September 8, 2024
ASPIRE ඔබේ ජීවිතයේ සාර්ථකත්වයයි
ජීවිතය අලූත් යමක්

ASPIRE ඔබේ ජීවිතයේ සාර්ථකත්වයයි

Jun 15, 2024

ඔබට යම් කැමැත්තක්, ආශාවක් ඇත්නම් එය ඉටු කර ගැනීම සඳහා මාර්ගයක්ද ඇති බව හඳුනා ගැනීම බොහෝ දෙනාගේ ගමනට ඉමහත් ආශිර්වාදයක් එක් කරන්නකි. තමන්ගේ බලාපොරොත්තු ඉටු කර ගැනීම වෙනුවෙන් නිවැරදි මාවත හඳුනාගනිමින් සාර්ථකත්වයට පත් එවන් චරිත සමාජයේ ඕනෑ තරම් දැක් ගත හැකිය. වයස අවුරුදු 33ක මවක මෙන්ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන්නියක් වන දිනූෂා තමන්ගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමේ නිවැරදි මාවත හඳුනාගත් එවන් එක් සුවිශේෂී චරිතයකි. සිය 14 හැවිරිදි ආදරණීය දියණියට වඩා හොඳ ජීවිතයක් මෙන්ම වඩා හොඳ අනාගතයක් උරුම කර දීම වෙනුවෙන් විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් අධිෂ්ඨානශීලී නොසැලෙන ගමනක යෙදුණු ඇය මේ වන විට සාර්ථක ව්‍යවසායිකාවක් බවට පත්ව ඇත්තේ තමන්ගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු කර ගනිමිනි.

ඇයගේ සාර්ථකත්වයේ ගමනට ආශිර්වාදයක් වූයේ කොකා-කෝලා පදනමේ අරමුදල් තුළින් වර්ල්ඩ් විෂන් ලංකා විසින් මෙහෙයවනු ලබන ASPIRE වැඩසටහනයි. දිනූෂා වැනි කාන්තාවන්ට තමන්ගේ සිහින සැබෑ කර ගැනීමේ අවස්ථාව උදා කර දෙන ASPIRE ඔවුන්ගේ ජීවිතයන්හි ධනාත්මක වෙනසක් ඇති කිරීමට සමත්ව ඇත.

ASPIRE සමඟ දිනූෂාගේ ගමනේ ආරම්භය

කසල කළමනාකරණය හා සම්පත් සුරැකිීමේ ක්‍රියාවලියක් සහිත නාගොඩ ප්‍රදේශයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා පත් කළ පුද්ගලයා ඉවත්ව ගිය පසු ලින්ටන් ප්‍රනාන්දු පියතුමා විසින් ASPIRE වැඩසටහන සඳහා දිනූෂා හඳුන්වා දෙන ලදී. ආසන්න වශයෙන් නිවාස 3000ක් පමණ කේන්ද්‍ර කොට ගනිමින් ස්ථාපිතව තිබූ මෙම අපද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථානය දිනූෂාගේ ජීවිතය සුවිසල් පරිවර්තනයකට ලක් කළ අවස්ථාවක් විය. ඇය එතෙක් ජීවිතයේ විඳි දුෂ්කරතාවයන් ජය ගැනීමේ අවස්ථාව ASPIRE වෙතින් ඇයට උදා කර දෙන ලදී.

තමන් ASPIRE සමඟ මෙතෙක් පැමිණි ගමන පිළිබඳව පවසා සිටියේ මේ අයුරිනි. “මගේ සැමියා මීට පෙර ප්ලාස්ටික් අප ද්‍රව්‍ය එකතු කිරීමේ කටයුතු සිදු කළා. ඒ සම්බන්ධයෙන් ඔහුගේ අත්දැකීම් සමඟ මීට අවුරුදු 15කට පෙර මේ ව්‍යාපාරය සමඟ එක්වීමටට මම කටයුතු කළා. මට අවශ්‍ය වුණේ සැමියා සමඟ එක් වෙමින් මේ ව්‍යාපාරය හරහා පවුලේ ආදායමට දායකත්වයක් ලබා දීමටයි. ඒ සඳහා මගේ සැමියාගේ උදව් මට ලැබුණා.” අවුරුදු 15ක ගමන දෙස ආපසු හැරී බැලීමේදී දිනූෂා අත්කරගෙන ඇති ජයග්‍රහණයක් ඉතා විශාලය. දුෂ්කරතා මධ්‍යයේ අද ඇය ස්ථාවර තත්වයකට පත්ව ඇත්තේ ASPIRE හි කැපවීමටද අරුතක් එක් කරමිනි.

