August 17, 2025
කොමර්ෂල් බැංකු කාඩ්පත් හිමියන්ට අලුත් අවුරුද්දේ 60%ක් දක්වා වට්ටම්
පුවත්

කොමර්ෂල් බැංකු කාඩ්පත් හිමියන්ට අලුත් අවුරුද්දේ 60%ක් දක්වා වට්ටම්

Apr 3, 2025

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට අවුරුදු සමයේ මෙතෙක් හිමි වූ විශාලතම දීමනාව සමඟින් මෙවර අලුත් අවුරුද්දට පිය නැඟීමට අවස්ථාව ලබාදී තිබේ.

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් හිමියන් සඳහා පමණක් අප්‍රේල් 30 වනදා දක්වා තෝරාගත් දිනයන්හී දී දිවයින පුරා පිහිටි වෙළඳසැල් 4,000 කදී 60%ක් දක්වා වට්ටම් පිරිනමන බව බැංකුව නිවේදනය කර ඇත.

මෙම වට්ටම් සඳහා ඇඳුම් පැළඳුම් හා විලාසිතා උපාංග වෙළඳ හවුල්කරුවන් 183 දෙනෙකු, ජීවන රටාවන් ආශ්‍රිත නිෂ්පාදන හවුල්කරුවන් 60 දෙනෙකු, සපත්තු සහ සම්භාණ්ඩ හවුල්කරුවන් 27 දෙනෙකු, හෝටල් හවුල්කරුවන් 59 දෙනෙකු, ස්වර්ණාභරණ හවුල්කරුවන් 13 දෙනෙකු, සෞඛ්‍ය සේවා හවුල්කරුවන් 12 දෙනෙකු, රූපලාවන්‍යාගාර, ස්පා සහ රූපලාවන්‍ය හවුල්කරුවන් 12 දෙනෙකු, සුපිරි වෙළඳසැල් හවුල්කරුවන් පස් දෙනෙකු, මෝටර් රථ හවුල්කරුවන් පස් දෙනෙකු, ඔරලෝසු හා උපාංග හවුල්කරුවන් හතර දෙනෙකු, සංචාරක සේවා හවුල්කරුවන් හතර දෙනෙකු සහ භෝජන හවුල්කරුවන් 12 දෙනෙකු දායක වන බව බැංකුව පවසයි.

මීට අමතරව, මෙම ප්‍රවර්ධන කාලය අතරතුර කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන්හට අන්තර්ජාල හවුල්කරුවන් 73 දෙනෙකු වෙතින් ද වට්ටම් පිරිනමනු ඇත.

ප්‍රවර්ධන කාලය අතරතුර දී මිලදී ගන්නා ගෘහ විදුලි උපකරණ සඳහා මාස 60ක් දක්වා පහසු ගෙවීමේ සැලසුම් ද බැංකුව විසින් පිරිනමන බව ද බැංකුව තවදුරටත් පැවසූවේය.

“සෑම උත්සව සමයකදීම, සෑම පාරිභෝගික අංශයක් සඳහා ම දීමනාවක් ලබා දීමටත්, මෙසේ ලබාදෙන වට්ටම් සැබෑවටම ආකර්ෂණීය ඒවා බවට පත් කිරීමටත් අපි උපරිම උත්සාහයක් දරනවා,” යනුවෙන් කොමර්ෂල් බැංකු කාඩ්පත් මධ්‍යස්ථානයේ ප්‍රධානී නිශාන්ත ද සිල්වා මහතා අදහස් දැක්වීය. “කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් හිමියන්හට වටිනා ඉතුරුම් භුක්ති විඳීමට හැකි වන පරිදි අපගේ ඉහළ යන වන කාඩ්පත් හිමියන් පිරිසට ගැලපෙන පරිදි අපි තව තවත් වෙළඳ හවුල්කරුවන් සම්බන්ධ කර ගන්නා අතර පිරිනමන නිෂ්පාදන සහ සේවා පරාසය ද තවත් පුළුල් කරන්නෙමු.”

මෙම අවුරුදු සමයේ විශාලතම දීමනා එකතුව නියෝජනය කරන්නේ මෙහිදී සහභාගී වී ඇති වෙළඳ හවුල්කරුවන් වන අතර ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති පුළුල් වූ අලෙවිසැල් ජාලය හරහා වට්ටම් ලබාගත හැකි බව ද ඔහු පැවසීය.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

1 Comment

  • Hello Neat post Theres an issue together with your site in internet explorer would check this IE still is the marketplace chief and a large element of other folks will leave out your magnificent writing due to this problem

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close