August 16, 2025
කොමර්ෂල් බැංකු ප්‍රධාන කාර්යාලයේ නව ආයතනික ශාඛාවක් විවෘත කරයි
පුවත්

කොමර්ෂල් බැංකු ප්‍රධාන කාර්යාලයේ නව ආයතනික ශාඛාවක් විවෘත කරයි

May 2, 2025

ආයතනික සහ වෙළඳ ගනුදෙනුකරුවන්ට පුළුල් මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා තම කැපවීම නැවතත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව සිය ‘විදේශ ශාඛාව’ ‘ආයතනික ශාඛාව’ බවට පරිවර්තනය කර ඇත.

මෙම පරිවර්තනය බැංකුවේ කීර්තිමත් ගමනේ නව සන්ධිස්ථානයක් නියෝජනය කරන අතර එය ආසියානු කලාපයේ ජනප්‍රිය වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස දිගු කලක් පැවතුන කොළඹ නගරයේ පොහොසත් වාණිජ උරුමය සමඟ අනුනාද වන බව බැංකුව ප්‍රකාශ කරයි.

කොළඹ 1, ශ්‍රීමත් රසීක් ෆරීඩ් මාවතේ (බි්‍රස්ටල් වීදිය) අංක 21 දරණ ස්ථානයේ කොමර්ෂල් හවුස් හි බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ පිහිටි නැවත නම් කරන ලද ආයතනික ශාඛාව ආයතනික ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සඳහා පමණක් සකස් කරන ලද ප්‍රමුඛතම මූල්‍ය මධ්‍යස්ථානයක් වන බවත් මෙය ශ්‍රී ලංකාවේ මෙවැනි ආකාරයේ සේවාවක් සපයන පළමුවැන්න ලෙස සැලකෙන බවත් බැංකුව පැවසුවේය. මෙම පරිවර්තනය අසමසම සේවා විශිෂ්ටත්වය, අභිරුචිකරණය කරන ලද මූල්‍ය විසඳුම් සහ දිගුකාලීන ව්‍යාපාරික හවුල්කාරිත්වයන් පෝෂණය කිරීමෙහිලා බැංකුවේ දැක්ම සමඟ සමපාත වේ.

“අපගේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රය තුල පිහිටා ඇති ඩෙල්ෆ් ගේට්ටුව ඓතිහාසික ලන්දේසි කොටුවට මාර්ගය විවෘත කල ආකාරයට අපගේ අභිලාෂය වන්නේ නව ආයතනික ශාඛාව ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් ඔබ්බට විහිදෙන සමෘද්ධිමත් ව්‍යාපාරික සහයෝගීතාවයේ නව යුගයක් නිර්මාණය කරනු ඇති බවයි,” මෙම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා අදහස් දැක්වීය.

බාධාවකින් තොර බැංකුකරණ අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් නිර්මාණය වූ ආයතනික ශාඛාව මඟින්, සබඳතා පදනම් කරගත් බැංකුකරණය කෙරෙහි නව අවධානයක් යොමු කරමින්, පුළුල් මූල්‍ය විසඳුම්, පුළුල් වෙළඳ මූල්‍ය, භාණ්ඩාගාර සේවා, අක්වෙරළ බැංකුකරණය, අනෙකුත් අභිරුචි මූල්‍යකරණ විකල්ප සහ විශේෂඥ උපදේශන සහාය සපයයි.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

1 Comment

  • Hey, I think your site might be having browser compatibility issues. When I look at your blog site in Opera, it looks fine but when opening in Internet Explorer, it has some overlapping. I just wanted to give you a quick heads up! Other then that, amazing blog!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close