September 12, 2025
Full’r Burgers, Crescat Boulevardහි දී නව මුහුණුවරකින් යළි විවෘත වෙයි
පුවත්

Full’r Burgers, Crescat Boulevardහි දී නව මුහුණුවරකින් යළි විවෘත වෙයි

Aug 20, 2025

ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ජනප්‍රිය ක්ෂණික ආහාර සේවා (QSR) ක්ෂේත්‍රයේ ප්‍රමුඛ වෙළඳ නාමයක් වන Full’r Burgers, කොළඹ Crescat Boulevard හි පිහිටි එහි අලෙවිසැල නව මුහුණුවරකින් සහ වැඩිදියුණු කළ අවන්හල් අත්දැකීමකින් යුතුව නිල වශයෙන් යළි විවෘත කර ඇත. මෙය සෑමවිටම ගුණාත්මක සේවාවක් සිය පාරිභෝගිකයින්ට සපයන්නෙකු ලෙස ප්‍රචලිත, Full’r Burgers හි ඉදිරි ගමනේ සුවිශේෂී සංධිස්ථානයකි.

කොළඹ නගර මධ්‍යයේ පිහිටි Crescat Boulevard හි මෙම අලෙවිසැල, පුළුල් ගෘහස්ථ හා එළිමහන් ආසන පහසුකම් සහිතව නවීකරණය කර ඇති අතර, එහිදී ආහාර ගන්නා හෝ රැගෙන යන පාරිභෝගිකයින්ට සුවපහසු වාතාවරණයක් ලබා දෙයි. මෙම නව්‍යකරණයන් සහ සුහද සේවාව මගින් Full’r Burgers සිය පාරිභෝගිකයින්ට  උසස් තත්ත්වයේ, රසවත් බර්ගර් අත්දැකීමක් ලබා දීමට කැපවී ඇත .

මෙම නැවත විවෘත කිරීම, Full’r Burgers හි සිය සේවා ව්‍යාප්ත කරලීමේ ප්‍රධාන  ඉලක්කවල කොටසකි. එය කොළඹ තරගකාරී ආහාර වෙළදපොළ තුළ ඔවුන්ගේ පැවැත්ම ශක්තිමත් කරන අතර, ලාභදායී හා උසස් බර්ගර් අත්දැකීමක් ලබා දීමට ඔවුන්ගේ මෙහෙවර තහවුරු කරයි.

Full’r Burgers, හි බර්ගර් වල ඇති නැවුම් අමුද්‍රව්‍ය සහ රසවත් බව නිසාවෙන් පාරිභෝගිකයින්ගේ ඉහළ රුචිකත්වයක් සහ ඉල්ලුමක් ඒ සඳාහා පවති. නව Crescat අලෙවිසැල මෙම සුවිශේෂ රසය නවමු අකාරයකින් ගෙන එන අතර, ‘කොළඹ නගරය වටා හොඳම බර්ගර්ස් සොයන බර්ගර් ලෝලීන්ට Full’r ‍යනු කදිම නැවතුමකි .

ආහාර වේලක් රසවිඳින අතරතුර මිතුරන් සමඟ කාලය ගත කිරීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම්, Crescat Boulevard හි Full’r Burgers අලෙවිසැල යනු ඔබ අනිවාර්යයෙන්ම යා යුතු ස්ථානයකි. මෙම සුවිශේෂීවූ රසවත් බර්ගර් අත්දැකීම භුක්ති විඳින්නට Full’r Burgers ඔබ සැමට ආරාධනා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close