ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ Coca-Cola හි මුල් පුටුවට මාරියෝ පෙරේරා පත් වෙයි
ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ප්‍රධානියා ලෙස මාරියෝ පෙරේරා මහතා පත්කළ බව කොකා-කෝලා සමාගම පසුගියදා නිවේදනය කළේය. ආහාර පාන ක්ෂේත්‍රය තුළ වසර 14කට වැඩි පළපුරුද්දක් සහිත මාරියෝ රටවල් රැසක ගෝලීය වෙළෙඳ නාම සමඟ කටයුතු කරමින් කලාපීය හා ගෝලීය වශයෙන් සුවිශේෂී අත්දැකීම් මෙන්ම පළපුරුද්දක් හිමි
මොරටුව නව ප්‍රදර්ශනාගාරය සහ BYD SEALION 5 හඳුන්වා දෙමින් BYD සහ John Keells CG Auto මෙරට මෙහෙයුම් තවදුරටත් පුළුල් කරයි
ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEV) නිෂ්පාදකයා වන BYD සහ එහි මෙරට බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto සමඟ එක්ව, එකම දිනකදී ඔවුන්ගේ හයවන ප්‍රදර්ශනාගාරය මොරටුවේදී විවෘත කිරීම සහ Plug-in Hybrid SUV මෝටර් රථයක් වන BYD SEALION 5 නිල වශයෙන් හඳුන්වා
තරුෂි කරුණාරත්න කොමර්ෂල් බැංකුවේ සන්නාම තානාපතිනිය ලෙස එක්වෙයි
ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තර තලයෙහි ඔසවා තැබූ රන් පදක්කම්ලාභී ධාවන ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න කොමර්ෂල් බැංකුවේ සන්නාම තානාපතිවරියක් ලෙස පත්කර ඇත. කොමර්ෂල් බැංකුවේ වඩාත් ම ජනප්‍රිය හා පහසු ම ඩිජිටල් බැංකුකරණ විසඳුම වන කොම්බෑන්ක් ඩිජිටල් යෙදවුම තරුෂි කරුණාරත්න විසින් නියෝජනය කරනු ඇත. ශ්‍රී ලංකාවේ
උඩවලව Doola River Edge සංචාරක රැකියා ප්‍රදර්ශනයට එක් වෙමින් මෙරට ශ්‍රම බලකාය ශක්තිමත් කරයි
ලෝක සංචාරක දිනය 2025 වෙනුවෙන් පැවැත්වුණු ශ්‍රී ලංකා සංචාරක රැකියා සහ වෘත්තීය ප්‍රදර්ශනය One Galle Faceහිදී සාර්ථකව අවසන් විය. සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා පිළිබඳව උනන්දුවක් දක්වන සිසුන්, උපාධිධාරීන්, වෘත්තිකයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එය පැවැත්විණි. මෙරට ප්‍රමුඛ ආගන්තුක සත්කාර සන්නාමයක්
John Keells CG Auto (JKCG) සුඛෝපභෝගී DENZA විදුලි වාහනය ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි
ශ්‍රී ලංකාවේ තිරසාර ගමනාගමනයේ ප්‍රමුඛයා මෙන්ම දශකයකට අධික කාලයක් පුරාවට නව තාක්ෂණයෙන් සහ විශිෂ්ටත්වයෙන් යුතු සුඛෝපභෝගී විදුලි වාහන සන්නාමයක් වන DENZA මෝටර් රථ සඳහා මෙරට බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto, DENZA සන්නාමය ඉදිරියේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට නියමිතය. ඒ අනුව
HNB සහ Plantchem හවුල්කාරීත්වයෙන් Lovol ට්‍රැක්ටර්ස් සඳහා ආකර්ෂණීය ලීසිං විසඳුම්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා Plantchem පුද්ගලික සමාගම සමඟ හවුල්කාරීත්වයකට එළඹුණේය. Lovol ට්‍රැක්ටර් සඳහා ආකර්ණීය ලීසිං විසඳුම් හරහා කෘෂි යන්ත්‍රෝපකරණ භාවිතය ප්‍රවර්ධනය කිරීම මෙම හවුල්කාරීත්වයේ අරමුණයි. කෘෂිකර්මාන්තය මෙරට සංවර්ධනයේ වැදගත් කොටසක් වන බැවින්, මෙම හවුල්කාරීත්වය මගින් ගොවීන්ට
හරිතාගාර වායු විමෝචනය වාර්තාකරණය වෙනුවෙන් සියැට් කැලණි සමාගම ISO 14064-1:2018 සහතිකය ලබාගනී
තිරසාර වර්ධනය හා වගකිවයුතු නිෂ්පාදනය වෙනුවෙන් සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගමේ අඛණ්ඩ කැපවීමෙහි විශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් හරිතාගාර වායු (GHG) විමෝචනය ප්‍රමාණනය කිරීම, වාර්තා කිරීම හා ඉවත්කිරීම වෙනුවෙන් එම සමාගම ISO 14064-1:2018 සහතිකය ලබාගෙන ඇත. කොන්ට්‍රෝල් යූනියන් ඉන්ස්පෙක්ෂන්ස් සමාගම විසින් පවත්වන ලද ස්වාධීන තෙවන
Thimark Technocreations කෙන්යාවේ National Power Company (KenGen) සමග ව්‍යාපෘති ගිවිසුමකට
ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය ලැබූ Thimark Technocreations පෞද්ගලික සමාගම කෙන්යාවේ National Power Company (KenGen) සමග අමෙරිකානු ඩොලර් 156,000ක ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් ගත වේ. මෙය ශ්‍රී ලාංකික ඉංජිනේරු සේවා සැපැයුම් ක්ෂේත්‍රයේ සුවිශේෂ සන්ධිස්ථානයකි. මේ යටතේ Thimark Technocreations සමාගම KenGen සමාගම වෙනුවෙන් KILGHARRAH 600
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්, ලෝක ළමා දිනය දා ප්‍රථම වරට ‘මම ආරක්‍ෂිත රියදුරෙක්’ යන තේමාව රැගෙන මාර්ග ආරක්ෂණය සඳහා වූ ජාතික කර්තව්‍යකට මුලපුරයි
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් විසින්, ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් රියදුරන් දැනුම්වත් කිරීම සඳහා ‘මම ආරක්‍ෂිත රියදුරෙක්’ යන තේමාව යටතේ ප්‍රථම වරට, ජාතික මට්ටමේ දීපව්‍යාප්ත වැඩසටහනක් පවත්වනු ලැබීය. ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන, ළමුන් සඳහා වන මාර්ග ආරක්ෂණය
‘The Routes we Take’ තවත් අදියරක් මඩකළපුවේ දී සාර්ථකව නිම වෙයි. අවසාන අදියර අහංගම දී
යුරෝපා සංගමයේ සංස්කෘතිය සඳහාවන ජාතික ආයතනයේ (EUNIC) ප්‍රමුඛත ම වැඩසටහනක්වන The Routes We Take, සැප්තැම්බර් මස 12 සහ 13 දෙදින පුරා මඩකළපුවේ Dreamspace Academy හිදී සාර්ථකව පැවැත්විණි. EUNIC යනු, යුරෝපයේ සියලුම රටවල සහ සහාය රටවල සාමාජිකයින් 36 දෙනකුගෙන් සහ Good Life X සම්බන්ධ

