
SLIM, ආයතනය, IDB එක්ව ගෙනඑන ගමට Marketing වැඩමුළු මාලාවේ තවත් අදියරක් කුරුණෑගලදී
අලෙවිකරණය සම්බන්ධ මෙරට ජාතික ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM), ව්‍යවසායකත්වය හා තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කරන වැඩසටහන් ඔස්සේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නඟා සිටුවීම සඳහා අඛණ්ඩව කැපවී කටයුතු කරයි. එම දැක්මට අනුකූලව, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය හා එක්ව (Industrial Development Board – IDB) අත්වැල් බැඳගනිමින්, කුරුණෑගල දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි ‘ගමට මාකටින්’ තේමාව යටතේ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩමුළු SLIM ආයතනය විසින් දියත් කරනු ලබයි. ඒ යටතේ තවත් වැඩමුළුවක්, පසුගිය අගෝස්තු මස 13 වැනිදා සාර්ථකව පැවැත්විණි.
ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා අත්‍යවශ්‍ය අලෙවිකරණ හා ව්‍යාපාරික කුසලතා සකස් කරමින්, ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුවට ඉවහල් වන ශක්තිමත්, ව්‍යවසායකයින් ගොඩනැගීමේ අරමුණින් SLIM ආයතනය මගින් මෙම වැඩසටහන දියත් කර තිබෙනවා.
මෙම එක්දින පුහුණු වැඩසටහන වයඹ පළාත් සභා සමාජ සේවා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති අතර වැඩසටහන මෙහෙයවනු ලැබුවේ 𝘑𝘢𝘯𝘦𝘵 පෞද්ගලික සමාගමේ අලෙවි කළමනාකාර, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) විධායක කමිටු සාමාජික සහ ආසියානු සුළු ව්‍යාපාර සම්මේලනයේ ශ්‍රී ලංකා ශාඛාවේ (Asia Small Business Federation – Sri Lanka) හි කමිටු සාමාජික අසංක උදයකුමාර මහතා විසින්.
‘ගමට මාකටින්’ වැඩසටහන, නාගරික ප්‍රදේශවලින් බැහැරට ගොස්, ව්‍යවසාය සම්බන්ධ ප්‍රායෝගික දැනුම ග්‍රාමීය හා ප්‍රාදේශීය ව්‍යවසායකයින් වෙත සෘජුවම ලබාදීමෙන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට SLIM ආයතනය දරන අඛණ්ඩ ප්‍රයත්නයන් මෙවැනි වැඩසටහන් මගින් විදහා දැක්වේ. SLIM විසින් මෙම වැඩමුළු ඔස්සේ පළපුරුදු වෘත්තිකයන් හරහා අලෙවිකරණ විශේෂඥ දැනුම ග්‍රාමීය ව්‍යවසායකයින් වෙත ලබා දෙන අතර, ඒ තුළින් වැඩමුළු සඳහා සහභාගී වන ව්‍යවසායකයින්ට, එම වටිනා දැනුම, තම ව්‍යාපාර ක්‍රමවේද සමග අනුගත කරමින් භාවිත කළ හැකි වේ. මෙම වැඩසටහන ව්‍යවසාය සංවර්ධනයට ඉවහල් වන්නක් පමණක් නොවේ. එය, ග්‍රාමීය ප්‍රජාවන් තුළ SLIM ආයතනයේ සහ IDB හි සන්නාම පැවැත්ම එක ලෙස ශක්තිමත් කිරීමටද උපකාරී වේ.
‘ගමට මාකටින්’ වැඩමුළු තුළින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරෙන කරුණක් නම්, වර්තමානයේ ඉතාමත් වේගයෙන් වෙනස් වන වෙළෙඳපොළ තුළ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මුහුණ දෙන විශේෂ අභියෝග විසඳීමයි. ඒ අනුව සකස් කර තිබු වැඩමුළුව, පාරිභෝගික හැසිරීම් වටහා ගැනීම, සන්නාම අනන්‍යතාවය ඉහළ නැංවීම මෙන්ම, ව්‍යාපාරවල දියුණුව සඳහා ඩිජිටල් Apps භාවිතය ආදී කරුණු ඇතුළත් සැසි මගින් ව්‍යාපාර සඳහා න්‍යායාත්මක දැනුම හා ප්‍රායෝගික පුහුණුව යන දෙකම ඇතුලත්ව පැවැත්විණි. වැඩමුළුවට, ව්‍යවසායකයින්ගේ ක්‍රියාශීලී සහභාගිත්වය ලැබුණු අතර, ඔවුන්ට තම අත්දැකීම් බෙදා හදා ගැනීමටත්, ව්‍යාපාර සාර්ථක කර ගැනීමට හැකි නවතම විසඳුම් පිළිබඳව දැන ගැනීමටත් එහිදී අවස්ථාව සැලසිණි.
