December 24, 2024
කේප් වැලිගම යළි විවෘත වේ: ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ කිරුළ නැවතත් අත්කර ගනී
පුවත්

කේප් වැලිගම යළි විවෘත වේ: ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ කිරුළ නැවතත් අත්කර ගනී

Dec 10, 2024

කේප් වැලිගම, අංශක 270 ක් පුරාවට දැවැන්ත ඉන්දියන් සාගරය නෙත ගැටන, අක්කර 12 ක් පුරා විහිදෙන මනරම් කඳු මුදුනක පිහිටි සංචාරක නිකේතනය නැවුම් අත්දැකීම් සමුදායක් සමඟ දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් නැවත විවෘත කර ඇත.

”දකුණු වෙරළ තීරයේ කිරුළ” ලෙස හඳුන්වන කේප් වැලිගම මනරම් සංචාරක නිකේතනය සමුද්‍ර චාරිකා, සූපශාස්ත්‍ර අත්දැකීම් සහ අලුතින්ම විවෘත කළ සුන්දර වෙරළ තීරය ඇතුළු පුළුල් ආගන්තුක සත්කාරයන් අත්විඳීමේ අවස්ථාව උදාකර දෙයි. ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ විචිත්‍රවත් සංස්කෘතිය, ස්වභාව සෞන්දර්යය සහ ආගන්තුකයන් අතර ගැඹුරු සබඳතාවයක් ගොඩනැගීම මෙම වැඩිදියුණු කිරීම් මඟින් අරමුණු කරයි.

ශ්‍රී ලංකාවේ සංචාරක ආර්ථිකයේ ශක්තිමත් කුළුණක්

දකුණු වෙරළ තීරය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ මූල්ගලක් ලෙස සැලකෙන අතර එය ඉහළම සංචාරක නිකේතනවල සත්කාරකත්වයත් සමඟ ලොව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් ස්ථානගත කිරීමේදී ප්‍රධාන භූමිකාවක් ඉටුකරයි. එමෙන්ම කේප් වැලිගම සංචාරක නිකේතනයේ මෙම පුනර්ජීවනය ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීම සඳහා මෙන්ම සුඛෝපභෝගී සංචාර වෙනුවෙන් සංචාරකයන් දිරිමත් කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරයි.

ඍැිචකැබාැබඑ ක්‍ැහකදබ හි සභාපති, මලික් ජේ ප්‍රනාන්දු මහතා මෙහි පුළුල් ආර්ථික බලපෑම පිළිබඳව අවධාරණය කරමින් “සංචාරකයින්ගේ සිහින නවාතැනක් වූ කේප් වැලිගම වැනි සංචාරක නිකේතන සිය ආගන්තුක සත්කාරය සමඟ සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවට ඇති ඉල්ලුම ඉහළ නංවමින් තරු පහේ හෝටල්වල සිට කුඩා නවාතැන් දක්වා සියල්ලන්ටම ප්‍රතිලාභ හිමිකරදෙයි. එය සංචාරක ව්‍යාපාරය පමණක් නොව වෙළෙඳාම, ආයෝජනය සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නංවමින් ඉහළ ආර්ථික හැකියාවක් ඇති ලොව ධනවත් සංචාරකයින් ද ආකර්ෂණය කරගැනීමට සමත්ව සිටී.” යනුවෙන් සඳහන් කළේය.

දීප්තිමත් අනාගතයක් සැලසුම් කිරීම

කේප් වැලිගම සංචාරක නිකේතනයේ මෙම නැවත විවෘත කිරීම, කෙසේ හෝ පවත්වාගෙන යාමේ අවධියේ සිට අඛණ්ඩව වර්ධනය වන සහ නව අවස්ථාවන් උදාවන කාල පරිච්ඡේදයක් දක්වා ගමන් කරන මෙරට සංචාරක කර්මාන්තයේ හැරවුම් ලක්ෂ්‍යයක් සංකේතවත් කරයි. එමෙන්ම මෙම වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ප්‍රනාන්දු මහතා රජයෙන් ඉල්ලා සිටී.

“ශ්‍රී ලංකාව ගෝලීයව නිවැරදි හා ආකර්ෂණීය ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කළ යුතුවන අතර ඵලදායී සම්බන්ධීකරණ ක්‍රියාවලියක් තුළින් සංස්කෘතික හා වනජීවී ආකර්ෂණ ස්ථානවල සංචාරකයින් කළමනාකරණය කිරීම වැනි සංචාරකයින් මුහුන දෙන ප්‍රධාන ගැටලු විසඳිය යුතුය.”

සුඛෝපභෝගීත්වයේ සහ තිරසාරත්වයේ විශිෂ්ටත්වය සඳහා කේප් වැලිගම සංචාරක නිකේතනය විසින් කරනු ලබන කැපවීම ශ්‍රී ලාංකේය සංචාරක ව්‍යාපාරයේ අනාගතය සඳහා මිණුම් ලකුණක් තබමින්, ලොව පුරා සිටින සංචාරකයින් අතර සංචාරය කළ යුතුම ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීමට උපකාරී වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *