October 27, 2025
ශ්‍රී ලාංකේය ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් City of Dreams Sri Lanka විවෘත වෙයි
පුවත්

ශ්‍රී ලාංකේය ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් City of Dreams Sri Lanka විවෘත වෙයි

Aug 4, 2025

ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ඉදිවූ විශාලතම ආයෝජන ව්‍යාපෘතිය මෙන්ම දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka (COD SL) අභිමානවත් ගමනක සමාරම්භය සනිටුහන් කරමින් පසුගියදා විවෘත කරනු ලැබීය. සුඛෝපභෝගී බව හා දේශීය නිර්මාණකරණය එක් තැන් කළ සුවිශේෂී කේන්ද්‍රස්ථානයක් වන මෙම නවතම ඒකාබද්ධ හෝටල් සංකීර්ණය ශ්‍රී ලංකාවේ අභිලාශය, නිර්මාණශීලීත්වය හා ගෝලීය දැක්ම මනාව විදහා දක්වන්නකි.

City of Dreams Sri Lanka යනු ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (John Keells Holdings) සහ මෙල්කෝ රිසෝට් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් (Melco Resorts and Entertainment (MRE) හි ශක්තිමත් සහයෝගීතාවයේ අති සාර්ථක ව්‍යාපෘතියකි. එය සුවිසල් අවස්ථාවන් සමඟින් නවෝත්පාදනය, ජාතික අභිමානය හා ගෝලීය පිළිගැනීම සහිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ කේන්ද්‍රස්ථානයක් ලෙසද අරුත් ගැන්විය හැකිය.

මෙම අභිමානවත් සමාරම්භය සමඟ එක් වෙමින් ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර මහතා පවසා සිටියේ මෙවැන්නකි.

“මෙය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් අවස්ථාවක්. City of Dreams යනු අපේ රටේ මෙතෙක් සිදු කරන ලද විශාලතම පුද්ගලික ආයෝජනයයි. මෙම ව්‍යාපෘතිය මෙරට ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට මෙන්ම ලෝකය තුල ශ්‍රී ලාංකේය නාමය තවදුරටත් විශිෂ්ටත්වයට පත් කිරීමට හේතු වනවා. ඒවගේම අනාගත පරම්පරාවන්ට ප්‍රයෝජනවත් වන දිගුකාලීන ධනාත්මක වෙනසක් නිර්මාණය කරමින්, නවීන හා ඉදිරි දැක්මක් සහිත ගමනාන්තයක් ලෙසද City of Dreams පෙන්වා දිය හැකියි.”

මෙම සුවිශේෂී අවස්ථාවට එක් වූ Melco Resorts & Entertainment හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෝරන්ස් හෝ (Lawrence Ho) මහතා සඳහන් කර සිටියේ “මෙම සුවිශේෂී ව්‍යාපෘතිය සඳහා ජෝන් කීල්ස් සමූහය සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වනවා. මෙල්කෝ හි ගෝලීය අත්දැකීම් සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා ආගන්තුක සත්කාරය එකට එක් කරන වැදගත් අවස්ථාවක් ලෙස City of Dreams Sri Lanka සඳහන් කළ හැකියි. අධි සුඛෝපභෝගී Nüwa හෝටල් සංකීර්ණය මෙන්ම විනෝදාස්වාද සහ කැසිනෝ පවත්වාගෙන යාමෙන් අප කලාපයේ ජාත්‍යන්තර මට්ටමේ සංචාරක ව්‍යාපාරය සඳහා නව මිණුම් සලකුණු සකසන අතරම ශ්‍රී ලංකාවේ අද්විතීය අනන්‍යතාවය පිළිබිඹු කරමින් සුඛෝපභෝගී සංචාරක ගමනාන්තයක් නිර්මාණය කිරීමට ද සහාය වනවා.” යනුවෙනි.

පසුගිය වසරක කාලය පුරා දේශීය ශිල්පීන්, හෝටල් වෘත්තිකයින් සහ නිර්මාණකරුවන් 500ක අධික පිරිසක් ජාත්‍යන්තර නිර්මාණ ශිල්පීන් සහ මෙල්කෝ හි ගෝලීය විශේෂඥයින් සමඟ එක් වෙමින් City of Dreams Sri Lanka ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා සුවිසල් දායකත්වයක් දක්වනු ලැබීය. එහිදී විශේෂයෙන් බිත්ති මත දැතින් නිමවන ලද සිතුවම් මෙන්ම තෝරාගත් කලා නිර්මාණ රැසක් තුලින් ශ්‍රී ලාංකේය හැකියාවන් ලොවට ප්‍රදර්ශන කිරීමට ඔවුන් කටයුතු කරනු ලැබුවේ City of Dreams හි අනන්‍යතාවද ලොවට විවර කරමිනි.

