September 12, 2025
මෝටර් රථ පුහුණු උපදේශක ඉසුරු ගුණසේකර Asia Miracle හා Pinnacle සම්මානයෙන් පිදුම් ලබයි
පුවත්

මෝටර් රථ පුහුණු උපදේශක ඉසුරු ගුණසේකර Asia Miracle හා Pinnacle සම්මානයෙන් පිදුම් ලබයි

Aug 25, 2025

මෝටර් රථ තාක්ෂණ පුහුණු උපදේශක ඉසුරු ගුණසේකර මහතා Asia Miracle Awards 2025 සහ Pinnacle Awards 2024 සම්මාන උළෙලවලදී වසරේ විශිෂ්ටම මෝටර් රථ තාක්ෂණික පුහුණු උපදේශකයා ලෙස සම්මානයට පාත්‍ර විය. 2016දී ඔරුගොඩවත්තේ පිහිටි‌ මෝටර් රථ ඉන්ජිනේරු අභ්‍යාස ආයතනය (Japan Tech) සමඟ සම්බන්ධ වූ ඔහු එහි වසර දෙකක කාලයක් මෝටර් රථ තාක්ෂණ පාඨමාලාවක් හැදෑරුවේය. ඔහු එම පාඨමාලාව සම්පූර්ණ කළේ කණ්ඩායමේ විශිෂ්ටතමයාට හිමි සහතිකයද හිමි කර ගනිමිනි. එලෙස පාඨමාලාව අවසන් කළ ඔහු කුරුණෑගල පිහිටි ප්‍රමුඛ පෙළේ තාක්ෂණ පුහුණු ආයතනයකට මෝටර් රථ විදුලි තාක්ෂණ උපදේශකයෙකු ලෙස සම්බන්ධ විය.

වර්තමානයේදී ‘Isuru Gunasekara Automobile’ නමින් ෆේස්බුක්, යූටියුබ් සහ ටික්ටොක් සමාජ මාධ්‍ය නාලිකා නිර්මාණය කර ඇති ඔහු රට පුරා පිහිටි වෘත්තීය සහ තාක්ෂණ අධ්‍යාපන මධ්‍යස්ථානවල සිසුන් සහ පුහුණුකරුවන් අතර ජනප්‍රියත්වයක් දිනා තිබේ. ඔහු සිය සමාජ මාධ්‍ය නාලිකා හරහා මෝටර් රථ සහ ක්ෂේත්‍රයට අදාළ වෙනත් පැතිකඩ පිළිබඳ වඩාත් යාවත්කාලීන තොරතුරු සමාජගත කරයි. මෙරට පමණක් නොව ලොව පුරා සිටින විශාල පිරිසක් ඔහුගේ සමාජ මාධ්‍ය නාලිකාවල අන්තර්ගත සටහන්, වීඩියෝ පාඩම් සහ සාකච්ඡා පරිශීලනය කරමින් සිය දැනුම සහ අත්දැකීම් ඉහළ නංවා ගනිති. වර්තමානයේදී ප්‍රමුඛ පෙළේ පෞද්ගලික සමාගමකට අනුබද්ධ අධ්‍යාපන ආයතනයක මෝටර් රථ පුහුණු උපදේශකයෙකු ලෙස කටයුතු කරන ඔහු ඕනෑම අයෙකුට අවශ්‍ය දැනුම ලැබීමට උපකාර වන ඉගැනුම් කළමනාකරණ පද්ධතියක්ද (LMS) නිර්මාණය කර තිබේ. ලොව පුරා සිටින ඕනෑම අයෙකුට එම පද්ධතියට ප්‍රවේශ වී මෝටර් රථ පිළිබඳ වඩාත් යාවත්කාලීන වූ තොරතුරු සහ දැනුම ගත හැකිය. පසුගිය කාලය තුළ රට පුරා පිහිටි කීර්තිමත් අධ්‍යාපන ආයතන රැසක පුහුණු සැසි රැසක් පවත්වා ඇති ඔහු මෙරට මෝටර් රථ කාර්මික ක්ෂේත්‍රය නව මානයක් වෙත රැගෙන යයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close