එහිදී, SLIM ආයතනය හා සම්බන්ධ ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ මෙහෙයවීමෙන් පැවති අන්තර්ක්‍රියාකාරී සැසි මගින්, ව්‍යවසායකයින්ට ශක්තිමත් අලෙවිකරණ ක්‍රමවේද සකස් කර ගැනීමට, පාරිභෝගික සහභාගීත්වය වැඩි කර ගැනීමට මෙන්ම, නවතම වෙළෙඳපොළ අවස්ථාවන් හඳුනා ගැනීමට උපකාරී වන මාතෘකා රැසක් යටතේ ව්‍යාපාරික දැනුම ලබා ගැනීමට හැකි විණි. වෙළෙඳපොළේ තරගකාරීව හා ශක්තිමත්ව කටයුතු කරන ව්‍යාපාර සඳහා වන දැනුම් පරතරය පියවාලීමට එවැනි වැඩමුළුවල අවශ්‍යතාවය, ඊට ලැබුණු ප්‍රතිචාර මගින් අවධාරණය කෙරිණි.
මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින්, SLIM ආයතනයෙහි සභාපති මහාචාර්ය දේවසිරි එන්. ජයන්ත මහතා මෙසේ පැවසීය. “ගමට මාකටින්’ වැනි වැඩසටහන් හරහා, ශ්‍රී ලංකාව පුරා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය නගාසිටුවීමේ අරමුණින් SLIM ආයතනය ස්ථීරසාරව කටයුතු කරනවා. විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල තිරසර ආර්ථික වර්ධනයක් සඳහා එම ප්‍රදේශවල ව්‍යවසායකයින්ට නිවැරදි අලෙවිකරණ කුසලතා හා දැනුම ලබාදී ඔවුන් සවිබල ගැන්වීම වැදගත් බව අප දැඩිව විශ්වාස කරනවා. ව්‍යවසායකයින්ට ඵලදායී සහය ලබාදීමටත්, රට පුරාම ශක්තිමත් හා සාර්ථක ව්‍යාපාර නිර්මාණය කිරීමටත් දායකවීම සඳහා IDB සමඟ අප ඇති කරගත් සහයෝගීතාවය තුළින් ඉඩකඩ සැලසෙනවා.”
SLIM හි අධ්‍යාපන හා පර්යේෂණ අංශයේ උප සභාපති ආචාර්ය දිල්හාන් සම්පත් ජයතිලක මහතා, ව්‍යාපාර සංවර්ධනය සඳහා අඛණ්ඩව දැනුම ලබාදීමේ වැදගත්කම අවධාරණය කරමින් මෙලෙස සඳහන් කළේය. “SLIM හි අපගේ කාර්යයන්වල පදනම වන්නේ අධ්‍යාපනයයි. ‘ගමට මාකටින්’ වැඩමුළු මාලාව විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ, වර්තමානයේ තරඟකාරී වෙළෙදපොළ තුළ කටයුතු කිරීම සඳහා ප්‍රායෝගික මෙවලම් ලබා දීමෙන්, කුඩා ව්‍යාපාර මුහුණ දෙන ව්‍යාපාරික දැනුම් පරතරය පියවීමයි. මෙම වැඩමුළුවට, කුරුණෑගල ප්‍රදේශයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ උද්යෝගිමත් හා ක්‍රියාශීලී සහභාගීත්වය හිමිවූ ආකාරය දැකීම අපගේ සතුටට කාරණයක් වුණා. ඒ වගේම එම වැඩමුළුවට සහභාගි වීම ව්‍යාපාරික දැනුම අත්පත් කරගෙන තම ව්‍යාපාරයේ දියුණුව සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන් දක්වන කැපවීම පිළිබිඹු කරන්නක් ද වනවා.”
මෙම වැඩසටහන තුළින් සිදුකෙරෙන පුළුල් සමාජ බලපෑම පිළිබඳව අවධාරණය කරමින්, SLIM හි වැඩසටහන් හා තිරසරත්වය පිළිබඳ උප සභාපති, එනොක් පෙරේරා මහතා මෙලෙස අදහස් දැක්විය. “මෙම වැඩමුළු මාලාව, දිවයින පුරාම පූර්ණ වශයෙන් ආර්ථික වර්ධනයක් ගොඩනැගීම අරමුණු කරගත් SLIM ආයතනයේ දිගුකාලීන තිරසාරත්ව න්‍යාය පත්‍රයේ වැදගත් අංගයක්. මෙම වැඩමුළු සෑම දිස්ත්‍රික්කයකම පැවැත්වීමෙන්, කිසිදු ව්‍යවසායකයෙකු මඟ නොහරින බවට අප සහතික කරනවා. කුරුණෑගල වැඩමුළුවල සාර්ථකත්වය, විශේෂඥ දැනුම ග්‍රාමීය මට්ටම කරා ළඟා කිරීමෙන් ඇති කළ හැකි ධනාත්මක වෙනස පිළිබඳව සාක්ෂියක්.”
