
EMSOL නව්‍යකරණය හා දුම අවම කිරීම වෙනුවෙන් ජාතික සම්මාන දෙකක් දිනයි
මෙරට නිෂ්පාදිත ඉන්ධන ප්‍රතිකාරකයක් වන EMSOL කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා 2025 සම්මාන උළෙලේදී වාහන, වාහන එකලස් කිරීම් සහ වාහන ආශ්‍රිත කර්මාන්ත අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙසත්, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සංවිධානය කළ SLIM SME Development සම්මාන උළෙලේදී ක්ෂුද්‍ර අංශයේ කුසලතා සම්මානයකිනුත් පිදුම් ලැබීය. Eminent International සමාගමේ නිෂ්පාදනයක් වන EMSOL පෙට්‍රල්, ඩීසල් සහ අනෙකුත් පොසිල ඉන්ධනවල ක්‍රියාකාරිත්වය ඉහළ නංවයි. වාහන, නාවික යාත්‍රා සහ බොහෝ උපාංගවල ඉන්ධන ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමට එය භාවිත කළ හැකිය. වාහනවලින් පිට වන දුම සම්පූර්ණයෙන්ම පාහේ අවම කරන EMSOL 20%-25% අතර අගයකින් ඉන්ධන ක්‍රියාකාරිත්වය ඉහළ නංවයි. සාමාන්‍යයෙන් වෙළෙඳපොළේ ඇති අනෙකුත් ප්‍රතිකාරකවලින් ඉන්ධන ක්‍රියාකාරිත්වය ඉහළ නැංවිය හැක්කේ 12%-15% අතර අගයකිනි. EMSOL යෙදීමට වාහනවල කිසිදු වෙනසක් කළ යුතු නැත. නිර්දේශිත ප්‍රමාණය ඉන්ධන ටැංකියට යෙදීමෙන් වැඩි බලයක් සහිතව දුමක් නොමැතිව වැඩි දුරක් ධාවනය කළ හැකිය.
දුම අවම වීමෙන් එන්ජින් ඔයිල් දහනය අවම වේ. ඒ හරහා එන්ජින් ඔයිල් මාරු කළ යුතු කාලය 30%කින් දීර්ඝ වේ. දුම් පරීක්ෂණවලින් සමත් වීමටද EMSOL උපකාර වේ. (EMSOL Fuel System Cleaner ඉන්ධන ටැංකියට යොදා කිලෝමීටර් 20ක් 25ක් ධාවනය කර දුම් පරීක්ෂණයට ඉදිරිපත් කළ යුතුය. චෙක් එන්ජින් සහ DPF ගැටලු පහසුවෙන් විසදා ගැනීමටද මෙය යොදා ගත හැකිය.) සුමට එන්ජින් ක්‍රියාකාරිත්වය ධාවනය කරන්නාට දැනෙන වෙහෙස අවම කරන අතර සුරක්ෂිතභාවය ඉහළ නංවයි. සාමාන්‍ය ඉන්ධනවලට EMSOL එකතු කිරීමෙන් අඩු මුදලකට සුපිරි ඉන්ධනවලට සමාන කාර්යක්ෂමතාවක් ලැබේ. යතුරුපැදි, බර වාහන, දුම්රිය, මහා පරිමාණ විදුලි උත්පාදක ඇතුළු ඕනෑම එන්ජින් වර්ගයකට භාවිත කළ හැකි එය 100%ක් සුරක්ෂිතය. විවිධ ඉන්ධන ටැංකි ධාරිතාවලට ගැළපෙන ලෙස එකිනෙකට වෙනස් ප්‍රමාණ හතරකින් මිල දී ගත හැකි EMSOL නිල් (Fuel Economizer), සුදු (Fuel Conditioner & Booster), කොළ (Fuel System Cleaner) යන ඛාණ්ඩ යටතේ වෙළෙඳපොළට නිකුත් වේ. අමෙරිකානු ප්‍රමිතිවලට යටත්ව පරීක්ෂාවට ලක් කරන එය Ceylon Automobile Association නිර්දේශයද ලබා ඇත. දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වලින්, ඔයිල් මාට්වලින් වාහන අමතර කොටස් වෙළෙඳසල්වලින් EMSOL මිල දී ගත හැකිය.