කොළඹ නගරයට නව අරුතක් 

සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියකට එහා ගිය ශ්‍රී ලාංකේය හැකියාවන් හා නව්‍යකරණ සංකේතයන් මනාව විදහා දක්වන City of Dreams Sri Lanka කොළඹ නගරයේ ආකර්ෂණීයම සංචාරක ගමනාන්තය බවට පත් වන්නේ නිරායාසයෙනි. සුවිශේෂී උත්සව අවස්ථා සඳහා සුඛෝපභෝගී පහසුකම්වලින් සපිරි City of Dreams ඉහළ ආදායම් ලබන සංචාරකයින් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කරගනිමින් දේශීය ව්‍යාපාර දියුණුව වෙනුවෙන් සිය දායකත්වය ලබා දීමට සූදානමින් සිටියි.

දකුණු ආසියානු කලාපයේ ප්‍රථම ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන මේ තුලින් සියලු සේවාවන් එකම වහලක් යටදී සිදු කර ගැනීමේ හැකියාව පාරිභෝගිකයින් වෙත උදා කර දී ඇත්තේ ඔවුන් වෙත ඉමහත් පහසුවක් අත්කර දෙමිනි.

කාමර 687කින් සමන්විත Cinnamon Life සහ අති සුඛෝපභෝගී කාමර 113කින් සමන්විත NUWA හෝටල් සමඟින් ජාත්‍යන්තර තත්ව හා පාලන ක්‍රමවේදයන්ට අනුකූලව මෙල්කෝ විසින් මෙහෙයවනු ලබන අති නවීන කැසිනෝ හා විනෝදාස්වාද කලාපයක් තුලින් දෙස් විදෙස් සංචාරකයින් වෙත අසමසම සේවාවක් ලබා දීමට City of Dreams Sri Lanka කටයුතු කර ඇත.

සුප්‍රසිද්ධ සූපවේදීන්ගේ දායකත්වයෙන් සකසනු ලබන ශ්‍රී ලාංකේය සූප ශාස්ත්‍ර උරුමයන් සමඟින් පාරිභෝගිකයින් වෙත නවතම ප්‍රණීත ආහාර හා පාන වර්ග රැසක් හඳුන්වා දීමට City of Dreams කටයුතු කර ඇත්තේ සුවිශේෂී අවන්හල් හා බාර් 17ක් සමඟිනි.

එමෙන්ම පිළිගත් දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳ නාම සහිත සාප්පු සංකීර්ණයක් තුළින් තමන්ට අවශ්‍ය හොඳම නිෂ්පාදන මිලදී ගැනීමේ අවස්ථාවද මෙහි පැමිණෙන අමුත්තන් වෙත උදා කර දෙන City of Dreams විශේෂ උත්සව, රැස්වීම්, සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශනයන් පැවැත්වීම සඳහා වන සියලු පහසුකම්වලින්ද සමන්විත වේ. එසේම City of Dreams හි නිවාස හා කාර්යාල සංකීර්ණය තුළින් පරිපූර්ණ නිවසක් හෝ කාර්යාලයක් වෙන් කර ගැනීමට දෙස්, විදෙස් පාරිභෝගිකයින්ට අවස්ථාව උදා කර දී තිබීම විශේෂත්වයකි.

JKH පිළිබඳව

කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී (JKH) විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7 ක පවතින සමාගම් 80කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබයි. වසර 150ක ඉතිහාසයකට හිමිකම් JKH ආයතනය සේවක සේවිකාවන් 16,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 20 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා විසින් සිද කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව සිව්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ (UN Global Compact) සාමාජිකයෙකු වන ජෝන් කීල්ස් සමාගම, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවනු ලබයි.

