
Melwa සමාගම African Pacific Powerlifting Championship 2025 ජයග්‍රහණ සඳහා අනුග්‍රාහකත්වය දක්වයි
ශ්‍රී ලංකාවේ වානේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Melwa සමාගම සිය ආයතනික සමාජ වගකීම් තව දුරටත් ඉදිරියට රැගෙන යමින් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා දක්වන දායකත්වයේ තවත් සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Asian African Pacific Powerlifting Championship 2025 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රදීප් එස්. සුමුදු ක්‍රීඩකයා වෙත අනුග්‍රාහකත්වය සැපයීය.
ජපානයේ හිමෙජි නගරයේදී පැවැති මෙම තරගාවලියට ආසියානු, අප්‍රිකානු, පැසිෆික් කළාප නියෝජනය කරමින් රටවල් රැසක තරගකරුවෝ විශාල පිරිසක් සහභාගී වූහ. එම තරගාවලියේදී ශ්‍රී ලංකාවට කීර්තියක් අත් කර දෙමින් කිලෝග්‍රෑම් 59 බර පන්තියේ Squat 220 kg රිදී සම්මානය (මෙය ශ්‍රී ලංකා වාර්තාවකි), Bench Press 135 kg ලෝකඩ සම්මානය, Deadlift 250 kg ලෝකඩ සම්මානය, Overall 605 kg රිදී සම්මානය (මෙය ශ්‍රී ලංකා වාර්තාවකි) දිනා ගැනීමට ප්‍රදීප් එස්. සුමුදු සමත් විය. ලෝක ශ්‍රේණිගත කිරීම්වල පස්වැනි ස්ථානය හිමි කර ගැනීමට ප්‍රදීප් එස්. සුමුදු ක්‍රීඩකයාට හැකි වීමද සුවිශේෂත්වයකි. යතුරු පැදි ධාවන ක්‍රීඩාව ඇතුළු ක්‍රීඩා රැසක නිරත වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට අවශ්‍ය පහසුකම් හා අනුග්‍රාහකත්ව සපයමින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කරන Melwa සමාගම ඉදිරියේදීද ක්‍රීඩා ක්ෂේත්‍රයට දක්වන දායකත්වය තව දුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරයි. නිරෝගී, ජව සම්පන්න හා විනයගරුක සමාජයක් බිහි කිරීමට ක්‍රීඩාවේ දියුණුව සුවිශාල පිටිවහලක් වන බව Melwa සමාගමේ විශ්වාසයයි.