
මහනුවර සුවසෙවණ රෝහලේ නවතම Cardiothoracic Modular ශල්‍යාගාරය විවෘත කෙරේ
මධ්‍යම පළාතේ ජනතාවගේ නොසැලෙන විශ්වාසය දිනූ පෞද්ගලික රෝහලක් වන සුවසෙවණ රෝහල අතිනවීන පහසුකම් සහිත Cardiothoracic Modular ශල්‍යාගාරයක් විවෘත කිරීමට පසුගියදා පියවර ගත්තේය. රෝගීන්ට ඉහළම තලයේ සෞඛ්‍ය සේවාවක් පිරිනැමීම සඳහා සුවසෙවණ රෝහල දරන නිරන්තර උත්සාහයේ තවත් අදියරක් වන මෙම ශල්‍යාගාරය තුළ සංකීර්ණ හෘද සැත්කම් සිදු කළ හැකි වේ.
ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් මහතා විසින් ශල්‍යාගාරය විවෘත කරන ලදි. එය විවෘත කිරීමේ උත්සවයට සම්භාව්‍ය ආරාධිතයන් සහ රෝහලේ ඉහළ කළමනාකාරීත්වය ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
මෙම ශල්‍යාගාරය Laminar airflow, HEPA filtration සහ ක්ෂුද්‍රජීවීන් විනාශ කරන බිත්ති ආලේපන ඇතුළු ඉහළම තලයේ පහසුකම්වලින් සමන්විත වේ. මෙම පහසුකම් මෙන්ම උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය නිවැරදිව පාලනය කිරීම නිසා විශේෂයෙන් කිරීටක ධමනි බයිපාස් සැත්කම් [Coronary Artery Bypass Grafting (CABG)], කපාට අලුත්වැඩියාවන් සහ සංජානනීය හෘද රෝග සඳහා සිදු කරන සැත්කම් වැනි ඉහළ අවදානම් සහිත සැත්කම්වලදී ආසාදන ඇති වීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩු වී ශල්‍යකර්ම මගින් සාර්ථක ප්‍රතිඵල ලැබීමේ සම්භාවිතාව ඉහළ යයි.
“අපගේ රෝගීන්ට වඩාත් සාර්ථක හා සුරක්ෂිත සෞඛ්‍ය සේවාවන් ලබාදීම සඳහා අවශ්‍ය පහසුකම් ස්ථාපිත කිරීමට අප සෑම විටම කටයුතු කරනවා. Cardiothoracic Modular ශල්‍යාගාරයක් ස්ථාපිත කිරීම එම උත්සාහයේ තවත් වැදගත් සන්ධිස්ථානයක්. එමගින් මධ්‍යම පළාත තුළ හෘද සැත්කම් සඳහා විශ්වාසය දිනූ රෝහලක් ලෙස අප සතු කීර්තිනාමය තවදුරටත් තහවුරු වේවි.” සුවසෙවණ රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී නලින් පැස්කුවල් මහතා පැවසීය.
මෙම ශල්‍යාගාරයට අමතරව Ventilator යන්ත්‍ර, Intra-Aortic Balloon Pumps (IABP) සහ Continuous Telemetry ඇතුළු පහසුකම්වලින් සමන්විත, පැය 24 පුරා ක්‍රියාත්මක හෘද රෝග දැඩි සත්කාර ඒකකයක්ද සුවසෙවණ රෝහල සතුය. එමෙන්ම හෘද රෝග සම්බන්ධයෙන් විශේෂඥ පුහුණුව ලැබූ වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයක්ද සුවසෙවණ රෝහලේ සේවයේ යෙදී සිටිති. මේ නිසා රෝගීන්ට රෝහලට ඇතුළත් වන අවස්ථාවේ සිට රෝහලෙන් පිටව යන අවස්ථාව දක්වාම ඉහළම සත්කාරයක් හිමි වේ.
එමෙන්ම සැත්කම් අතරතුර මතු වන හදිසි අවශ්‍යතා සඳහා වෙනම රුධිර බැංකුවක්ද සුවසෙවණ රෝහල සතුය. මේ නිසා සැත්කම්වල කාර්යක්ෂමතාව සහ රෝගීන්ගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු වේ.
“සුරක්ෂිත සැත්කම් සිදු කිරීම සඳහා අපට හැකියාව ලැබී ඇත්තේ අප සතු පළපුරුදු කාර්ය මණ්ඩලය සහ ප්‍රවීණ ශල්‍ය වෛද්‍ය කණ්ඩායම නිසයි.” සුවසෙවණ රෝහලේ සන්නාමකරණ ප්‍රධානී ශ්‍රීමත් බණ්ඩාර වැලිවිට මහතා පැවසීය.
ආසාදන පාලනය දැඩි ලෙස සිදු කිරීම සඳහා සුවසෙවණ රෝහල ඔටෝක්ලේව් යන්ත්‍ර භාවිතය, එතිලීන් ඔක්සයිඩ් වායු විෂබීජහරණය සහ විෂබීජහරණය කළ කලාප පවත්වා ගැනීම ඇතුළු ජාත්‍යන්තර විෂබීජහරණ විධිවිධානවලට අනුකූලව කටයුතු කරන අතර, ඒවා සම්බන්ධයෙන් නිතිපතා තත්ත්ව පරීක්ෂාවන්ද සිදුකරනු ලැබේ.
අග්‍රහාර වෛද්‍ය රක්ෂණ ක්‍රමය යටතේ ක්‍රියාත්මක වන ජාතික රක්ෂණ භාර අරමුදල සමග අත්වැල් බැඳගැනීමටද සුවසෙවණ රෝහල මෑතකදී කටයුතු කළේය. මෙමගින් රෝජයේ සේවකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට නොමිලේ රෝහල්ගත වීමේ හැකියාව, රෝග විනිශ්චය සේවාවන් හා කාමර ගාස්තු සඳහා විශේෂ වට්ටම් සහ හෘද බයිපාස් සැත්කම් සඳහා රු. 50,000/- ක වට්ටමක් ඇතුළු වට්ටම් හා දීමනා රැසක් හිමි වේ.