October 26, 2025
HNB Remit මගින් අගනා ත්‍යාග දිනා ගන්න ඔබටත් අවස්ථාවක්
පුවත්

HNB Remit මගින් අගනා ත්‍යාග දිනා ගන්න ඔබටත් අවස්ථාවක්

Jul 30, 2025

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ඔවුන්ගේ HNB Remit ප්‍රවර්ධන වැඩසටහන වන ‘එතෙර සල්ලි සමඟ මෙතෙර දිනන්න’ හරහා පිටරට සිට එවන මුදල් (ප්‍රේෂණ) ගෙන්වාගත් ගනුදෙනුකරුවන් සමඟ ඇති දිගුකාලීන සම්බන්ධතාවය තවත් ශක්තිමත් කරමින් ඔවුන්ව ඇගයීමට හා ත්‍යාග ලබා දීමට පසුගියදා කටයුතු කළේය.

2025 ජුනි 2 වන දින ආරම්භ වූ මෙම ප්‍රවර්ධන වැඩසටහන 2025 අගෝස්තු 24 වන දින දක්වා ක්‍රියාත්මක වන අතර එම කාලය තුළ HNB Remit සේවාව සමඟ අත්වැල් බැඳගෙන ඇති ජාත්‍යන්තර හවුල්කරුවන් හරහා එතෙර සිට එවන මුදල් ලබා ගන්නා ගනුදෙනුකරුවන්ට සෑම සතියකම රු. 50,000 ක් දිනා ගැනීමේ අවස්ථාව ලබා දෙයි.

මෙම ප්‍රවර්ධන වැඩසටහනේ අරමුණ වන්නේ විදේශයන්හි ජීවත්වන සහ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින්ට මෙරටට මුදල් එවීමේදී ආරක්ෂිත, වේගවත් සහ විශ්වාසනීය ප්‍රේෂණ සේවාවක් ලෙස HNB Remit භාවිතා කිරීමට දිරිගැන්වීමයි. තවද මෙය පැවැත්වෙන කාල සීමාව තුළ රියා, වෙස්ටර්න් යුනියන්, මනිග්‍රෑම් හෝ වෙනත් ඕනෑම ජාත්‍යන්තර ප්‍රේෂණ සේවාවක් හරහා මුදල් ලබා ගන්නා ගනුදෙනුකරුවන් සතිපතා දිනුම් ඇදීමකට ඇතුළත් වේ. ඒ අනුව සෑම සතියකම, අහඹු ලෙස තෝරා ගනු ලබන එක් වාසනාවන්ත ජයග්‍රාහකයෙකුට ඔවුන් තුළ බැංකුව කෙරෙහි පවතින අඛණඩ විශ්වාසයට කෘතගුණ සැලකීමක් ලෙස රුපියල් 50,000 ක ත්‍යාග මුදලක් ලබා දෙයි.

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දැක්වූ HNB උප සභාපතිනි ආයතනික බැංකුකරණ නටාෂා හේ මහත්මිය සඳහන් කළේ “ශ්‍රී ලංකාවට විදේශ මුදල් යැවීම අපේ ජාතික ආර්ථිකයට අත්‍යවශ්‍ය කොටසක්. එමගින් ගොඩනැගෙන පවුල් ශක්තිමත් කිරීම අපේ අරමුණයි. HNB Remit සේවාව මගින් ගනුදෙනුකරුවන්ට ඉක්මනින් විශ්වසනීය වූ සහ නවීන තාක්ෂණය මගින් පහසුවක් ලබා දීමට අප කැපවී සිටිමු. මෙම ත්‍යාග ලබා දීමේ වැඩසටහන මගින් ගනුදෙනුකරුවන්ට විශේෂිත වාසි ලබා දීමට හැකි වීම පිළිබඳව අප සතුටු වෙමු.” යනුවෙනි.

ඒ අනුව කේ. ජේ. සෙල්වි, යූ. පී. ධර්මකීර්ති, සන්දනකුමාරන් කයල්විලි සහ ප්‍රියන්ත වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් HNB Remit සේවාව හරහා මුදල් ලබා ගනිමින් සතිපතා රු. 50,000 මුදල් ත්‍යාග දිනාගත් පළමු වාසනාවන්ත ජයග්‍රාහකයින් විය.

HNB Remit සේවාව ආරක්ෂිත, භාවිතයට පහසු සහ නව්‍යකරණය සඳහා දිගු කලක් තිස්සේ පිළිගැනීමට ලක්ව ඇත. දීප ව්‍යාප්ත පාරිභෝගික ඒකක 254 කට අධික සංඛ්‍යාවක් සහ ස්වයං සේවා යන්ත්‍ර 800 කට අධික සංඛ්‍යාවක ශක්තිමත් ජාලයකින් සමන්විත HNB ඉහළ පෙළේ ජාත්‍යන්තර ප්‍රේෂණ සේවා සමඟ හවුල්කාරිත්වයන් හරහා ගනුදෙනුකරුවන්ට ලොව ඕනෑම තැනක සිට ආරක්ෂිතව සහ විශ්වසනීය ලෙස මුදල් ලබා ගත හැකි බව සහතික කරයි.

මෙම ප්‍රවර්ධන වැඩසටහන HNB හි අඛණ්ඩ කැපවීම මත ගොඩනැගෙමින් විශ්වාසවන්ත ගනුදෙනුකරුවන් සඳහා වැඩි උද්යෝගයක් සහ අගය කිරීමක් එක් කරයි. එතෙර සිට එවන මුදල් ලබා ගන්නා සියලු දෙනාට මුදල් ත්‍යාග දිනා ගැනීමට මෙම අවස්ථාව භාවිතා කරන ලෙසත් බැංකුවේ විශ්වාසනීය ප්‍රේෂණ සේවාවන් භුක්ති විඳින ලෙසත් HNB ආරාධනා කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close