පුවත්

SLT-MOBITEL Enterprise ‘Data One’ – ක්ෂුද්‍ර , කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට කදිම බ්‍රෝඩ්බෑන්ඩ්  විසඳුමක්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL හි ආයතනික විසඳුම් අංශය වන SLT-MOBITEL Enterprise, මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් ‘Data One’ නමින් නවතම බ්‍රෝඩ්බෑන්ඩ් විසඳුමක් හඳුන්වා දී තිබේ. මෙය අදාළ ව්‍යාපාරහි  සියලුම ශාඛාවන් සම්බන්ධ කරන විශ්වාසනීය Single bulk broadband විසඳුමකි. මෙමඟින්  එම ව්‍යාපාරවලට තම ප්‍රධාන කාර්යාලය හා ශාඛාවන් අතර සුරක්ෂිත හා විශ්වාසනීය තොරතුරු තාක්ෂණික සම්බන්ධතාවක් පවත්වාගැනීමේ පහසුකම සැලසෙයි.

‘Anytime data’ දීමනා මෙන්ම දත්ත භාවිතය, කළමනාකරණය කිරීම, නිරීක්ෂණය කිරීම සහ ශාඛාවලට දත්ත වෙන්කිරීම සඳහා වෙනම ද්වාරයක් හිමිවීම වැනි ප්‍රතිලාභ රැසක් Data One මගින් ව්‍යාපාරවලට හිමි වේ. ව්‍යාපාරයේ අවශ්‍යතාව අනුව, සම්මත මිලගණන් යටතේ අතිරේක දත්ත ලබාගත හැකි අතර, සම්මත ගාස්තු යටතේ Static IP ද ලබාගත හැක.

ව්‍යාපාරවල ස්වභාවය අනුව SLT-MOBITEL විසින් New-born, Start-up, Grow, Explore, Energized, Redefine, Astonish සහ Enterprise වශයෙන් Data One ග්‍රාහකත්ව පැකේජ කිහිපයක් හඳුන්වා දී ඇත. මෙම පැකේජවලට හිමි දත්ත ප්‍රමාණය ගිගාබයිට් (GB) 100 සිට 5,000 දක්වා පරාසයක විහිදී ඇති අතර, මිලගණන් රු. 4,500/= සිට රු, 165,000/= දක්වා පරාසයක පවතී. ශාඛා 4 ත් 40 ත් අතර ප්‍රමාණයක් පවතින ව්‍යාපාරවලට මෙම පැකේජ භාවිතා කළ හැකි අතර, එක් ශාඛාවක් සඳහා Data One මාසික ගාස්තුව රු.100/= ක් පමණි.

Related posts
පුවත්

සූර්යා හඳුන්කූරු ගුත්තිල සිනමා පටය සමග අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ කාගේත් විශ්වාසය හා ආදරය…
Read more
පුවත්

‘ඇය සුරකින AIA’ මිලියන භාගයකට අධික කාන්තාවන් පිරිසක් සවිබල ගන්වමින් පළමු සංවත්සරය සමරයි!

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, IFC-DFAT Women In Work…
Read more
පුවත්

SME අංශයට සහාය වීමට සහ සුවිශේෂී ලීසිං පහසුකම් ලබා දීම හරහා ස්වයං රැකියා අවස්ථාවන් සැපයීමට HNB, Lanka Ashok Leyland සමඟ එක් වෙයි

පාරිභෝගිකයින්ට ලංකා අශෝක් ලේලන්ඞ්…
Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *