June 21, 2025
මියන්මාර ආපදා සහන කටයුතු සඳහා NDB බැංකුව අත්වැල් බැඳගනී
පුවත්

මියන්මාර ආපදා සහන කටයුතු සඳහා NDB බැංකුව අත්වැල් බැඳගනී

Jun 15, 2025

මියන්මාර රාජ්‍යයේ සහ තායිලන්තයේ ඇතැම් ප‍්‍රදේශවල මෑතකදී ඇති වූ විනාශකාරී භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට උපකාර කිරීම සඳහා ශ‍්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ සමගි සංගමය විසින් මෙහෙයවනු ලබන මානුෂීය සහන වැඩසටහන සඳහා සහයෝගය දැක්වීමට ලැබීම පිළිබඳව NDB බැංකුව ඉතා ගෞරවයෙන් යුතුව නිවේදනය කර සිටියි. මෙම ස්වාභාවික ව්‍යවසනය හේතුවෙන් බොහෝ ජීවිත අහිමි වී ඇති අතර, භික්ෂූන් වහන්සේලා සහ සාමාන්‍ය ජනතාව ඇතුළු දහස් ගණනක් අවතැන් වී නිවාස, පන්සල් සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් දැඩි ලෙස හානියට පත්වී ඇත.

මෙවැනි අර්බුදකාරී අවස්ථාවන් වලදී සිය සමාජ වගකීම ඉටු කිරීම සඳහා බැංකුවේ ඇති කැපවීම විදහා පාමින් මෙම අවස්ථාවේ හදිසි ආධාර අවශ්‍යතාවය හඳුනා ගනිමින්, NDB බැංකුව මෙම සහන මෙහෙයුමට සහාය විය. අතිපූජ්‍ය මහානායක හිමිවරුන්ගේ මඟ පෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම මුලපිරීම, අත්‍යවශ්‍ය සැපයුම් බෙදා හැරීම තුළින් මියන්මාරයේ ප‍්‍රජාවන්ට අත්‍යවශ්‍ය සහයෝගය ලබා දීම අරමුණු කරයි.

මෙම ආධාර වැඩසටහන වෙනුවෙන් බැංකුවේ මැදිහත්වීම පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී කැලූම් එදිරිසිංහ මහතා මෙසේ පැවසීය. ‘‘වගකිවයුතු ආයතනික පුරවැසියෙකු ලෙස, දැඩි අවශ්‍යතා ඇති අවස්ථාවන්හිදී ප‍්‍රජාවන් සමඟ එකව සිටගත යුතු බව අපගේ විශ්වාසයයි. මියන්මාර ආපදා සහන කටයුතු සඳහා අපගේ සහයෝගය දේශසීමා ඉක්මවා යන මානුෂීය හේතූන් සඳහා අපගේ නොසැලෙන කැපවීම පිළිබිඹු කරයි. ශ‍්‍රී ලංකා අමරපුර සහ රාමඤ සමඟි සංගමය සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි කෘතඥ වන අතර මෙම උතුම් මුලපිරීමට නායකත්වය දීමේදී ඔවුන්ගේ මානුශීයත්වය සහ කඩිසරකම අපි ඉතා අගය කරමු.’’

සහන වැඩසටහන සඳහා ප‍්‍රථමාධාර කට්ටල, කිරිපිටි, ටින් කළ ආහාර, සූර්ය පැනල ආලෝකකරණ කට්ටල, විදුලි ජනන යන්ත‍්‍ර සහ තාවකාලික කූඩාරම් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මෙන්ම දෛනික ජීවිතය නැවත ගොඩනැගීම සඳහා අවශ්‍ය අනෙකුත් සම්පත් සැපයීම මේ සඳහා ඇතුළත් වේ. මෙම දායකත්වයන් මඟින් බලපෑමට ලක් වූ ප‍්‍රජාවන් මුහුණ දෙන දුෂ්කරතා සමනය කිරීම සහ ඔවුන්ට ගෞරවාන්විතව සහ ශක්තිමත්ව නැවත යථා තත්වයට පත්වීමට උපකාර කිරීම මූලික අරමුණ වේ.

මූල්‍ය සේවා සැපයීමෙන් පමණක් නොව, කරුණාව දයාව දැක්වීම සහ සහයෝගී ප‍්‍රයත්නයන් හරහා ජීවිත සවිබල ගැන්වීමේ මෙහෙවරෙහි NDB බැංකුව නිබඳවම කැපවී සිටියි. කලාපය පුරා ප‍්‍රජාව වෙත සහාය දක්වන මුලපිරීම් සඳහා බැංකුව අඛණ්ඩව දායකවන බැවින්, අවශ්‍යතා ඇති ප‍්‍රජාවන් සඳහා කල්පවත්නා, ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා වන සිය කැපවීම නැවත තහවුරු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close