
ශ‍්‍රී ලාංකිකයන්ගේ විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කිරීම සඳහා NDB බැංකුව AUS Education Consultants ආයතනය සමඟ හවුල් වේ
විදේශීය අධ්‍යාපන සිහින දකින ශ‍්‍රී ලාංකික සිසු සිසුවියන් සවිබල ගැන්වීම සඳහා වන තම කැපවීම නැවතත් තහවුරු කරමින්, NDB බැංකුව Student in AUS Education Consultants ආයතනය සමඟ ගොඩනඟාගත් නවතම හවුල්කාරිත්වය පිළිබඳව සතුටින් නිවේදනය කර සිටියි. 2025 ජූලි 25 වන දින මෙම හවුල්කාරීත්වයට අදාල අවබෝධතා ගිවිසුම් (MOU) අත්සන් කිරීම මඟින් ආරම්භ කරන ලද මෙම උපායමාර්ගික සහයෝගීතාවය, සිසුන්ට සහ ඔවුන්ගේ පවුල් වලට පුළුල් මූල්‍ය විසඳුම් පැකේජයක් ලබා දීමෙන් ගෝලීය අධ්‍යාපනයට ප‍්‍රවේශය තවදුරටත් පහසු කිරීම අරමුණු කරයි.
NDB බැංකුවේ ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රයේදී මෙම නිල ගිවිසුම් අත්සන් තැබීම සිදු වූ අතර, බැංකුව නියෝජනය කරමින් පුද්ගලික බැංකුකරණය සහ පාරිභෝගික අත්දැකීම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති සංජය පෙරේරා මහතා සහ ශාඛා මෙහෙයුම් පිළිබඳ සහකාර උප සභාපති වින්ජය ජයසිංහ මහතා සහභාගී විය. Student in AUS Education Consultants ආයතනය වෙනුවෙන් එම ආයතනයේ අධ්‍යක්ෂවරුන් වන චරිත් රණසිංහ මහතා සහ ෂෆ්රිනා රිස්වි මහත්මිය අත්සන් තැබූහ.
මෙම හවුල්කාරිත්වය හරහා, සිසුන්ට විදේශයන්හි අධ්‍යාපනය ලැබීමට අත්‍යවශ්‍ය මූල්‍ය පහසුකම් වෙත විධිමත් ප‍්‍රවේශයක් හිමිවන අතර ඔවුන්ගේ විවිධ අවශ්‍යතාවයන්ට ගැළපෙන අධ්‍යාපන ණය, Student File පහසුකම්, විදේශ පේ‍්‍රෂණ විසඳුම් සහ උපදේශන සේවා ද ඇතුළත් වේ. අයදුම්පත් සහ වීසා සැකසීමේ සිට විදේශීය අධ්‍යාපනය ලබන රටේ ස්ථාවර වනතුරු ඔවුන්ගේ විදේශ අධ්‍යාපන ගමනේ සෑම අදියරකදීම සිසුන්ට සහාය වීම සඳහා මෙම සහයෝගීතාවය තුලින් සැලසුම් කර ඇත.
කීර්තිමත් අධ්‍යාපන හවුල්කරුවන් සමඟ NDB බැංකුවේ උපායමාර්ගික සම්බන්ධතාවයන් අඛණ්ඩව ගොඩනඟා ගැනීම මඟින් විදේශීය අධ්‍යාපනය ශ‍්‍රී ලාංකික සිසු සිවුවියන්ට බාධාවකින් තොරව, ආතතියෙන් තොර අත්දැකීමක් බවට පත් කිරීම ඔවුන්ගේ අභිලාශයයි. Student in AUS Education Consultants ආයතනය විසින් අධ්‍යයන ආයතන තෝරාගැනීම සහ වීසා ක‍්‍රියා පටිපාටි පිළිබඳ විශේෂඥ මඟ පෙන්වීමක් ලබා දෙන බැවින්, සිසුන්ට දැන් අධ්‍යාපනික හා මූල්‍යමය වශයෙන් සැබවින්ම ඒකාබද්ධ වූ පහසුකම් පද්ධතියක් තුලින් ප‍්‍රතිලාභ ලබා ගත හැකිය.
මෙම ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් NDB බැංකුවේ සංජය පෙරේරා මහතා ප‍්‍රකාශ කළේ ‘විදේශ අධ්‍යාපනය යනු පවුලකට කළ හැකි වඩාත්ම අර්ථවත් ආයෝජනවලින් එකක් බව NDB බැංකුව හඳුනාගෙන ඇත. Student in AUS Education Consultants ආයතනය වැනි විශ්වාසදායක ආයතන සමඟ හවුල් වීමෙන්, මූල්‍ය සැලසුම් ක‍්‍රියාවලිය වඩාත් පහසු කිරීමට සහ සෑම සිසුවෙකුගේම සාර්ථක කතාවේ කොටසක් වීමට අපි අපේක්ෂා කරමු. අපගේ ගනුදෙනුකරුවන්ගේ ජීවිතයේ වැදගත් වන සියලූ අවස්ථාවන් සඳහා දායක වීම අපගේ අරමුණ පිළිබිඹු කිරීමකි.’ ලෙසයි.
සාම්ප‍්‍රදායික බැංකුකරණයෙන් ඔබ්බට ගිය සහයෝගයක් ලබා දෙමින් NDB බැංකුව අරමුණු මූලික කරගත් මූල්‍ය සේවාවන් ලබාදෙමින් ක්ෂේත‍්‍රයේ අඛණ්ඩව පෙරමුණ ගෙන සිටී. මෙම හවුල්කාරිත්වය, ශ‍්‍රී ලාංකික සිසුන්ට ජාතියේ වඩාත්ම විශ්වාසදායක මූල්‍ය ආයතනයක ස්ථාවරත්වය සහ විශේෂඥතාව මඟින් සහාය ලබා ගනිමින් විශ්වාසයෙන් යුතුව ජාත්‍යන්තර අධ්‍යාපන අවස්ථාවන්ට ප‍්‍රවේශ වීමට හැකියාව ලබා දෙන තවත් වැදගත් පියවරකි.
NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asian Banking and Finance Magazine (සිංගප්පූරුව) 2024 සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ‍්‍රී ලංකාවේ වසරේ දේශීය ව්‍යාපෘති මූල්‍යකරණ බැංකුව ලෙස ද NDB සම්මානයට පාත‍්‍ර විය. NDB බැංකුව යනු ප‍්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප‍්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.