සැබෑ වූ යථාර්තය

නාගොඩ අපද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථානය අවට ප්‍රදේශවාසින් විසින් අනවසර ආකාරයෙන් ඊට අපද්‍රව්‍ය බැහැර කිරීමට කටයුතු කිරීම හේතුවෙන් සියලු අපද්‍රව්‍ය එකට මිශ්‍රවීම දිනූෂාට ඉමහත් හිසරදයක් විය. එහෙයින් ඒ වෙනුවෙන් විවිධ ප්‍රජා දැනුවත් කිරීම්, පල්ලියේ පියතුමා මඟින් සිදු කළ දැනුවත් කිරීම් හරහා ජනතාවගේ මෙම පුරුදු වෙනස් කිරීමට දැඩි සටනක නිරත වන්නට ඇයට සිදු විය.

වැඩසටහන ආරම්භයේදී සාමාජිකයින් ලියාපදිංචි කිරීමට මෙන්ම ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය එකතු කිරීමට අසල යාබද ප්‍රදේශයන්හි සංචාරය කිරීමට දිනූෂාට සිදු විය. ආරම්භක මාසයේදී නව සාමාජිකයින් 32ක් බඳවා ගනිමින් එකතු කිරීමේ මධ්‍යස්ථානය හරහා රුපියල් 10,333 ක් උපයා ගැනීමට කටයුතු කළේ PET බෝතල් කිලෝ ග්‍රෑම් 81ක් එකතු කරමිනි. මෙහිදී දිනූෂාට තවත් ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු විය. ඒ සිය දියණිය තමන්ගේ වෘත්තීයෙහි ස්වභාවය හරි හැටි අවබෝධ කර නොගැනීමයි. එහෙත් ඒ හේතුව නිසා ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීම අඛණ්ඩව සිදු කිරීමට දිනූෂා කටයුතු කරන විට ඇගේ දියණිය වූ ෂයිනි තමන් වෙනුවෙන් මව සිදු කරන කැපවීම පිළිබඳව අවබෝධ කර ගැනීම තවත් ශක්තියක් විය. එතැන් සිට ෂයිනි ද දිනූෂාගේ අපද්‍රව්‍ය එකතු කිරීමේ රැකියාවේ ක්‍රියාශීලී දායිකාවක් වූ අතර පවුලේ සමගිය හා අධිෂ්ඨානය තුළින් දිනෙන් දින දියුණුව කරා පිය නගන්නට හැකියාව උදා කර ගන්නා ලදී.

එවන් අභියෝග රැසක් මධ්‍යයේ වුවද මවක් ලෙස දිරියෙන් නැගී සිටි දිනූෂා වෙහෙස නොබලා යථාර්තයට මුහුණ දෙමින් සිටින්නේ දියණියගේත්, පවුලේත් හෙට දවස වෙනුවෙනි. එහිදී අපද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථානය තුළින් අත්පත් කර ගත් සාර්ථකත්වය හේතුවෙන් ඇයට නාගොඩ, වැලිසර සහ කඳාන යන ප්‍රදේශයන්හි ප්ලාස්ටික් එකතු කිරීමේ අවස්ථාවද ඇයට ලැබිණි. එහෙත් ඇයට ඒවා එකතු කිරීමට සිදු වූයේ තම සැමියාගේ එකම අපද්‍රව්‍ය එකතු කිරීමේ කරත්තයෙනි. එහෙත් ඇය තමන්ගේ පවුගේ ආර්ථික දියුණුව වෙනුවෙන් ඊට කැප විය. ඒ නිසාම ASPIRE ව්‍යාපෘතියේ මඟ පෙන්වීම තුළින් රුපියල් 55,000ක් දක්වා පවුලේ ආර්ථිකය ඉහළ නංවා ගැනීමට ඇයට හැකි වූයේ දුප්පත්කම බිඳ හෙලමින් පවුලේ දියුණුවටද අලුත් පියවරක් තබමිනි. වත්තල ASPIRE ව්‍යාපෘතියට සහභාගී වූ ඇයට මූල්‍ය සැලසුම්කරණයේ වැදගත්කම පිළිබඳව බොහෝ දේ දැනගන්නට ලැබීම ඇයගේ ජීවිතයේ තවත් සුවිශේෂී පියවරක් විය. ඒ තූලින් තමන්ගේ ඉතිරි කිරීමේ දුර්වලතකාවයන් අවබෝධ කරගත් දිනූෂා ASPIRE කණ්ඩායමේ මඟ පෙන්වීම අනුව යමින් අනාගතය වෙනුවෙන් ඉතිරි කිරීමටද කටයුතු කළාය.

