August 17, 2025
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් Star Awards සම්මාන උළෙලේදී  තම අලෙවි වෘත්තිකයින්ගේ ඉහළම කාර්ය සාධනය වෙනුවෙන් ගෞරව සම්මාන පිරිනමයි
පුවත්

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් Star Awards සම්මාන උළෙලේදී  තම අලෙවි වෘත්තිකයින්ගේ ඉහළම කාර්ය සාධනය වෙනුවෙන් ගෞරව සම්මාන පිරිනමයි

Feb 27, 2025

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) විසින් අභිමානවත් අයුරින් පවත්වනු ලැබූ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් Star Awards සම්මාන උළෙල, කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පසුගියදා උත්සවාකාරයෙන් පැවැත්විය. එම සම්මාන උළෙලේදී ඉහළ මට්ටමේ විශිෂ්ට සේවාවක් ලබා දුන් ක්‍රියාකාරී අලෙවි වෘත්තිකයන්ගේ සුවිශේෂී දක්ෂතා සමාගම විසින් ඇගයීමට ලක් කරනු ලැබීය. Star Awards සම්මාන උළෙල, සමාගමේ විශිෂ්ට කාර්ය සාධනයක් ප්‍රදර්ශනය කරමින්, අලෙවි ප්‍රධාන කාර්ය සාධන දර්ශකය ඉක්මවා ගිය සහ ක්ෂේත්‍රය තුළ ඉහළ දක්ෂතා දැක්වූ ජයග්‍රහකයින් හට ඇගයුම් උපහාර පිරිනැමීම සඳහා නිර්මාණය කෙරෙන දැවැන්ත වේදිකාවකි. ජයග්‍රාහකයින්, සිය අධිෂ්ඨානය, කැපවීම සහ උනන්දුව තුළින්, ශ්‍රී ලංකාවේ විශ්වසනීයතම රක්‍ෂණ සමාගම ලෙස SLICGL සතු උරුමය මෙම සම්මාන උළෙල හරහා තවදුරටත් තහවුරු කර තිබේ. ඔවුන්ගේ උත්සාහයන් සමාගම වෙළඳපොළ තුළ සිටින ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට පමණක් නොව, සමාගම සතු විශිෂ්ට වූ සේවාව සඳහා එහි පිළිගැනීම ශක්තිමත් කිරීමට ද හේතු වී ඇත.

මෙම සම්මාන උළෙල සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් හි සභාපති නුසිත් කුමාරතුංග මහතා ප්‍රමුඛව එහි සමූහ ප්‍රධාන විධායක නිලධාරීතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ අනෙකුත් සේවකයින් ද සහභාගී විය. මෙම සම්මාන උළෙල විශිෂ්ටත්වයෙන් පිරි උත්කර්ෂවත් සැමරුමක් වූ අතර, සමාගමේ වර්ධනයට සහ සාර්ථකත්වය සඳහා ඇති කැපවීම විදහා දැක්වෙන ඉදිරිපත්කිරීම් ඇතුළු විශේෂ අවස්ථා රැසකින් එය සමන්විත විය. වෘත්තීය අවකාශය තුළ සුවිශේෂී දක්ෂතා දක්වමින් අඛණ්ඩව ඉහළ මට්ටමට ලඟා වූ සහ ඉන් ඔබ්බට තම හැකියාවන් ප්‍රදර්ශනය කළ පුද්ගලයින් හා කණ්ඩායම් අගයමින් විවිධ කාණ්ඩ යටතේ ඔවුන් වෙත ගෞරව සම්මාන ප්‍රධානය කිරීම සම්මාන උළෙලේ විශේෂ අවස්ථාවක් ගෙන තිබුණි.

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම රාජ්‍ය රක්‍ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් සමාගම, රක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සඳහා සිය ගුණාත්මකභාවය අඛණ්ඩව පවත්වාගෙන යනු ලබයි. සමාගම ඉහළම දක්ෂතාවන් දක්වන පිරිස් හඳුනාගනිමින්, ඔවුන්ට ත්‍යාග පිරිනැමීම හරහා අලෙවි කණ්ඩායම් දිරිගැන්වීමට කටයුතු කරයි. ඒ තුළින් තම වටිනා පාරිභෝගිකභවතුන් සඳහා උසස් මට්ටමේ සේවාවක් ලබා දීම වෙනුවෙන් සමාගම විසින් දක්වන අඛන්ඩ කැපවීම මෙම සම්මාන උළෙල හරහා මනාව විදහා දැක්වේ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් සිය ජයග්‍රාහී ගමන් මග අඛන්ඩව පවත්වාගෙන යන අතරම සිය විශිෂ්ටත්වය හා නවෝත්පාදන හැකියාව තුළින් පාරිභෝගිකභවතුන් කේන්ද්‍රකරගත් සංස්කෘතියක් වර්ධනය කිරීමට කැපවී කටයුතු කරයි. සමාගම, නොනැවතී ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ වර්ධනයට සහ ඊට නායකත්වය ලබා දෙමින්, Star Awards සම්මාන උළෙල හරහා තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්ව ඇත. 

2 Comments

  • Magnificent beat ! I would like to apprentice while you amend your website, how can i subscribe for a blog website? The account helped me a acceptable deal. I had been tiny bit acquainted of this your broadcast provided bright clear concept

  • Hi, Neat post. There’s an issue with your site in web explorer, would test thisK IE still is the market leader and a big section of other people will leave out your wonderful writing because of this problem.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close