Melco Resorts & Entertainment Limited පිළිබදව

Nasdaq Global Select Market (Nasdaq: MLCO) හි ලැයිස්තුගත ඇමරිකානු තැන්පතු සහිත සමාගමක් වන අතර ආසියාවේ හා යුරෝපයේ ඒකාබද්ධ සංචාරක නවාතැන් සංවර්ධකයකු, හිමිකරුකරුවකු සහ ක්‍රියාකාරිකයකු ලෙස Melco Resorts & Entertainment Limited හඳුන්වා දිය හැකිය. ඔවුන් විසින් අද වන විට Cotai, Taipa සහ Macau හි පිහිටුවා ඇති ඒකාබද්ධ හෝටල් සංකීර්ණයක් වන City of Dreams (www.cityofdreamsmacau.com) සහ Altira Macau (www.altiramacau.com) පවත්වාගෙන යනු ලබයි. එමෙන්ම එහි ව්‍යාපාර අතරට Taipa, Macau සහ Mocha Clubs හි පිහිටා ඇති කැසිනෝ ව්‍යාපාරයක් වන Grand Dragon Casino අයත් වේ. එසේම Macau හි ඉලෙක්ට්‍රොනික් gaming යන්ත්‍ර පදනම් කරගත් විශාලතම කැසිනෝ නොවන ව්‍යාපාරයද ඔවුන් සතු වේ. ඊට අමතරව Macau හි Cotai කේන්ද්‍ර කරගනිමින් සිනමාත්මක තේමාවන් රැගත් ඒකාබද්ධ හෝටල් සංකීර්ණයක් වන Studio City (www.studiocity-macau.com) ක්‍රියාත්මක කිරීමටද සමාගම කටයුතු කරයි. තවද පිලිපීනයේ මැනිලා නුවර Entertainment City complex හි පිහිටා ඇති හෝටල් සංකීර්ණයක් වන City of Dreams Manila (www.cityofdreamsmanila.com) ව්‍යාපාරය මෙහෙයවීම හා කළමනාකරණය කිරීමද Melco Resorts & Entertainment Limited මඟින් සිදු වේ. යුරෝපය තුළදී සයිප්‍රස් ජනරජයේ ලිමසෝල්හි පිහිටි හෝටල් සංකීර්ණයක් වන City of Dreams Mediterranean මෙහෙයවන අතර අනෙකුත් නගරවල බලපත්‍රලාභී සැටලයිට් කැසිනෝ (“Cyprus Casinos”) ක්‍රියාත්මක කරයි. සමාගම පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා www.melco-resorts.com වෙත පිවිසෙන්න.

හොංකොං ලිමිටඩ් කොටස් හුවමාරුවේ ප්‍රධාන දර්ශකයේ ලැයිස්තුගත කර ඇති සමාගමක් වන Melco International Development Limited සතු වන Melco Resorts & Entertainment Limited එහි වැඩි කොටස් ප්‍රමාණයකට හිමිකම් කියන Lawrence Ho මහතා එහි සභාපති, විධායක අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරයි. 

1 Comment

  • Es gibt einige Wild Toro Online Casinos, welche dir diesen Slot in einer sehr guten Qualität anbieten. Ich habe mich daher für dich bereits im Vorfeld umgesehen und möchte dir hier die besten Casinos mit dem Wild Toro Slot präsentieren. Diese Wild Toro Online Casinos sind alle seriös, verfügen über eine gültige Konzession und bieten dir viele weitere Online Spielautomaten und lukrative Bonusaktionen. Der Wild Toro Slot verfügt über 5-Walzen-Slots und bietet bis zu 178 mögliche Gewinnkombinationen. Deinen Einsatz zum Wild Toro um Echtgeld spielen kannst du im Bereich zwischen 0,20 Euro und 100 Euro pro Spin wählen. In den Wild Toro Online Casinos findest du zudem einen Knopf für Auto-Spins, bei dem du zwischen 10 und 100 Spins automatisch durchlaufen lassen kannst. Bei Taco Brothers wird wie an anderen Spielautomaten im Basisspiel ein Preis gezahlt, wenn drei gleiche Symbole auf einer der 243 Gewinnlinien von links nach rechts gelesen auftauchen. An dem Slot können Sie Ihre Einsätze zwischen 0,10 € und 50 € und verschiedene Wettstrategien wählen. Es stehen Ihnen dabei Jumper, Leveller und Booster zur Verfügung. Scatter und Wild Symbole sorgen bei Taco Brothers zusätzlich für Spaß und Spannung. Die drei Brüder Pico, Pepe und Paso sind Gewinnbilder und fungieren in den Bonusrunden als Running Wilds.
    https://lephotostudio.com.ua/2025/10/17/plinko-von-bgaming-ein-spannendes-casinospiel-fur-spieler-aus-deutschland/
    Spannender Krimi mit einem passendem Weißwein Inhalte von Videoplattformen und Social Media Plattformen werden standardmäßig blockiert. Wenn Cookies von externen Medien akzeptiert werden, bedarf der Zugriff auf diese Inhalte keiner manuellen Zustimmung mehr. Paddeln zwischen Kaukasus und Balkan ShopIsle powered by WordPress Ein sehr dicht strukturierter, nach dunklen Beeren duftender Rotwein. Über sechs Monate in kleinen Barriques aus amerikanischer Eiche ausgebaut. Die Gerbstoffe sind präsent und verdecken nach dem Öffnen des Weines die Fruchtkomponenten und zeigen neben erdigen Noten auch Lakritze und reife Pflaumen. Nach Belüftung immer mehr Frucht und sehr vielschichtig. Das furiose Finish ist kraftvoll und lang. Ein Wein aus biologischem Anbau. ES-ECO-016-CL Wir verwenden Cookies, um Ihnen ein besseres Nutzererlebnis auf unserer Website zu bieten. Weitere Informationen finden Sie in unserer Cookie Richtlinie.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close