September 12, 2025
ශ‍්‍රී ලංකා වනිතාභිමාන 5වන අදියරේ ජනප‍්‍රියම කාන්තාව සම්මානය සඳහා නිදේශිත නාමයන් එළිදක්වයි
පුවත්

ශ‍්‍රී ලංකා වනිතාභිමාන 5වන අදියරේ ජනප‍්‍රියම කාන්තාව සම්මානය සඳහා නිදේශිත නාමයන් එළිදක්වයි

Aug 20, 2025

රටේ මුළු මහත් සමාජයට, ආර්ථිකයට හා සංස්කෘතිය සඳහා ශ‍්‍රී ලාංකීය කාන්තාවන් විසින් සිදුකරනු ලබන විශිෂ්ට දායකත්වය හඳුනා ගනිමින් එය ඇගයීම සිදුකරනු ලබන එකම වේදිකාව වන, NDB බැංකුව සහ නිවුස් 1st එක්ව ජාතියට තිළිණ කරන ශ‍්‍රී ලංකා වනිතාභිමාන වැඩසටහන හරහා ශ‍්‍රී ලාංකීය කාන්තාවන්ගේ ජයග‍්‍රහණ වලට ගෞරවය පුද කිරීමේ සිය සාඩම්බර සම්ප‍්‍රදාය මෙවරත් පැවත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ශ‍්‍රී ලංකා වනිතාභිමාන වැඩසටහනේ 5 වන අදියර එහි අවසන් අදියරට ළඟා වෙත්ම, වැඩසටහනේ වඩාත් ආකර්ෂණීය සහ මහජනතාවගේ දායකත්වය සමඟින් මෙහෙයවනු ලබන අංශවලින් එකක් වන ජනප‍්‍රියම කාන්තාවට හිමි සම්මානය සඳහා මේ වනවිටත් තරඟකාරී ලෙස ක‍්‍රියාත්මක වෙමින් පවතී. අවසන් මහා තරඟය 2025 අගෝස්තු මස 20 වන දින පැවැත්වීමට නියමිත අතර, එහිදී පළාත් සහ ආයතනික කාණ්ඩවල ජයග‍්‍රාහකයින් එළිදැක්වීමට නියමිතය. එතෙක්, වසරේ ජනප‍්‍රියම කාන්තාව ලෙස කිරුළු පළඳින්නේ කවුරුන්ද යන්න තීරණය කිරීමේ බලය මහජනතාව සතුව පවතී.

මෙම සම්මානයේ ඇති සුවිශේෂීත්වය නම් දක්ෂතාවයෙන් ජනතාවගේ හදවත් දිනාගත්, ධනාත්මක බලපෑම් තුළින් ජාතිය හැඩගැස්වීමට උපකාරී වන කාන්තාවන්ට ගෞරවය පුද කිරීමයි. ඡුන්දය ප‍්‍රකාශ කිරීම ආරම්භ වී ඇති අතර එය  අවසාන මහා රාත‍්‍රිය දක්වා විවෘතව පවතින බැවින්, රසිකයින්ට ඔවුන්ගේ ප‍්‍රියතම කාන්තාව වෙත සහාය දැක්වීමට තවමත් කාලය පවතී.

මෙම වසරේ අවසන් තරඟකරුවන් අතරට ශ‍්‍රී ලංකාවේ ඉහළම පෙලේ ජයග‍්‍රහණ හිමිකරගත් විවිධ ක්ෂේත‍්‍රයන් නියෝජනය කරන හා ආකර්ෂණීය කණ්ඩායමක් ඉදිරිපත් කර ඇත. ජාත්‍යාන්තර වේදිකාව තුළ සුන්දරත්වය සහ ජාතික අභිමානය රැගෙන ආ 2024 ලෝක රූ රැජින සඳහා ශ‍්‍රී ලංකාවේ නිල නියෝජිත අනුදි ගුණසේකර, සිත්බැඳ ගන්නා දක්ෂ නිළියක් සහ නිරූපිකාවක් වන ආකර්ශණීය රංගන කෞශල්‍යයෙන් හෙබි සම්මාන ලාභී තරින්දි ප‍්‍රනාන්දු, පරම්පරා කිහිපයක හිත් ඇද බැඳගත් වින්දනීය හඬ පෞර්ශය කාන්චනා අනුරාධි, අව්‍යාජශීලී ඩිජිටල් ඉදිරිපත් කිරීම සහ තරුණ පරපුර සමඟ ශක්තිමත් සම්බන්ධතාවය අගයන ප‍්‍රමුඛ සමාජ මාධ්‍ය බලපෑම්කරුවෙකු වන ලෝචනා ජයකොඩි සහ දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම අන්තර්ජාල තරුවක් වන අතර ඇය විවිධ චරිත නිරූපණය කරමින් සහ තාරුණ්‍ය සමඟින් වඩා හොඳ සබඳතාවයක් පවත්වාගෙන යන ශනුද‍්‍රි ප‍්‍රියසාද් ද වෙයි.

2025 වසරේ ජනප‍්‍රියතම කාන්තාවට ඔබේ ඡුන්දය ප‍්‍රකාශ කිරීම සඳහා, VB (SPACE) නාමයෝජනා අංකය සමඟ 7788 ට කෙටි පණිවිඩයක් එවන්න. සෑම ඡුන්දයක්ම ඔවුන්ව අගය කිරීමේ හඬක්, දක්ෂතා හඳුනාගැනීමක් සහ නූතන ශ‍්‍රී ලංකාව හැඩගස්වන කාන්තාවන්ගේ සැමරීමකි.

පෙර අදියරයන් මෙන්ම, ශ‍්‍රී ලංකා වනිතාභිමාන 5 වන අදියර ඇගයීම් පමණක් නොව, කාන්තාවන් සවිබල ගැන්වීම, පිළිගැනීම, ඔවුන් පෝෂණය කිරීම සහ ඔවුන්ගේ හඬ සමාජයට රැගෙන යාමට වේදිකාවක්ද සපයයි. මූල්‍ය සවිබල ගැන්වීම, හැකියාවන් හඳුනාගැනීම සහ සියල්ල ඇතුළත් සාමාජීය මුලපිරීම් හරහා ජීවිතයේ සෑම තරාතිරමකම කාන්තාවන්ට සහාය වීම සඳහා NDB බැංකුව කැපවී සිටී.

අප සමඟ මේ සුවිශේශී කාන්තාවන්ගේ විශිෂ්ටත්වය සැමරීමට එකතු වන්න. ඔබ වඩාත් ප‍්‍රිය කරන කාන්තාව වෙත ඔබගේ මනාපය යොමු කර ඔවුන්වෙත කෙරෙන ගෞරවනීය ඇගයීමේ කොටස්කරුවකු බවට ඔබත් පත්වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close