June 20, 2025
චින්තා විජේසූරිය දෙමළ භාෂා ඇකඩමිය ප්‍රධාන සම්මාන රැසකින් පිදුම් ලබයි
පුවත්

චින්තා විජේසූරිය දෙමළ භාෂා ඇකඩමිය ප්‍රධාන සම්මාන රැසකින් පිදුම් ලබයි

Apr 10, 2025

මෙරට දෙමළ භාෂා අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛයෙකු වන චින්තා විජේසූරිය දෙමළ භාෂා ඇකඩමිය Pinnacle සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම දෙමළ භාෂා ඇකඩමිය ලෙසත්, Asia Business සම්මාන උළෙලේදී මෙරට වඩාත් විශ්වාසනීය දෙමළ භාෂා උපකාරක පන්තිය ලෙසත් සම්මාන දිනූ අතර එහි නිර්මාතෘ චින්තා විජේසූරිය මහත්මිය Women Legend සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම දෙමළ භාෂා ගුරුවරිය ලෙස සම්මානය දිනා ගත්තාය. ශිෂ්‍ය කේන්ද්‍රීය ක්‍රමවේදයක් යටතේ ඉගැන්වීම් සිදු කරන චින්තා විජේසූරිය දෙමළ භාෂා ඇකඩමිය ජනප්‍රිය උපකාරක පන්තියක් ලෙස නමක් දිනා ඇත. තවත් එක් උපකාරක පන්තියක් වීම වෙනුවට බහු භාෂා දැනුම තුළින් සමාජය බල ගැන්වීම එම ආයතනයේ දැක්ම වේ.

කැලණිය විශ්ව විද්‍යාලයෙන් කලා උපාධිය හා දෙමළ භාෂාව පිළිබඳ ඩිප්ලෝමාවත්, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් දෙමළ භාෂාව පිළිබඳ උසස් ඩිප්ලෝමාවත් ලබා ඇති චින්තා විජේසූරිය මහත්මිය වසර ගණනාවක අත්දැකීම් සහිත අධ්‍යාපනවේදිනියකි. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව පිරිනමන දෙමළ භාෂාව පිළිබඳ විශේෂ කතා කිරීමේ පුහුණුවක් සම්පූර්ණ කර ඇති ඇය කොළඹ විශ්ව විද්‍යාලයෙන් දෙමළ භාෂාව කතා කිරීම පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවක්ද හදාරා තිබේ. ඇය උතුරු ඉන්දියානු හින්දි භාෂා ඩිප්ලෝමාවද, දකුණු ඉන්දියානු හින්දි භාෂා ඩිප්ලෝමාවද හදාරා ඇති අතර කැලණිය විශ්ව විද්‍යාලයෙන් මනෝ විද්‍යා උපදේශන ඩිප්ලෝමාවද හදාරා ඇත. චින්තා විජේසූරිය දෙමළ භාෂා ඇකඩමිය දෙක ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා සිසුන්ට සාධාරණ මිල ගණන් යටතේ මාර්ගගත ක්‍රමයට දෙමළ භාෂා පන්ති පවත්වයි. නවීන පහසුකම්වලින් සමන්විත ස්ටුඩියෝවක සූම් තාක්ෂණයෙන් පන්ති පැවැත්වෙන අතර සිසුන්ට ලැබෙන වාසි අතර සජීවී පන්ති, ව්‍යුහාත්මක විෂය නිර්දේශ ආවරණය, නියමිත වේලාවක් තුළ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීම, මඟ හැරුණු පාඩම් නැවත ඉගෙනීමට අවස්ථාව ලැබීම ප්‍රධාන වේ. සියලු අංශ ආවරණය වන ලෙස සැකැසූ පාඩම් කට්ටල, ව්‍යුහාත්මක ප්‍රශ්න පත්‍ර, උසස් තත්ත්වයේ ඉගැනුම් පහසුකම් සමඟ දෙමළ භාෂාව පිළිබඳ පුළුල් දැනුමක් ලැබීමට සිසුන්ට අවස්ථාව ලැබේ. 0777174571 අංකයෙන් වැඩි තොරතුරු දැන ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close