පිළිබඳ දනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයක් පවත්වයි
පුවත්

NDB බැංකුව සෞඛ්‍යය හා සමබරතාවය පිළිබඳ ගනුදෙනුකරුවන් සඳහා සුවිශේෂී ජීවන රටාව පිළිබඳ දනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයක් පවත්වයි

Aug 26, 2025

සාම්ප‍්‍රදායික බැංකුකරණයෙන් ඔබ්බට යමින් තම ගනුදෙනුකරුවන්ට පරිපූර්ණ වටිනාකමක් ලබා දීම සඳහා වන සිය කැපවීම අඛණ්ඩව පවත්වාගෙන යමින්, NDB බැංකුව පසුගිය දින “යහපැවැත්ම පවත්වා ගෙන යෑම සඳහා සෞඛ්‍ය හා සමබරතාවය ප‍්‍රගුණ කිරීම” යන මැයෙන් සුවිශේෂී ජීවන රටාව පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයක් පැවැත්වීය. මෙම සැසිය සඳහා චෙන්නායි හි ඇපලෝ රෝහලේ කීර්තිමත් වෛද්‍ය විශේෂඥයින් කිහිප දෙනෙකු සහභාහී වූ අතර, එමඟින් සෞඛ්‍ය සම්පන්න සහ වඩාත් සමබර ජීවන රටාවක් හිමි කර ගැනීම පිළිබඳ වටිනා අවබෝධයක් ලබා ගැනීමට සම්මන්ත‍්‍රණය සඳහා Privilege බැංකුකරණ ගනුදෙනුකරුවන් හට අවස්ථාව හිමි විය.

මෙම සම්මන්ත‍්‍රණය සඳහා ඉන්දියාවේ සිට පැමිණි , අක්මාව ආශ‍්‍රිත රෝග සහ බද්ධ කිරීමේ ආයතනයේ ප‍්‍රධානී සහ අක්මා බද්ධ කිරීමේ සහ HPB සැත්කම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය එලන්කුමාරන් කේ සහ රොබෝ විද්‍යාව සහ  කොඳු ඇට පෙළේ සංකීර්ණ සැත්කම් පිළිබඳ විශිෂ්ටතා මධ්‍යස්ථානයේ ප‍්‍රමුඛ පෙළේ  පුද්ගලයෙකු වන වෛද්‍ය කේ. අප්පාජි ක‍්‍රිෂ්ණන් යන කීර්තිමත් විශේෂඥයින් දෙදෙනා සහභාගී විය. ප‍්‍රතිරෝධක සෞඛ්‍යය,  රෝගයන් කලින් හඳුනා ගැනීම, නවෝත්පාදන ප‍්‍රතිකාර සහ දිගුකාලීන සුවතාව සඳහා ගත යුතු ක‍්‍රියා මාර්ග පිළිබඳ දැනුම් සම්භාරයක් ලබා දෙමින් සුවිශේෂී විශේෂඥතා මග පෙන්වීමක් සහභාගී වූ අමුත්තන් හට කථිකයන් දෙදෙනා විසින් ලබාදෙන ලදී.

NDB බැංකුවේ ගනුදෙනුකරුවන් සඳහා පමණක් පවත්වන ලද මෙම සම්මන්ත‍්‍රණය, සෞඛ්‍ය, යහපැවැත්ම සහ ජීවන රටාව කළමනාකරණය කිරීම ඇතුළු නවීන ජීවන රටාවේ අත්‍යවශ්‍ය අංගයන් ආමන්ත‍්‍රණය කරමින් ඉතා අවධානයෙන් සකස් කරන ලද අත්දැකීම් තුළින් තම ගනුදෙනුකරුවන්ගේ ජීවිත නඟා සිටුවීමට බැංකුව දරන අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙස හැඳින්විය හැක.

NDB බැංකුවේ සහකාර උප සභාපති සහ Privilege බැංකුකරණ ප‍්‍රධානී ගිහාන් පුංචිහේවා මහතා මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින්, සැබෑ ධනය මූල්‍යමය සහ පුද්ගලික යහපැවැත්ම යන දෙකම ආවරණය කරන බව NDB හි අපි විශ්වාස කරමු. සමබර, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා විශේෂඥ දැනුම සහ නිවැරදි මෙවලම් අපගේ  වටිනා ගනුදෙනුකරුවන්ට ලබා දීම සඳහා මෙම සම්මන්ත‍්‍රණය සැලසුම් කර ඇත,” යනුවෙන් ප‍්‍රකාශ කර සිටියේය.

මූල්‍ය සැලසුම්කරණය, ජීවන රටාව වැඩිදියුණු කිරීම හෝ පුද්ගලික සංවර්ධනය වැනි වැදගත් සෑම මොහොතකම විශ්වාසදායක සහකරුවෙකු ලෙස සේවය කිරීමේ NDB බැංකුවේ පුළුල් දැක්ම මෙම මුලපිරීම මඟින් පිළිබිඹු කරයි. මෙවැනි වැඩසටහන් හරහා, NDB බැංකුව තම ගනුදෙනුකරුවන් සමඟ අර්ථවත් සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සහ සවිබල ගැන්වූ, අර්ථවත් ජීවිත ගත කිරීම සඳහා ඔවුන්ට සහාය වීම අරමුණු කරයි.

NDB බැංකුව ශ්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asian Banking and Finance Magazine (සිංගප්පූරුව) 2024 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ්‍රී ලංකාවේ  වසරේ දේශීය ව්‍යාපෘති මූල්‍යකරණ බැංකුව  ලෙස ද NDB සම්මානයට පාත‍්‍ර විය. NDB බැංකුව යනු ප්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close