
කොමර්ෂල් බැංකුව ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ හි තම නියෝජිත කාර්යාලය විවෘත කරයි
බැංකුවට මෙන්ම ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයටම ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කොමර්ෂල් බැංකුවේ ඉහළ කළමනාකාරිත්වයේ සහ ශ්‍රී ලංකාවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ (DIFC) කොමර්ෂල් බැංකුවේ නියෝජිත කාර්යාලයක් මෑතකදී විවෘත කරන ලදී.
මෙම නියෝජිත කාර්යාලය විවෘත කිරීම සිදු කරනු ලැබුවේ කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හන් මුෂීන් මහතා සහ බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා යන දෙදෙනා සමඟ DIFC අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී අරිෆ් අමිරි මහතාගේ ප්‍රධානත්වයෙනි.
සමාරම්භක උත්සවය අවසන් වීමෙන් පසු ෂැන්ග්‍රි-ලා ඩුබායි හිදී උත්සවයක් පැවැත්වුණු අතර ඒ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනි, අතිගරු මහාචාර්ය අරුෂා කුරේ මහත්මිය සහ දෙරටේ ම ව්‍යාපාරික ප්‍රජාවේ සම්භාවනීය අමුත්තන් සහභාගී විය.
DIFC හි විවෘත කළ නියෝජිත කාර්යාලය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) මෙහෙයුම් පවත්වාගෙන යන කොමර්ෂල් බැංකුවේ ශ්‍රී ලංකාවේ මෙන් ම බංග්ලාදේශයේ සහ මාලදිවයිනේ ප්‍රධාන කොටස්කරුවන් ද ඇතුළත් ව, එම කලාපයේ වර්ධනය වෙමින් පවතින සේවාදායක පදනම සඳහා සම්බන්ධතා මධ්‍යස්ථානයක් ලෙස සේවය කරනු ඇත. බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ මාලදිවයිනේ අංග සම්පූර්ණ පළමු පෙළ බැංකුවක් ද ඇති කොමර්ෂල් බැංකුවට දැනටමත් ශ්‍රී ලාංකික බැංකු අතරින් පුළුල් ම ජාත්‍යන්තර පියසටහන සතු වෙයි.