
HUTCH සහ Rainforest Protectors Sri Lanka වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ දෙවැනි අදියර සාර්ථක ලෙස නිමාව දකී
HUTCH Sri Lanka සමාගම Rainforest Protectors Sri Lanka සමග එක්ව ක්‍රියාවට නංවනු ලබන වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ දෙවැනි අදියර පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත් විය. මෙය පරිසරයේ යහපත හා තිරසාරත්වය උදෙසා HUTCH Sri Lanka සමාගම ඉටුකරමින් සිටින දීර්ඝකාලීන මෙහෙවරෙහි නවතම පියවරයි.
බලංගොඩ රජවක රක්ෂිත වනාන්තර භූමිය තුළ මෙම වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලැබේ. මෙවැනි වැඩසටහන් ඔස්සේ පරිසරය හා ජෛව විවිධත්වය සුරකින අතරම, පරිසරයේ ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම HUTCH Sri Lanka සමාගමේ අරමුණ වී ඇත.
ව්‍යාපෘතියේ දෙවැනි අදියර 2025 මැයි 16 වන දින ක්‍රියාවට නංවන ලද අතර, HUTCH Sri Lanka සමාගමේ සහ Rainforest Protectors Sri Lanka සංවිධානයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් ඊට සහභාගී වූහ. මෙහිදී පැළ සිටුවීම වැනි පියවර ඔස්සේ රජවක රක්ෂිත වනාන්තර භූමියේ හානියට පත් වී ඇති ස්ථානවල වන ආවරණය යථා තත්වයට පත්කිරීමට අවශ්‍ය මූලික පියවර ගන්නා ලදි.
Rainforest Protectors Sri Lanka සංවිධානය මෙන්ම HUTCH Sri Lanka සමාගමද පරිසරය සුරැකීමේ වැදගත්කම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමටත්, පරිසර සංරක්ෂණය උදෙසා ප්‍රජාවන් දායක කරගැනීමටත්, ඒ සම්බන්ධයෙන් ප්‍රයෝගික විසඳුම් ක්‍රියාවට නැංවීමටත් සෑම විටම උත්සාහ කරයි. රජවක රක්ෂිත වනාන්තර භූමිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන ක්‍රියාවට නංවන ලද්දේ මෙම පොදු දැක්ම මුල් කර ගනිමිනි.
“මෙය සාම්ප්‍රදායික ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහන් සීමාවෙන් ඔබ්බට ගිය මෙහෙවරක්. වගකීම්සහගත ව්‍යාපාරකරණයේදී පරිසර සංරක්ෂණය කෙරෙහි අනිවාර්යයෙන්ම අවධානය යොමු විය යුතු බව අප විශ්වාස කරනවා. Rainforest Protectors Sri Lanka සමග එක් වී මෙවැනි දීර්ඝකාලීන වැසි වනාන්තර සංරක්ෂණ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට හැකි වීම අපට මහත් සතුටක්. CK Hutchison Group හි කොටසක් වශයෙන් HUTCH සමාගම තම සමූහයේ ගෝලීය න්‍යාය පත්‍රයට අනුකූලව කටයුතු කිරීමට සෑම විටම පියවර ගන්නවා. 2030 වසර වන විට කාබන් විමෝචනය ශූන්‍ය කිරීම එහි ප්‍රධානතම ඉලක්කයක්. එමෙන්ම මෙම ව්‍යාපෘතිය, රජය විසින් කාබන් විමෝචනය සම්බන්ධයෙන් හඳුන්වා දී ඇති ජාතික ඉලක්ක ළඟා කරගනිමින් රටට වඩාත් තිරසාර අනාගතයක් උදාකර දීමට උපකාරී වන මෙහෙවරක් ලෙසත් හැඳින්විය හැකියි.” HUTCH Sri Lanka සමාගමේ සාමාන්‍යාධිකාරී (ආයතනික කටයුතු) මංගල බණ්ඩාර මහතා පැවසීය.
“HUTCH වැනි හවුල්කරුවන් සමග එක්ව කටයුතු කිරීම මගින් අපට අපගේ මෙහෙවර වඩාත් පුළුල් කිරීමට හැකියාව ලැබී තිබෙනවා. HUTCH වෙතින් මෙම ව්‍යාපෘතියට ලැබෙන සහයෝගය, පරිසර සංරක්ෂණ කටයුතු සඳහා ව්‍යාපාර ක්ෂේත්‍රයේ දායකත්වය ලැබීමේ වැදගත්කම පෙන්වා දෙන මනා උදාහරණයක්.” Rainforest Protectors Sri Lanka සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ මහතා පැවසීය.
අදියර කිහිපයක් යටතේ ක්‍රියාවට නැංවෙන මෙම වන සංරක්ෂණ ව්‍යාපෘතිය සඳහා ඉදිරියේදී තවත් පාර්ශ්වයන්ද දායක කරගැනීමට HUTCH සමාගම බලාපොරොත්තු වෙයි. මෙය පරිසරය සුරැකීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයන් මගින් ඉටුවන මෙහෙවරට මනා උදාහරණයක් ලෙසද හැඳින්විය හැකි වේ.