
Bally’s Colombo සූපවේදීන්ට CAFÉ 2025 Culinary Expo ප්‍රදර්ශනයේදී පදක්කම් රැසක්
Bally’s Colombo නියෝජනය කරමින් Culinary Art Food Expo (CAFÉ 2025) ප්‍රදර්ශනයට සහභාගී වූ සූපවේදීන් කණ්ඩායමට පදක්කම් රැසක් හිමි විය. එම ප්‍රදර්ශනය ජූනි මස 13 සිට 15 දක්වා කොළඹ BMICHහිදී පැවැත්විණි. 22 වන වරට පැවැත්වුණු කළාපයේ විශාලම ඉවුම් පිහුම් ප්‍රදර්ශනවලින් එකක් වන ඊට ශ්‍රී ලංකාව සහ වෙනත් රටවල් නියෝජනය කරන සූපවේදීහු 2,000කට වැඩි පිරිසක් සහභාගී වූහ. එහිදී තනි තනි සහ කණ්ඩායම් වශයෙන් සුවිශේෂ දක්ෂතා දැක්වූ Bally’s Colombo සූපවේදීන් කණ්ඩායමට අංශ කිහිපයක් යටතේ හිමි වූ පදක්කම් සංඛ්‍යාව 11කි. CBL Apprentice Desserts Live සඳහා ඉදිරිපත් වූ අතුරුපස වර්ග සිය ගණනක් අතරින් එම්. මයෝරන් පිළියෙළ කළ අතුරුපස වෙනුවෙන් රන් පදක්කමක් හිමි විය. Bally’s Colombo සූපවේදීන් දිනා ගත් රිදී පදක්කම් සංඛ්‍යාව දෙකකි. CBL Apprentice Desserts Live අංශය සඳහා තරග කළ කේ. ජී. ප්‍රමුක පැහැසර සහ Keells Apprentice Set Menu Live අංශය යටතේ ඉතා අඩු කාලයක් තුළ සමබර සහ නිර්මාණාත්මක ආහාර වේලක් පිළියෙළ කළ ඊ. ඒ. ටී. නිල්මිණි එදිරිසිංහ එලෙස රිදී පදක්කම් දිනා ගත්හ.
රන් සහ රිදී පදක්කම්වලට අමතරව අංශ ගණනාවක් යටතේ ලෝකඩ පදක්කම් නවයක් දිනා ගැනීමටද Bally’s Colombo සූපවේදීන්ට හැකියාව ලැබිණි. ඒ අනුව එම්. කේ. සංගීත් පෙරේරා (CIC Twist of Taste), වයි. එස්. එස්. සඳරුවන් සිල්වා සහ බී. ඒ. ජානක පුෂ්පකුමාර (Prima Artisan Bread Creations), පී. ඒ. සී. එස්. ජේ. ප්‍රභාත් විජේරත්න (Hot Cooking Seafood), ටී. ඩී. සුරංග අබේනායක (Apprentice Zara Pasta Challenge), සන්දනම් පරමසිවම් (Nestlé Fusion Sri Lankan Cuisine), අයි. පී. එස්. එම්. පුෂ්පකුමාර විජේරත්න (Cargills Hot Cooking Live), සහ ආර්. ඒ. ඩී. පී. මල්ෂාන් අල්විස් (Pyramid Wilmar Dress the Cake) ලෝකඩ පදක්කම් දිනා ගත්හ. ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදය WACS සහ CDC Events ආයතන සමඟ එක් වී සංවිධානය කළ Culinary Art Food Expo ප්‍රදර්ශනය තරගාවලි, නිෂ්පාදන ප්‍රදර්ශන, සජීවී ඉවුම් පිහුම්, දෙස් විදෙස් ආහාර සහ ආගන්තුක සත්කාර සන්නාම ප්‍රදර්ශන ඇතුළු ඉසව් රැසකින් සමන්විත විය. Bally’s Colombo 1990 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලාංකික විනෝදාස්වාද සහ රාත්‍රී සමාජ ශාලා ක්ෂේත්‍රයේ කීර්තිමත් නමක් දිනා තිබේ. ගෝලීය ප්‍රමිතිවලට අනුගත වෙමින් පාරිභෝගික කේන්ද්‍රීය සේවාවක් සපයන ඊට ලොව පුරා රටවල් රැසකින් අමුත්තෝ පැමිණෙති. සජීවී සංගීත සංදර්ශන, නර්තන අංග, රසවත් ආහාර පාන ඇතුළු සේවා රැසක් පිරිනමන එහි කාර්ය මණ්ඩලය 1,200කට අධිකය.