මේ හරහා දැනුම ලබාදීමේ ඉක්මන් ප්‍රතිලාභ හැරුණු විට, මෙම වැඩමුළු සහයෝගිතාවයන් හා සම්බන්ධතා ගොඩනඟා ගනිමින් SMEs සඳහා වර්ධනීය අවස්ථාවන් හඳුන්වා දෙන තැනක් බවටද පත්ව තිබේ. ASBF ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති ගයාන් පෙරේරා මහතා, මෙලෙස සහය පිරිනමන ආයතන හා ක්‍රියාශීලීව කටයුතු කරන ලෙසට, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිමත් කළේය. “ගමට මාකටින්” වැනි දැනුම බෙදාගැනීමේ වැඩමුළුවල සිට ප්‍රාදේශීය ව්‍යාපාරික සම්බන්ධතා, වෙළෙඳ පොළ වෙත පිවිසීම, මෙන්ම අඛණ්ඩ ව්‍යාපාරික සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම දක්වා අප විසින් ලබාදෙන අවස්ථාවන් රාශියක් සමඟම සම්බන්ධ වන හැටියට, මම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ව දිරිමත් කරනවා. මේ සඳහා ASBF හි සාමාජිකත්වය, වර්තමානයේ වේගයෙන් වෙනස් වන ව්‍යාපාරික පරිසරය තුළ ඔරොත්තු දීමේ හැකියාව, නවෝත්පාදනය මෙන්ම, දිගුකාලීන සාර්ථකත්වය සඳහා තබන ප්‍රබල පියවරක්.”
වැඩසටහන් නායකත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් , SLIM ආයතනයේ ‘ගමට මාකටින්’ වැඩසටහනේ ව්‍යාපෘති සභාපති ආචාර්ය මුදිත හේවාවනිතුංග මහතා මෙලෙසින් සඳහන් කළේය. “කුඩා ව්‍යවසායකයින්ට විශ්වාසයෙන් හා අරමුණකින් යුතුව තම ව්‍යාපාර ගොඩනගා ගැනීමට අර්ථවත් මාවත් ‘ගමට මාකටින්’ හරහා අපි නිර්මාණය කරනවා. ව්‍යාපාරික ප්‍රජාව තිරසර දියුණුව සඳහා අවශ්‍ය දැනුම හා මෙවලම්වලින් සවිබල ගැන්වෙන මෙම වැඩසටනට මේ වන විටත්, අපව ඉහලින්ම දිරි ගන්වන ධනාත්මක ප්‍රතිචාර ලැබී තිබෙනවා.”
වැඩමුළු මෙහෙයවීම පිළිබඳව අදහස් දක්වමින්, SLIM විධායක කමිටු සාමාජික සහ සම්පත්දායක අසංක උදයකුමාර මහතා සඳහන් කළේ මෙසේයි. “මේ සඳහා ඉහළින්ම උනන්දු, කුරුණෑගල ව්‍යවසායකයින් සමඟ සම්බන්ධ වීමට ලැබීම ඇත්තටම ප්‍රතිඵලදායකයි. මෙම වැඩමුළු, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අලෙවිකරණය පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීමට හා තම පාරිභෝගිකයින් පිළිබඳව වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට පමණක් නොවෙයි, ව්‍යාපාරය තුළ සැබෑ බලපෑමක් ඇති කරන ක්‍රමවේද සකස් කිරීමටත් හොඳම අවස්ථාවක්. මම විශ්වාස කරන්නේ, ව්‍යාපාර සාර්ථකත්වය සඳහා අඛණ්ඩ ව්‍යාපාරික දැනුම අත්‍යවශ්‍ය බවයි. ඒ නිසා අඛණ්ඩ දැනුම ලබාගැනීමේ වැදගත් පියවරක් තබමින් වැඩමුළුවලට එක් වූ සියලු ව්‍යවසායකයින්ට මගේ ප්‍රශංසාව හිමිවනවා.”
SLIM ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී චමිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ, සෑම මට්ටමකම ව්‍යවසායකයින්ට සහාය වීමට තම ආයතනය දක්වන කැපවීම පිළිබඳවයි. “SLIM ආයතනයේ අප, ශ්‍රී ලංකාව පුරාම ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට තදින්ම කැපවී සිටිනවා. ‘ගමට මාකටින්’ වැඩසටහන තුළින්, පිළිබිඹු කෙරෙන්නේ, නාගරික සීමාවෙන් එහාට අලෙවිකරණ විශේෂඥ දැනුම හා සහයෝගය සෘජුවම ග්‍රාමීය ප්‍රජාවට ලබාදීමට අප දක්වන කැපවීමයි.”