එතැනින් නොනැවතුණු ඇය තමන්ගේ ව්‍යාපාර දියුණුව වෙනුවෙන් ද ආයෝජනය කිරීමට කටයුතු කරනු ලැබුවේ අපුද්‍රව්‍ය එකතු කිරීමට අවශ්‍ය උපකරණ හා වාහනයක්ද තමන් සතු කර ගනිමින්. මේ සියලු දේ ඇගේ කැපවීමෙහි පමණක් නොව ASPIRE කණ්ඩායමේ සුවිශේෂී මඟ පෙන්වීමෙහි කොටසක් ලෙසද සඳහන් කිරීම ඉතා වැදගත්ය.

දිරියෙන් නැගී සිටින්නට ඇරයුම්

දිනූෂා මෙතෙක් අත්විඳි ජීවිතයට සතුටක්, සැනසුමක් එක් කිරීමට ASPIRE ව්‍යාපෘතියට හැකි වූ අතර එවන් සාර්ථකත්වයක් අත්කර ගැනීමට අනෙකුත් සියලු දෙනාටද අවස්ථාව ලබා දීමට ඔවුන් සූදානමින් සිටියි. කොකා කෝලා පදනම මඟින් අරමුදල් සපයන මෙම ASPIRE ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ වර්ල්ඩි විෂන් ලංකා මඟිනි. මේ වන විට දිනූෂා ව්‍යවසසායිකාවක් ලෙස තවත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන්නියන් 60කට අධික සංඛ්‍යාවක් නගා සිටුවීමට කටයුතු කර ඇත්තේ තිරසාර භාවිතයන් වෙනුවෙන් ඔවුන් ශක්තිමත් කරමිනි. PET ප්ලාස්ටික් එකතු කිරීම සඳහා දිගුකාලීන විසඳුම් සකස් කිරීම, පුහුණුව, අධ්‍යාපනය හා උපකරණ ලබා දීම වෙනුවෙන් මෙම හවුල්කාරී ASPIRE ව්‍යාපෘතිය ඉතා වැදගත් වේ.

දිනූෂාගේ ගමන මෙම ASPIRE ව්‍යාපෘතිය තුළින් සාර්ථකත්වය අත්පත් කර ගත් තවත් එක් සාර්ථකත්වයේ කතාවක් පමණිකි. එවන් කතාවන් රැසක් තමන්ගේ නමින් ලියා ගැනීමේ අවස්ථාව සෑම කෙනෙකුටම ඇත. රාජ්‍ය හා පෞද්ගලික ආයතනික සබැඳියාවක් මත ශක්තිය සපයන ASPIRE ව්‍යාපෘතිය තුළින් දිනූෂා වැනි දිරිය කාන්තාවන්ට දුප්පත්කමින් මිදී වඩා පොහොසත්, තිරසාර හෙට දවසක් උදා කර දීමට මඟ කියනු නිසැකය.

එහෙයින් දිනූෂා මෙන් ඔබටද ඔබේත්, පවුගේත් හෙට දවස වෙනුවෙන් යම් කැප කිරීමක් කළ හැකි නම් ASPIRE ඊට අවශ්‍ය ශක්තිය සපයමින් ඔබේ දියුණුවේ මාවත විවර කර දෙනු ඇත.

3 Comments

  • Thank you for the auspicious writeup. It in fact was a amusement account it. Look advanced to far added agreeable from you! However, how can we communicate?

  • Eryaman diyetisyenleri, sağlıklı beslenme alışkanlıkları geliştirmek ve kilo kontrolü sağlamak isteyen bireyler için önemli bir kaynak oluşturmaktadır.

  • Viyana Teknik Üniversitesi, mühendislik, bilgi teknolojisi, doğa bilimleri ve daha birçok alanda sunduğu geniş kapsamlı programlarla dikkat çeker.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *