June 17, 2025
ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය සහ විදේශ ආයෝජන සඳහා නව යුගයක් සනිටුහන් කරමින් www.srilankainvestment.com නිල වශයෙන් එලිදැක්වයි
පුවත්

ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය සහ විදේශ ආයෝජන සඳහා නව යුගයක් සනිටුහන් කරමින් www.srilankainvestment.com නිල වශයෙන් එලිදැක්වයි

Apr 12, 2025

ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය සහ විදේශ ආයෝජන සඳහා නව යුගයක් සනිටුහන් කරමින් www.srilankainvestment.com නිල වශයෙන් එලිදැක්වීම 2025 අප්‍රේල් 8 වනදා කොළඹදී සිදුවිය.

වසර 25 කට වැඩි කාලයක් රටවල් 35 ක සේවාදායකයින්ට සේවය කරන සුප්‍රසිද්ධ DPR සමූහයේ DPR ඉන්වෙස්මන්ට් විසිනි මෙය සංවිධානය කල අතර ශ්‍රී ලංකාවේ දේශීය ව්‍යවසායකයින් සහ ජාත්‍යන්තර ආයෝජකයින් අතර පවතින සබදතාවය වැඩිදියුණු කීරිම තුලින් තිරසාර ව්‍යාපාර සඳහා සහාය වන පහසුකම් සැලසීම, නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීම සහ නැගී එන අංශවල ආයෝජන දිරිමත් කිරීම මෙමගින් අරමුණ වනවා.

එමෙන්ම දේශීය ව්‍යාපාර මුහුණ දෙන තීරණාත්මක අභියෝගවලට මුහුණදීම, මෙහෙයුම් පුළුල් කිරීම, ප්‍රාග්ධනය ආකර්ෂණය කරගැනීම සහ වෙළඳපල අවස්ථා භාවිතා කිරීම. මෙහිදී කැපී පෙනෙන අතරම ඌන සංවර්ධිත ව්‍යවසායක භූ දර්ශනයක් පෙන්වනු ලබන ශ්‍රී ලංකාවේ 3% ක් පමණක් වන ව්‍යවසායකයින් 10% ක් දක්වා වර්ධනය කිරීම රජයේ අපේක්ෂාව වන අතර එකී අපේක්ෂා සාක්ෂාත් කිරීම උදෙසා පවතින 7% ක ව්‍යවසායක ඌනතාවය. ඌනපූර්ණ කිරීම වෙනුවෙන් නිර්මාණශීලී සහ තිරසාර ව්‍යාපාර සඳහා ශක්තිමත් පදනමක් නිර්මාණය කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇතී.

මෙම වෙබ් අඩවිය ජාත්‍යන්තර ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ අවස්ථා ගවේෂණය කිරීම සඳහා පුළුල් අවස්ථාවන් සපයන අතර උපායමාර්ගික අංශ පිළිබඳ අවබෝධයක් ලබාදේ.

DPR ඉන්වෙස්මන්ට් හී අද්විතීය සේවා

  1. ව්‍යවසායකයින්ට සහාය වීම: ව්‍යාපාර වර්ධනයට පුළුල් උපදේශන සහ මග පෙන්වීම ලබා දීම.
  2. විදේශ ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම.
  3. දක්ෂ වෘත්තිකයන් ගොඩනැගීම: පුහුණුව සහ උපදේශන වැඩසටහන් තුලින් දිරිමත් කිරීම.
  4. රැකියා නිර්මාපකයින් ලෙස සිසුන් බලගැන්වීම සඳහා විශ්ව විද්‍යාල සමඟ කටයුතු කිරීම.

මේ සමඟින්, ශ්‍රී ලංකාව ව්‍යවසායකත්වය, ආයෝජනය සහ ආර්ථික සංවර්ධනයේ නව යුගයකට ගෙන යාමට DPR සූදානම්. වැඩි විස්තර සඳහා, www.srilankainvestment.com වෙත පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close