
අසමසම ලීසිං ප්‍රතිලාභ සමඟින් NDB බැංකුව Auto Carnival අත්දැකීම මීගමුවට ගෙන එයි
ශ්‍රී ලංකාව පුරා විහිදී සිටින ජනතාවගේ වාහන හිමිකාරිත්වය පිළිබඳ සිහිනය යථාර්තයක් බවට පත්කිරීමේ අභිලාෂය අඛණ්ඩව පවත්වාගෙන යමින්, NDB ලීසිං මෙවර මීගමුවේදී “NDB ඔටෝ කානිවල්” අත්දැකීමේ තවත් ආකර්ෂණීය අදියරක් නිමාවට පත් කරන ලදී. මෙම අවස්ථාව පාරිභෝගිකයන්ට අසමසම පහසුව සහ මුල්‍ය නම්‍යශීලිතාවය සමඟින් තමන් සිහින දකින වාහනය හිමිකරගෙන එය රැගෙන යාම සඳහා අවස්ථාව උදාකර දෙනු ලැබීය.
යුනයිටඞ් මෝටර්ස්, ඩිමෝ, ලංකා අශෝක් ලේලන්ඞ්, යුනිමෝ ඇතුළු ප්‍රමුඛ පෙළේ වාහන අලෙවි නියෝජිතයන් රැසකගේ හවුල්කාරිත්වයෙන් පැවැත් වූ මීගමුව NDB ඔටෝ කානිවල් වැඩසටහන විවිධ මාදිලියේ වාණිජ හා පෞද්ගලික වාහන රැසක් එකම වහලක් යටට ගෙන එමින් වාහන මිලදී ගන්නා ගනුදෙනුකරුවන් සඳහා සියළුම වාහන එකම ස්ථානයකින් මිලදී ගැනීම සඳහා ස්ථානයක් නිර්මාණය කරන ලදී.
මෙම ලීසිං සැණකෙළිය සඳහා සහභාගී වූ ගනුදෙනුකරුවන්ට ඔවුන් වෙනුවෙන්ම නිර්මාණය වූ ආපසු ගෙවීමේ සැලසුම්, විශේෂ පොලී අනුපාත සහ ප්‍රතිමුල්‍යකරණ පහසුකම් සඳහා ප්‍රවේශය වැනි සුවිශේෂී ලීසිං වාසි රාශියක් ප්‍රතිලාභ වශයෙන් හිමිකර දෙන ලදී. මෙම ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රධාන ප්‍රතිලාභය බවට පත්වූ, ඇපකරුවන් නොමැති වීම සහ අවම මූලික ගෙවීමක් සහිතව NDB ලීසිං සිය ගනුදෙනුකරුවන්ට දැරිය හැකි මිල ගණන් යටතේ ලීසිං පහසුකම් ලබාදෙන ලදී. මෙම ක්‍රමවත් ක්‍රියාවලියට ස්තූතිවන්ත වෙමින් බොහෝ ගනුදෙනුකරුවන් NDB ලීසිං පහසුකම යටතේ ඔවුන් මිලදී ගත් නව වාහනය එදිනම රැගෙන යෑමට අවස්ථාව උදාකර ගන්නා ලදී. දීර්ඝ කාලයක් පුරා ඔවුන් සිහින දුටු නවතම වාහනය තමන් සතු කරගැනීමේ අවස්ථාව NDB ලීසිං විසින් සම්පූර්ණ කර දුනි.
මෙයට අමතරව තෝරාගත් වාහන මාදිලි සඳහා සුවිශේෂී දීමනා ලබා දීමට කටයුතු කරමින්, ගනුදෙනුකරුවන්ට NDB ලීසිං සමඟ තව තවත් ප්‍රතිලාභ ලබා දෙන ලදී. NDB බැංකුවේ ලීසිං සහ මුල්‍ය විශේෂඥයින් සමඟ සෘජුවම සම්බන්ධ වීමට අවස්ථාව මෙහිදී හිමිවූ අතර ගනුදෙනුකරුවන්ටම වෙන් වූ උපදේශන සේවා සැපයීම සහ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ සුවිශේෂී මුල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා හොඳම විසඳුම තෝරා ගැනීමට සහාය වීමද මෙම අවස්ථාවට සහභාගී වූ NDB බැංකු කණ්ඩායම කටයුතු කරන ලදී.
මීගමුව ආශ්‍රිතව පැවති වැඩසටහනේ සුවිශේෂී සාර්ථකත්වය මත NDB ලීසිං, දිවයින පුරා මෙම ‘ඔටෝ කානිවල්’ අත්දැකීම රැගෙන යාමට සූදානම් වන අතර, ඉදිරියේදී අනුරාධපුර, කටුගස්තොට, රත්නපුර, නිට්ටඹුව, මාලඹේ සහ තවත් ප්‍රධාන ස්ථාන කිහිපයක පැවැත්වීමට සැලසුම් කර ඇත.
‘ඕනෑම අංකයකට අංක එකේ ලීසිං විසඳුම’ ලෙස තම අනන්‍යතාවය තහවුරු කරමින්, වාහන මුල්‍ය ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක නාමයන්ගෙන් එකක් ලෙස NDB ලීසිං පවතී. සෑම ඔටෝ කානිවල් වැඩසටහනක් සමඟම, උසස් සේවාවක්, නව්‍ය දීමනා සහ NDB බැංකුවේ අසමසම ශක්තිය තුළින් මුල්‍ය සවිබල ගැන්වීම ලබා දීමේ සිය පොරොන්දුව බැංකුව තවදුරටත් තහවුරු කරයි.
NDB බැංකුව සිය පියසටහන් රට පුරා ව්‍යාප්ත කිරීම අඛණ්ඩව සිදු කරන බැවින්, ඔටෝ කානිවල් වැනි මුලපිරීම් මගින් ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ මුල්‍ය ගමනේ සෑම අදියරකදීම සහාය වීම සඳහා බැංකුවේ පුළුල් මෙහෙවර පෙන්නුම් කෙරේ.
NDB ලීසිං සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඔටෝ කානිවල් වැඩසටහන් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, ළඟම ඇති NDB බැංකු ශාඛාව වෙත පැමිණ හෝ https://www.ndbbank.com/leasing වෙත පිවිසීමෙන් ලබාගත හැක.