
හිතේ හැටියට TV බලන්න සිහින් නිමාවකින් යුත් තිරයක් සහිත ආකර්ෂණීය Samsung 32″ HD ස්මාර්ට් TV එකක් අදම ගෙදර ගෙනියන්න
අඛණ්ඩව දශක 2කට ආසන්න කාලයක් තිස්සේ ලොව අංක 1 රූපවාහිනී නිෂ්පාදකයා වන Samsung, සුවිශේෂී විශේෂාංග රැසකින් හා සිහින් පෙනුමක් සහිත තිරයකින් සැදුම්ලත් 32″ HD රූපවාහිනිය වෙළෙඳපොලට හඳුන්වා දෙමින් පාරිභෝගිකයින් වෙත අසීමිත විනෝදාස්වාදයක් අත්විඳීමේ අවස්ථාව සලසා දී ඇත. රූපවාහිනී නිෂ්පාදනයක් තුලින් විවිධත්වයක් හා නව්‍ය විශේෂාංග අපේක්ෂා කරන පාරිභෝගික අවශ්‍යතා මනාව සපුරාලමින් අසමසම අත්දැකීමක් ඔවුන් වෙත ගෙන ඒමට මෙම නවතම නිෂ්පාදනය සමත් වනු ඇත.
High Dynamic Range සහ PurColor තාක්ෂණයන්ගෙන් යුත් මෙම රූපවාහිනී නිෂ්පාදනය අඳුරුතම හා දීප්තිමත්ම දර්ශනයන්හි සුපහැදිලි බව මනාව ගෙන ඒම සඳහා පරිපූර්ණ වර්ණාවලියක් ලබා දෙයි. දර්ශනයේ මුල් අන්තර්ගතය විශ්ලේෂණය කරමින් Ultra Clean View තාක්ෂණය හරහා දුර්වලතාවයන් අවම කරමින් උසස් තත්වයේ දර්ශනයක් නෙතු අභියසට ගෙන ඒමට සමත් මෙම HD රූපවාහිනියේ ඇති Contrast Enhancer විශේෂාංගය තුලින් තමන්ටම පින්තූරවල ගුණාත්මකභාවය ඉහළ නංවා ගැනීමේ හැකියාවද උදා කර දෙයි.
විශේෂයෙන් ප්‍රමාණයෙන් තරමක් කුඩා කාමර සඳහා නිර්මාණය කර ඇති සිහින් නිමාවෙන් යුත් මෙම රූපවාහිනී නිෂ්පාදන පෙළ PC Mode, Game Mode, Screen Mirroring යනාදී විවිධ හැකියාවන්ගෙන් සපිරි විශේෂාංගයන්ගෙන්ද යුක්ත වේ. ඒ තුලින් පාරිභෝගිකයින්ට තමන්ගේ අවශ්‍යතාවන් සරිලන පරිදි රූපවාහිනි භාවිත කිරීමට හැකියාව උදා වන අතර Universal Guide විශේෂාංගය තුළින් තමන් නැරඹීමට කැමති දේ ඉක්මනින් තීරණය කිරීමේ හැකියාවද ඔවුන්ට හිමිවේ.
Samsung හි සිහින් නිමාවෙන් යුත් 32″ රූපවාහිනිය ස්මාර්ට් රූපවාහිනී කළඹට තවත් සුවිශේෂී එකතු කිරීමක් වන අතරම නිවසට, කාර්යාලයට ආකර්ෂණය එක් කරන ජනප්‍රිය නිෂ්පාදනයක් බවටද පත් වනු ඇත. එපමණක් නොව gaming අත්දැකීමක් ද සිත් දේ ලබා ගත හැකි මෙම සුවිශේෂී නිෂ්පාදනය තමන් සතු කර ගැනීම සඳහා නම්‍යශීලී පහසු ගෙවීමේ සැලසුම් පාරිභෝගිකයින් වෙත ලබා දීමටද Samsung කටයුතු කර තිබීම විශේෂත්වයකි.
එහි ඇති සුවිශේෂී විශේෂාංග
Universal Content Guide
තමන්ට අවශ්‍ය අන්තර්ගතයන් සොයා ගැනීම සඳහා පරිශීලකයින් වැය කරන කාලය අවම කිරීම සඳහා හඳුන්වා දී ඇති Universal Content Guide විශේෂාංගය තුලින් තමන් නැරඹීමට අවශ්‍ය දේ වහාම තීරණය කිරීමට අවස්ථාව උදා කර දෙයි. මේ හේතුවෙන් ජනප්‍රිය චිත්‍රපට හා ටී වී වැඩසටහන් අතුරින් තමන් කැමතිම වැඩසටහන් හා චිත්‍රපට පහසුවෙන් සොයා ගැනීමට හැකි වේ.
PC මාදිලිය
රූපවාහිනියක් ලෙස මෙන්ම පුද්ගලික පරිගණක තිරයක් බවට පරිවර්තනය කර ගැනීමට හැකි වීමද මෙම නවතම රූපවාහිනියෙහි ඇති විශේෂත්වයකි. ලේඛනය සහ අන්තර්ජාලය වෙත පිවිසීම සඳහා පහසුවෙන් භාවිත කළ හැකි මෙය අන්තර්ජාලය භාවිතයකින් තොර රැහැන් රහිත තිරයක් ලෙසද භාවිත කිරීමට හැකියාව ඇත.
Game මාදිලිය
රූපවාහිනිය නැරඹීමේ විනෝදාස්වාදයෙන් ඔබ්බට යමින් පරිශීලකයාගේ විවේකය විනෝදයෙන් ගත කිරීම සඳහා වඩා සුවිසල් තිරයක් ලබා ගැනීමට මෙම රූපවාහිනිය තුළින් අවස්ථාව ලබා දෙයි. එය අසමසම Gaming අත්දැකීමක් ඒ තුලින් උරුම කර දෙනු නිසැකය.
වෙබ් බ්‍රවුසරය
රූපවාහිනිය තුළ අන්තර්ගත බ්‍රවුසරය හරහා තමන් කැමති වෙබ් අඩවි වෙත පිවිසීමට පරිශීලකයින්ට හැකි වේ.
තිර දර්පණය (Screen Mirroring)
මේ තුලින් ජංගම දුරකතනයේ හෝ රූපවාහිනියේ හෝ වෙනත් ඕනෑම උපාංගයක ඇති අන්තර්ගතයන් රූපවාහිනිය තුළින් රස විඳීමේ අවස්ථාව උදා වේ.
එසේම යන HDR, Object Tracking Sound Lite, Samsung Knox Security සහ One UI Tizen විශේෂාංගයන්ගෙන්ද මෙය සමන්විත වේ.
32″ HD සහ ස්මාර්ට් HD රූපවාහිනී සඳහා බාධාවකින් තොරව ආරක්ෂිත අත්දැකීමක් ලබා ගැනීමට වසර 7ක OS upgrades පහසුකමද Samsung වෙතින් ලබා දෙයි.
දැන් 32″ Samsung HD සහ ස්මාර්ට් HD රූපවාහිනී නිෂ්පාදනයක් සිංගර්, සිංහගිරි, දම්රෝ සහ සොෆ්ට්ලොජික් අලෙවිසැල්වලින් මිලදී ගත හැකියි.